• Latest
  • Trending
Ranil-Senadhipathi

පණ්ඩක රනිල් රටට කෝටි ගනනක් අහිමි කරමින් නැවතත් පාවෙන අවි ගබඩාව ඇවන්ගාඩ් හොරාට දෙයි

July 26, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Friday, March 17, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Corruption

පණ්ඩක රනිල් රටට කෝටි ගනනක් අහිමි කරමින් නැවතත් පාවෙන අවි ගබඩාව ඇවන්ගාඩ් හොරාට දෙයි

by admin
July 26, 2022
in Corruption, Local News, Political
0
Ranil-Senadhipathi
196
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ශ්‍රි ලංකා නාවික හමුදාව, නඩු කියාගෙන, මෙතක් කල් බොහොම අමාරුවෙන් රැකගෙන ආ සී මාෂල් ලට අවි ආයුධ දීම සම්බන්ධයෙන් වන සියලු බලතල නැවතත් පාවෙන අවි ගබඩා මාර්ගයෙන් පුද්ගලික සමාගමක් වන ඇවන්ගාඩ් වෙතට ලබා දීමට වජිර අබේවර්ධන මේ වෙනකොට සියල්ලම සුදානම් කොට අවසන්ය. එදා ගෝඨාභය ළඟට රනිල්ව එක්කන් ගියේ නිස්සංක හා වජිරය. ඒ මෙන්න මේ කොන්ත්‍රාත්තුව තමනට දෙන බවට රනිල් ලවා සහතික කර ගැනීමෙන් පසුවය.

එය ඒ තරම් හොද කර්තව්‍යයක් වෙන්නෙ නෑ. ඒවා ඔක්කොම ස්වයංක්‍රීය ගිනි අවි. ගිනි අවි ආඥා පනත අනුව ස්වයංක්‍රීය ගිනි අවි කළමනාකරණය සහ පරිපාලනයට වෙනමම නිර්නායකයන් තියෙනව. නාවික හමුදාව කටයුතු කරන්නේ ඒවාට අනුකූලව. ඊට අමතරව නාවික හමුදාව සෑම සෙනසුරාදාවකම තමන් සතු සියලුම ගිනි අවි සහ පතොරම් පරීක්ෂා කර වාර්තාවක් නාවික හමුදාපතිට යවනවා.

මේක කරළියට පැමිණුනේ, 2015 ඡන්දය දවස් වල සැකයක් ආවා මේ ගිනි අවි අනීතික විදිහට පාවිච්චි කලා කියලා. ඒ නිසා අපි වඩාත් අවධානයෙන් ඉන්න ඕන අපි ජාතික ආරක්ෂාව ගැන හිතනවනම්. මේ පාවෙන අවි ගබඩාවෙන් රටට අහිමි වෙන ඇමරිකානු ඩොලර් ප්‍රමානය වසරකට ලංකාවට ඉන්ධන ලබාගැනීමට යන මුදලට සමාන බව අප හා පැවසුවේ නාවික හමුදාවේ ඉහලම තලයේ විශිෂ්ඨයෙක්. ඒ සියල්ලම රටට හෙලිකලේ 2015 හිටපු නාවික හමුදාපති ට්‍රැවෙන්සි සින්න්යියාය. ඒත් එදා ඔහුව නාවික හමුදාපතිකමින් එලවා දැම්මේ මෛත්‍රිපාලගේ කොන්ත්‍රාත්තුවට ට්‍රැවෙන්සි සිංන්යියා නොනැමුණ නිසාය.

රජයට අනුබද්ධ රක්නා ලංකා එකත් පටලවා ගෙන අවි ආයුධ ටික පාවෙන අවි ගබඩාවකට දාලා හිතු මනාපෙට මේ මෙහෙයුම කරගෙන ඒ ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම මේ ඇවන්ගාඩ් සමාගම ඩැහැගත්ත එක තමයි එදා ඉදන් කරන් ආවේ. එදා රනිල්ම හිරේ දාපු නිස්සංක ලවා ජනාධිපතිකම අරගෙන රටේ සමස්ථ ආදායමෙන් කොටසක් පමණ වටිනා නාවික හමුදාව සතු සීමාස්ටර්ලාට අවි ලබාදීම ඇවන්ගාඩ්ලටම දීම පණ්ඩක රනිල්ගේ දැන් එකම උත්සහායයි.

මේක නාවික හමුදාවට (රජයට ) විශාල ආදායමක් ගෙන දුන්න ක්‍රමවේදයක්. මොකද මේ අවි ආරක්ෂක ගබඩාව හැමෝටම කරන්න බැහැ. අපි හිතන්නෙ නෑ නාවික හමුදාව තරම් සාර්ථකව වෙන කවුරුත් ඒක කරයි කියලා. නමුත් දැන් තියන ක්‍රමවේද අනුව මෙතෙක් කරගෙන ආපු කටයුත්ත නැවත ඇවන්ගාඩ් සමාගමේ නිස්සංක සේනාධිපතිට ලබා දෙනවා යැයි කියන්නෙ මේක අමාරුවෙන් රැකගෙන ආපු ශ්‍රිලංකා නාවික හමුදාවට සිදු කරන විශාල අගෞරවයක්. අවමානයක්.

අනික මේ සම්බන්ධයෙන් රජය මහජනතාව දැනුවත් කරන්න ඕන. මොකද මේ මගින් අහිමි වන්නේ රජයට මසකට ඩොලර් මිලියන ගනනක්, කවුරුහරි කියනවනම් නාවික හමුදාවට ව්‍යාපාර කරන්න බෑ කියලා ඇත්ත නාවික හමුදාව ඉන්නේ ව්‍යාපාර කරන්නනම් නෙවෙයි.

එහෙනම් යුද්ධ හමුදාව එක, නේවි එක කරන හෝටල් රෙස්ටුරන්ට් මේ ඔක්කොම නවත්තන්න වෙනවා. නාවික හමුදාව කරන්නෙ අවි ගනුදෙනු නෙවෙයි. එයාලා කරන්නෙ අවි ගනුදෙනු අවි ගබඩා කිරීම පමණයි. නීත්‍යානුකූලව ඔවුන්ට ලැබී ඇති බලතල අනුව නියමාකාරයෙන් ඒවා ගබඩා කරනවා. ඒ සදහා යම්කිසි ගෙවීමක් කරනවා නම් රජයේ අනිත් දෙපාර්තමේන්තු ගන්න සියලුම දේවල් නීත්‍යානුකූලද කියලා හොයන්න වෙනවා අනික අවි ගබඩා සදහා නාවික හමුදාවට ඕනතරම් පහසුකම් තියනවා.

මෙතන මේ දාන ලොකුම තර්කය තමයි නාවික හමුදාවට බිස්නස් කරන්න බෑ කියන එක. අපි කලින් පැවසූ පරිදි නාවික හමුදාවට බිස්නස් කරන්න බෑ කියන එකේ සත්‍යතාවයක් යම්කිසි දුරකට තියෙන්න පුළුවන්. එහෙම්නම් ගුවන් හමුදාවට එක හෙලි ටුවස් කරනවා, යුද්ධ හමුදාව කරන හෝටල්, නේවි එක කරන හෝටල් රෙස්ටුරන්ට් මේ සියලු දේම නවතින්න ඕන ව්‍යාපාර කරන්න බෑ කිව්වොත්.

අපි දන්න අයගෙන් අහලා බැලුවා මෙහි නීත්‍යානුකූල තත්ත්වය නාවික හමුදා පනතේ එහෙම කිසිම සදහනක් නෑ. මුදල් ගන්න බෑ කියලා. නාවික හමුදාවෙව් අනාදිමත් කාලයල සිට කිමිදුම් කටයුතු වලට, පිටස්තර අයට සේවා සැපයීමට, මුදල් ගන්න අවසරය ලබාදීලා තිබුණා.

සමහර දුරකතන සමාගම් වලට කුළුණු ගහන්නත් නාවික හමුදාව ඉඩම් බදු දීලා තියෙනව ඒ නිසා නාවික හමුදාවට මේ කටයුතු වල යෙදෙන්න බෑ කියලා බොරු නිර්ණායකයක් හදලා වෙනස් කරන්න හදන්නේ. මේවයින් රටේ ජනතාව ගොනාට අන්දන්න බෑ. රටේ ජනතාවත් දැනුවත්වෙන්න ඕනේ මේ අමූලික බොරුවක් තමයි ගේන්න හදන්නෙ කියලා.

අනිත් එක ගිනි අවි වගේ දේවල් පෞද්ගලික සමාගම් වලට බාරදෙන්න බෑ පාලනය කරන්න. පහුගිය කාලයේ පාවෙන අවි ගබඩා පවත්වන් යන්න දුන්නත් අන්තිමට ඒවට ආරක්ෂාව දුන්නෙත් නාවික හමුදාව. මේ හදන්නෙ රටේ තව තව ප්‍රශ්න ඇතිකරගෙන සංකීර්ණ කරගන්න. දේශපාලන බලයයි අවි ආයුධ බලයයි එකට එකතුවෙනවා කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක්.

ඉන්දියාව එක්ක ද්වීපාර්ශවික සාකච්ඡා යනකොට ඉන්දියාවත් කිසිසේත්ම කැමතිවෙලා තිබිලා නෑ මේ පාවෙන අවි ගබඩා වලට. අනික සී මාෂල් ඔපරේෂන් ගැන හොද අවධානයෙන් ඉන්න ඕන කියන එක තමයි එයාලගේ එකගතාවය වෙලා තිබුණේ මොකද මේක මුලු කලාපයටම තර්ජනයක් විය හැක්කක් නිසා.

ලොකු තැන් වලට බොරු බේගල් ඇදබාලා, ඔවුන්ව නොමග යවල ඔවුන්වත් කඩා වට්ටනවා.මේවා තමන් හම්බකරගන්න ක්‍රමවේද. මේ රටට මේ වෙලාවේ ඩොලර් අවශ්‍යනම් ඒවා කෙලින්ම රටේ භාණ්ඩාගාරයට ගෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. පෞද්ගලික සමාගම් වලට නෙවෙයි. එත් එ සියල්ලම අද නිහඩයි මොකද රනිල්ව ජනාධිපති කරන්න තිරය පිටුපස සිට ඇවන්ගාඩ් කල මෙහෙය හා අද වජිර හරහා රනිල් වෙනුවෙන් සිදුකරන නිසාය.

මේ නිසා මින් පැන නගින ප්‍රශ්න රාශියක් තියනවා.

  1. 2012 දී ගිවිසුමට එළඹෙනකොට ඇවන්ට්ගාඩ් සමාගම පොරොන්දු උනා ආදායමෙන් යම් යම් ප්‍රතිශත දෙනවා කියලා නාවික හමුදාවට .ඒ පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ට කරලා තියනවද? බිලියන ගණන් ශ්‍රී ලංකාවට ගෙනාවා කියලා කියන ඇවන්ට්ගාඩ් එක 2012 එළඹුන ගිවිසුම් වලට අනුව ඒ ගෙවීම් නාවික හමුදාවට,රක්නා ලංකා එකට කරලා තියනවද………….?
    එහෙම කරලා තියනවානම් ඒ කොච්චරක්ද……….?
    හිග මුදල් කොච්චර ගෙවලා තියනවද………….?
    අපේ දැනුමේ හැටියටනම් ඒවා ගෙවලා නෑ.
    එහෙනම් ඇයි ඒ? එසේ ගෙවීම් පැහැර හැරපු කෙනෙක්ට නැවත ගිවිසුම් ගත වෙන්න පුලුවන්ද………..?
    ඒ අය ගෙවීම පැහැර හරින්නෙක් කෙනෙක් වෙන්නැද්ද……..?

2.මේ සම්බන්ධව සිංගප්පූරුවේදී කරන ලද බේරුම්කරණයේදී දුන්න තීන්දුව මොකක්ද……. ? ඒ තීන්දුවෙන් කීයක් දෙන්න කිව්වද…….? ඒකට අනුව ඇවන්ට්ගාඩ් එක විසින් රක්නා ලංකා එකට නාවික හමුදාවට ගෙවීම් කරලා තියනවද……..?

3.නැවත ඇවන්ට්ගාඩ් එකට පාවෙන අවි ගබඩා ලබාදුන්නොත් එය නියාමනය කිරීම නාවික හමුදාව මගින් සිදුවෙනවාද…………..?

4.යුධ හමුදාපතිවරයා ජෙනරාල් එකේ ඉන්නේ. අනිත් හමුදා දෙකේම හමුදාපතිලා එකක් පල්ලෙහායින් ඉන්නේ. සාමාන්‍යයෙන් මේවා සිදු නොවන දේවල් ලෝකේ. ඉතින් ඇයි එහෙම කරලා තියෙන්නෙ? එහෙම කරන එකේ යටි අරමුණක් තියනවාද?
එකට වාඩි වෙනකොට රටේ හමුදාපතිවරුන් තුන්දෙනා එකම නිලයක ඉන්න ඕන කියන එක තමයි අපි විශ්වාස කරන්නෙ.

මේ ප්‍රශ්න වලට පිළිතුරු අවශ්‍යයි. මොකද රජයට සල්ලි නැති වෙලාවේ රජයේ ආදායම පිටතට යාමක් තමයි මෙතන වෙන්නෙ. අනික් කරුණ තමා නාවික හමුදාවට එන සල්ලි නිසි ලෙස විගනනය වෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ රක්නා ලංකා එක ගේන්න කොපී එකට. ශ්‍රි ලංකා එයාර් ලයින් ක්‍රිකට් බෝඩ් එක ගේන්න පුලුවන්නම් ඇයි මේක ගේන්න බැරි ……..? එහෙම ගෙන්නන්නෙ නැත්තන් ඒකත් අපි ඇසිය යුතු ප්‍රශ්නයක්.

Share78Tweet49Share20
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka