කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තිලිණ ගමගේය. මේ තිලිණ ගමගේ වෙනින් කවුරුවත් නොවේ. බලපත්‍ර නැති අලි පැටවකු නීති විරෝධීව ලඟ තබා ගත් තිලිණ ගමගේය. එහෙමත් නැතිනම් කොළඹ කැසිනෝ ශාලාවකදී එහි සිටි සාමාජිකයෙකුගේ ඔළුවට පිස්තෝලය තබා තර්ජනය කළ ගණන්කාර තක්කඩියාය. මෙරට පවතින නීතියට කොකා පෙන්වූ මෙවැනි මදාවියකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වීම නීතියේ සාධාරණත්වය කවර හැඩයක් ගන්නේද යන්න තේරුම් ගත යුත්තේ නීතිඥ සංගමයයි.
ඒ මන්දයත් මෙවැනි මදාවියකුට එරෙහිව සාමාන්‍ය පුරවැසියකු කටයුතු කළහොත් අධිකරණයට අපහාස කරන ලදැයි ඒ පුරවැසියාට වැලිකඩ ජම්පරය අඳින්නට සිදු වන නිසාය. මේ රටේ ස්වාධීන යැයි කියා ගන්නා අධිකරණ කොමිසමක් තිබේ. එහෙත් ඒ කොමිෂමේ ස්වධීනත්වය ඇත්තේ රාජපක්ෂ සනුහරයේ යහපත සඳහා මිස මෙරට පුරවැසියන්ගේ පොදු ආරක්ෂව සඳහා නොවන බව ජරාජීර්ණ වී ඇති අධිකරණ පද්ධතිය හා එහි කෙරුවාව ගැන දන්නා අයට තේරුම් ගත හැකිය.
අධිකරණ කොමිෂමේ මෙම සාමාජිකයන් පොදු ජන පෙරමුණු දේශපාලඥයන්ගේ ගෙවල් පිලිකණු වලං හෝදන උන්ය. ඒ දේශපාලඥයන්ගේ යට ඇදුම් හෝදන උන්ය. බල්ලන් නාවා මැක්කන් කඩන උන්ය. කොඳු නාරටියක් නැති මොවුන්ට ලැජ්ජාවක් බයක් කියා ගෑවිලාවත් නැතිය.
තිලිණ ගමගේ වැනි මදාවියන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස සිය දේශපාලන න්‍යාය පත්‍රයට ගැට ගැසී ඒ පාක්ෂිකත්වයේ සුභ සිද්ධිය තකා තීන්දු තීරණ දෙමින් සිටින්නේ ඊනියා ස්වාධීන අධිකරණ කොමිෂමේ තක්කඩි ආනුභාවයෙනි.
මේ තිලිණ ගමගේගේ පුද්ගලිකත්වය විමසන විටත් මොහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස රාජකාරි කිරීම හරියට අගමැති දිනේශ් ගුණවර්ධන අධිකරණයේ නඩු අහනවා වාගේය. අප එසේ කියන්නේ තිලිණ ගමගේ යනු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ දේශපාලනයේ කාබන් පිටපතක් නිසාය. ජනපති මහින්ද රාජපක්ෂගේ කාලයේ නාගරික සංවර්ධන ඇමති දිනේෂ් ගණවර්ධන යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූයේ මේ තිලිණ ගමගේය.
එපමනක්ද නොවේ. තිලිණ ගමගේ සහෝදරයා වූ සුගීෂ්වර ගමගේ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂය නියෝජනය කරමින් මහරගම නගර සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයාය.
මෙවැනි දේශපාලනික සබැඳියාවන් ඇති හා විෂමාචාර ගති පැවතුම් වලින් යුක්ත තිලිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කිරීම ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වන ඕනෑම පාර්ශවයකට දෙවියන්ගේ පිහිට පමනක් අත්වන කාරණයක් වන බව අප විපක්ෂයේ දේශපාලඥයන්ට සිහිපත් කරන්නට කැමතිය. එබැවින් අප විධිමත්ව සංවිධානය වීම අත්‍යාවශ්‍ය වේ