අද (21) පෙරවරුවේ ජනාධිපති ධුරයේ රනිල් වික්‍රමසිංහ දිවුරුදීමත් සමඟ පාර්ලිමේන්තු වාරාවසාන කිරීමේ තීරණයක් ගෙන තිබේ.
මෙම තීරණය පක්ෂ නායකයින්ට මේ වනවිට දැනුම්දී ඇත. ශ්‍රී ලංකාව දරුණු ආර්ථික සහ දේශපාලන බිඳ වැටීමක පවතින අතරතුර මහජන නියෝජිතයින්ගේ මතය ව්‍යවස්ථානුකූලව ප්‍රකාශයට පත් කළ හැකි ප්‍රමුඛම ස්ථානය වන පාර්ලිමේන්තුව මේ අනුව අක්‍රිය කෙරෙනු ඇත.
වාරාවසාන කෙරෙනවිට න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබෙන සියල්ල අවසන් වන අතර කෝප් කාරක සභාව ඇතුළු කාරක සභා සියල්ල ද අහෝසි වී යයි. පලවා හරින ලද රාජපක්ෂ පාලනය තුළ සිදු කරන ලද වංචා දූෂණ විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් කෝප් කාරක සභාව යම් ස්වාධීනත්වයක් සහිතව පරීක්ෂණ පවත්වමින් තිබිණි. ඒ සියල්ල ද මේ නිසා අහෝසි වී යයි.