දේශපාලනය පිලිබදව මුහුකුරාගිය ආසියාවේ ෆොක්ස් ලෙසට දේශපාලන විචාරකයන් හදුන්වන්නේ රනිල්වය. රටේ ජනතාව ගෝඨාභය එලවීමට පාරට බැස රට පුරාම රාජපක්ෂලාව එලවිය යුතුයි කියා අරගලයට මුල පුරා රටම ගිනිහම් වී රත් වීමේ වාසිය දැක වහාම තමන්ගේ ඉදිරි පියවර තැබුවේය.
ඒ රටේ ජනතාව පිලිබදව නොව රාජපක්ෂලාගේ ආරක්ෂකයා බව රාජපක්ෂලාට අගවාද …..? ජනතාවගේ එකම ගැලවුම්කරු තමාම පමනක් බව ජනතාවට අගවාද …? තම අර්මුණට ගියේය. දැන් බැලු බැල්මටම රනිල් ජනතාවගෙන් ඈත්ව රාජපක්ෂලාට තල්ලු වී හමාරය. එදා අප්‍රසිද්ධියේ රාජපක්ෂලා වෙනුවෙන් පෙනි සිටීමට සිදු වු රනිල්ට අද තමාගේ ජනාධිපතිකමෙන් වැඩි පන්ගුවක් රාජපක්ෂලා වෙනුවෙන්ම වැය කිරීමටත් ඊට සම්ස්ථ ජාතියේම දෝහිකමකට ලක් වීමට සිදු වීමත් එක්තරා ආකාරයකින් දෛවයේ සරදමකි.
කොහොම උනත් රනිල් පිලිබදව් බොහෝදෙනා දැඩි විශ්වාසයක් නැතුවා නොවේ. එ රනිල්ගේ ආණ්ඩුකාලේ සිදුකල දේශපාලනික, සාමාජීය හා ආර්ථික වෙනස් කම් නිසාය රවිලා, මංගලලා මුදල් ඇමතිලා කාලයේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම වැනි දේ සිදුකලත් රනිල් මහබැංකුව කැඩුව හොරා බව රාජපක්ෂ ජුන්ටාවමය.
ඒ ඔවුනටම අද රනිල්ගේ සරණ පැතීමට සිදුව තිබේ එක්තරා ආකාරයක මහින්දලාගේ දෛවයේ සරදමකි. ඒත් රනිල් පිලිබදව දැන් රටේ සමස්ථ ජනතාවගෙන් බහුතරයකටත් වඩා වැඩි ප්‍රමානයකට ඇත්තේ මොහු රාජපක්ෂලාගේ එකම ගැලවුම් කරු වී ඇති බවයි. කොහොම උනත් අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත් රනිල් රටේ ජනතාව ගිනිහම් වෙන තුරු බලා සිටින ගැලවුමකරු වී ඇති බවයි. කොහොම උනත් රටේ ජනතාවට කන්න නැතිව, ලයිට් නැතිව, බෙහෙත් නැතුව, තම ආදරණීයන් පාරේ මැරෙන් විට රටම ගිනිහන් වුනා ඒකේ ප්‍රයෝජනය දැක රනිල් රටේ ජනාධිපතිකම ගත්තේ ඔහුගේ දේශපාලන් මුහුකුරා යාම නිසාය.
ඒත් ඔහුගේ පරමාර්තය රටත් ජනතාවත් සුවපත් කිරීම නම් නොවන බව සහතිකය. ඒ අද ඔහු ගේ කතාවෙන් හා කෙරුවාවෙන් පැහදිලිය. හෙටත් එයම සිදු වීම තවත් ඉඩ වැඩීය. රට ගිනිගත් වෙලාවේ රනිල් පුච්චාගත් රොටිය නම් ඉදිරි වසර දෙක හමාරම හප හපා ඉන්න නම් බැරි බව මහපොලවේ සත්‍යයි.