ඊයේ සවස වාර්තා වුන උණුසුම් පුවත වූයේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පොලීසියේ අත් අඩංගුවට පත් වීමේ පුවතයි. ඒ සමගම ගාළු මුවදොර අරගලකරුවන් වෙත පොලීසිය නිවේදනය කරන ලද්දේ එහි තනා ඇති කූඩාරමි ඉවත් කරගන්නා ලෙසය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය මැයි මස 28 වන දින ලංකා බැංකු මාවතේ විරෝධතාවයකදී අධිකරණ නියෝග නොතකා උල්ලංඝනය කරමින් කටයුතු කරන ලදැයි කියවෙන චෝදනාවකටය.
මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදීද ජෝෂප් ස්ටාලින් පාර්ලිමේන්තුවේදී අත්අඩංගුවට ගන්නා ලද අතර එම අත් අඩංගුවට ගැනීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කළ පණ්ඩක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ලද්දේ ජෝෂප් ස්ටාලින් කියන්නේ ජාත්‍යන්තරය දන්නා වෘත්තීය සමිති නායකයෙකු බවත් ඔහු අත් අඩංගුවට ගැනීම නිසා මෙරටට ජීඑස්පී සහනය පවා නැති විය හැකියැයි කියාය.
වර්තමානයේ මෙරට විධායක ජනපතිවරයා එදා එසේ ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහය. අද ජෝෂප් ස්ටාලින් අත් අඩංගුවට ගන්නේ ඔහුගේ උපදෙස් මත බව ඔහු ජනපතිවරයා බවට පත් වීමෙන් පසුව දිගින් දිගටම සිදු වන අත්අඩංගුවට ගැනීම් වලින් තහවුරු වේ. මේ වන විට මිල්ටෙරි නන්දසේන මෙරට ජනපති තනතුරෙන් එළවා දැමීමට කටයුතු කළ ගාළු මුවදොර අරගලයට සම්බන්ධ වූ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් පොලීසියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ගාලුමුවදොර අරගලකරුවන් පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ පසුගියදා ගාළු මුවදොර නින්දිත ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ සාහසික ක්‍රියාවට එරෙහිව කිසිදු නෛතික ක්‍රියා මාර්ගයක් ගැනීම අතපසු කරමිනි. එය කෙතරම් බරපතල අනීතික තත්වයක්ද යන්න තහවුරු වන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු බස්නාහිර පලාතෙන් ඉවත් වන කරන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිට ලබා දුන් උපදෙස් පවා නොතකමිනි.
ඒ අතරේම අගෝස්තු 9 වන දා කොළඹ කේන්ද්‍රීය කර ගනිමින් ඇරඹීමට නියමිත රනිල් වික්‍රමසිංහ විරෝධී අරගලයෙන් පසුව විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක්ම තහනම් කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඇතිිබවද වාර්තා වේ. මේ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුනරත්න විමසා ඇති බවද අපට අනාවරණය විය.
මේ වන විට පොලීස් අත්අඩංගුවට ගත යුතු දේශපාලන ක්‍රියාකාරිකයන් තුන්සිය දෙනෙකුගේ ලැයිස්තුවක් සකස් කර තිබේ. ඒ ලේඛනයේ අරගලය පිළිබඳව මාධ්‍ය ආවරණය කළ මාධ්‍යවේදීන් පිරිසකගේ නම් පවා සඳහන්ව ඇති බව දැන ගැන්මට තිබේ. දැනටමත් ගාලු මුවදොර අරගලභූමියේ සිටි තරුණ මාධ්‍යවේදීයකු වූ තරිදු උඩුවරගෙදර අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ගෙන ඇති බව වාර්තා වේ
රනිල්ගේ බටලන්ද හිට්ලර් ආණ්ඩුවට සෘජුවම සහයෝගය දක්වමින් හිරු හා දෙරණ හා ස්වර්නවාහිනී වැනි ආයතනද දිවයින වැනි කසිකබල් පුවත්පත්ද ගාලු මුවදොර අරගල කරුවන් ත්‍රස්තවාදීන් ලෙස හුවා දක්වන ආකාරයට අතේ පැලවෙන අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් සිටී. උදෑසන පුවත්පත් සිරස්තල ප්‍රචාරය කරන හිරු දෙරණ හා ස්වර්ණවාහීනී ආයතනවල මාධ්‍යකරුවන් ඒ අසික්කිත ක්‍රියා දාමයට නැඹුරු වී ඇත්තේ කිසිම හිරිකිතයකින් තොරවමය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමට හිටිලර් පන්නයේ භීෂණයක් මුදා හැරීමට කටයුතු කරමින් තිබේ. සැබැවින්ම මෙම ඒකාධිපති මර්දනය පිටුපස සිටින්නේ රාජපක්ෂ මැරවරයන් බව පැහැදිලිය.
පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න හා ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සලේ කැඳවා තිබුණි. මේ දෙදෙනාම රාජපක්ෂ හොරුන්ගේ මුර බල්ලන්ය. ඔවුන් තුළ දැන් ඇත්තේ ඔවුන්ගේ මිල්ටෙරි වෘත්තිමය අභිමානයට අභියෝග කළ තරුණ අරගල කරුවන් සම්බන්ධයෙන් දැඩි වෛරයක් බව පැහැදිලිය. එම වෛරය ජනපතිවරයාගේ විධායක බලය හරහා එම තරුණයන්ගෙන් අනීතිකව පලි ගැනීම දක්වා ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. පොදුජන පෙරමුණට සම්බන්ධ රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන්ද මේ වෛරී සහගත පලිගැනීමේ කොටස් කරුවන් වී සිටී.
විධායක ජනපතිවරයා බටලන්ද පන්නයේ මෙලෙච්ඡ වටපිටාවක් මුදා හැර බලය පවත්වාගෙන යාමට හැකි වෙනු ඇතැයි සිතා සිටී. එහෙත් දැන් වෘත්තීය සමිති නායකයන් පවා අත් අඩංගුවට ගනිමින් සිදු කරන මේ මර්දනය බරපතල සමාජ ආරවුලක් බවට පත් වෙන බව නමි නිසැකය. සර්ව පාක්ෂික ඇටවුමක් නිර්මාණය කරමින් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ද ඒ හා සම්බන්ධ කරගනිමින් ජනපතිවරයා මුදා හරිමින් පවතින අනීතික මෙලේච්ඡ සාහසිකත්වය තව දුරටත් මෙරට සමාජය නොඉවසන බව නම් සහතිකය. රී ලෝඩ් සිස්ටම් ක්‍රමයට ඉන්ධන හා ගෑස් සපයා දීමෙන් සමාජය තුළ පවතින නොසන්සුන් බව සමනය කරන්නට හැකි වෙනු ඇතැයි පාර්ලිමේන්තු බලය පවතින පොදු ජන පෙරමුණේ විශ්වාසයයි.
කෙසේ වෙතත් අපට ආරංචි වී ඇති හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදුජන පෙරමුණ තුළ තැනින් තැන රහස් සාකච්ඡා මතුවෙමින් තිබේ. ඒ ජනපතිවරයාගේ පත් කිරීම් සම්බන්ධයෙනි. ජනපති රනිල් වික්‍රමසිංහගේ හිට්ලර් පන්නයේ ක්‍රියාකාරිත්වය නොරුස්සන පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු දැන් දැන් සාකච්ඡා කරමින් සිටින්නේ මේ බටලන්දේ මිනීමරුවා කනින් ඇද පයින් ගසා එළියට දමා අළුත් නායකයකු පත් කර ගැනීම පිළිබඳවය.
මෙරට දේශපාලනයේ හෙට දවස අවිනිශ්චිතය. සැප්තැම්බර් මාසයේ ජිනීවා සමුළුව පැවැත්වේ. එහිදී මෙරට පවතින රාජ්‍ය මර්ධනය විශේෂ මාතෘකාවක් ලෙස සාකච්ඡාවට ගැනෙන බව ස්ථිරය. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා හවුල මෙරට ආණ්ඩුවේ හිට්ලර් පන්නයේ දරදඬු පාලනය ගැන ඉන්නේ දැඩි කළකිරීමකිනි. ජීඑස්පී සහනය මේ වතාවේ කප්පාදු වන බව නිසැකය.
රාජපක්ෂවාදීන්ගේ සැලසුම තුල පවතින්නේ රනිල් වික්‍රමසිංහ චීන මකරාට බිලි දෙමින් වැඩේ ගොඩ දාගන්නටය. ඉන්දියාව දැනටමත් රනිල් වික්‍රමසිංහ ජනපති වරයා ගැන සිටින්නේ නොසතුටිනි.
ජපානයද කළකිරීමෙනි. මෑතකදී ජපානයේ තායිපේ සමාගමින් නිමල් සිරිපාල අමාත්‍යය වරයා අල්ලස් ඉල්ලා ඇති බවට මෙරට ජපන් තානාපතිවරයා මිල්ටෙරි නන්දසේනට කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවක් පත් කළ අතර එහි ප්‍රධානත්වය පවරන ලද්දේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වූ සරෝජනී කුසලා වීරවර්දනටය. මේ විශ්‍රාමික විනිසුරුවරිය රාජපක්ෂ වලව්වේ යහන්ගත ගණිකාවක් මට්ටමේ තැනැත්තියකි. එහි අනෙක් සාමාජිකයකු වූ හිටපු පරිපාලන නිළධාරියකු වූ පෙරේරා නැමැත්තාද අන්ත දූෂිතයෙකි. මෙම සිද්ධියේ හොඳම විහිළුව වන්නේ ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවේ වාර්තාව ලැබෙන තුරු වරාය හා ගුවන් තොටුපොළ අමාත්‍ය ධූරයට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කිසිවෙකු පත් නොකරන ලදී. එම අමාත්‍ය ධුරය එතෙක් දරන ලද්දේ අල්ලස් චෝදනාවට ලක් වූ නිමල් සිරිපාලද සිල්වා වීම විශේෂයෙන් සඳහන් කළ යුතුමය.
මෛත්‍රිගේ ආරක්ෂකයා වු පොලොන්නරුවේ මහ ගොවියාගේ පුතා වු එස්.එම්. වික්‍රමසිංහ නැමති මැදමුලන පිං බතා නමින් පොලිස් නිලධාරින් හදුන්වන ඔහුද සිරිපාලව දඩු කදේ ගසීමට සිටි කොමිසමේ එකෙකි.
කෙසේ වෙතත් ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවෙි වාර්තාව එනතුරු ප්‍රශ්ණය මතුවූ අමාත්‍ය තනතුරට කිසිවෙකු පත් නොකිරීමත් එම අමාත්‍ය තනතුර නැවත නිමල් සිරිපාලට ලබා දීමත් අතර පවතින සහ සම්බන්ධය විමසන විට එම සිදුවීම සැකයක් ඇතිවෙන කාරණයක් වී හමාරය. ඒ සැකය ජපන් රජයටද තිබෙන්නට නුපුළුවන. හිට්ලර් රනිල් වික්‍රමසිංහ හා රාජපක්ෂ තක්කඩියන් හිතාගෙන ඉන්නවා ඇත්තේ මෙරට ගොබ්බ ජනතාව මෝඩයන් විදියට අන්දන ආකාරයටම ජපානයද අන්දන්නට පුළුවන් බවය. මෙම ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව මෙරට ජපන් තානාපතිවරිය සිදු කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් බව කියා තිබේ. ජපානය මේ තීන්දුව පිළිගනු ඇතැයි අපි කිසිසේත්ම විශ්වාස නොකරමු. මේ සිදුවීම නිසා හිමිවන සියළු අනිසි ප්‍රතිලාභ හෙට අනිද්දා වන විට ජපානයෙන් වික්‍රමසිංහ ආණ්ඩුවට ලැබෙන බව නම් නිසැකය.
මර්දනය රට පුරා ඉතා බිහිසුණු ආකාරයෙන් වපුරා බලය ආරක්ෂා කර ගැනීමට රනිල් වික්‍රමසිංහ හා රාජපක්ෂ වරුන් මුදා හරිමින් තිබෙන තක්කඩි වැඩ පිළිවෙල මෙරට වෘත්තීය සමිති ශිෂ්‍ය ව්‍යාපාර හා ඇතැම් පක්ෂ අනුමත නොකරන බව ස්ථිරය. අපට කිව හැක්කේ මෙරට මහ පොළොව මහා ගිණි ජාලාවකින් ඇවිලෙන්නට ආසන්න බව පමණය. ජනතාව වන අප කල යුත්තේ ඉන්දියාව‚ ඇමරිකාව‚ ජපානය යන රටවල් සමඟ එක් වී රට චීනාට බිලිදෙමින් සිටින පණ්ඩක රනිල්ව එලවා දැමීම සඳහා සංවිධානය වීමයි.