නව වැඩ බලන ජනපතිවරයා ලෙස බටලන්දේ රනිල් රාජපක්ෂ පත්විය. මේ වැබ ජනපති බටලන්දේ රනිල්ට යුද හමුදාව සමග ඇත්තේ ජන්මාන්තර වෛරයකි. එය ඔහුගේ දේශපාලන ජීවිතයේ විවිධ අවස්ථා වලදී පෙන්වා දී තිබේ. යුද සමයේදී යුද හමුදාවේ ක්‍රියාන්විත මෙහෙයුම් පාවා දෙමින් එල්ටීටී ත්‍රස්තයන් හා සාම ගිවිසුම් අත්සන් කරන ලද්දේද මෙම රනිල් රාජපක්ෂය.
මේ වන විට මිල්ටෙරි නන්දසේනගේ හමුදා ඔඩොක්කු කුක්කන් රැළ රනිල් රාජපක්ෂ හා දීග කන්නට පටන් ගෙන තිබේ. කමල් ගුණරත්න ප්‍රධාන මේ ඔඩොක්කු කුක්කන් රැළ දැන් සිටින්නේ පිස්සු වැටිලාය. ඒ සිය ස්වාමියා ජනාධිපතිකමෙන් එලවා දැමීම නිසාය. ඒ නිසාම කමල් ගුණරත්න දැන් ලේ බිලි හොයමින් නලියන පිසාචයකු වී හමාරය. වැබ ජනපති රනිල් රාජපක්ෂ හා කමල් ගුනරත්න තකට තකය.
කමල් ගුනරත්න මේ වන විට සිය පෞද්ගලික ඕනෑ එපාකම් අනුව රාජකාරි නොකළ හමුදාවේ ඡ්‍යෙෂ්ඨයන්ගෙන් පලි ගැනීම අරඹා තිබේ. කොළඹ ආරක්ෂාව බාර 142 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් සෝමවීර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇත්තේ ඒ පලි ගැනීමේ ආරම්භය ලෙසය. ඒ සමගම බ්‍රිගේඩියර් අනිල් සෝමවීර හා එක්ව රාජකාරියේ නිරත වූ 12 වන බලඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් පී.එච්.පී.ගුණවර්දන සියළුම රාජකාරි වලින් ඉවත් කර තිබේ.
පාබල රෙජිමෙන්තුවේ දක්ෂ ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු වන බ්‍රිගේඩියර් අනිල් සෝමවීර මාස හතක පමන කාලයක් 142 වන බලසේනාධිපති ලෙස කටයුතු කරන ලදී. මේ වන විට ඔහු එම තනතුරින් ඉවත් කර පනාගොඩ පාබල රෙජිමෙන්තුවට අනුයුක්ත කර ඇත. කමල් ගුනරත්නගේ උපදෙස් මත හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ මෙම මාරුවීම සිදු කළ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.
අරගලයේ තරුණයන්ට කඳුළු ගෑස් ගහන්නේ නැති බවත් වෙඩි නොතබන බවටත් කළ ප්‍රකාශයක් නිසා මෙම නිළධාරියා වැබ ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නගේ කෝපයට ලක් වී තිබේ. මෙම නිළධාරීන් දෙදෙනා අරගල කරුවන්ට හානි නොකරන බවට කරුණු දක්වන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ. එය බොහෝ ජනතාවකගේ ප්‍රසාදයට හා සතුටට පත් වූ සිදුවීමක් විය.
කමල් ගුනරත්න යනු පුනුරුත්ථාපනය කළ යුතු මානසික ලෙඩෙකි. ඔහු යුධ සමයෙන් පසු දැඩි මානසික ආතතියකින් හා සමාජයීය වෛරයකින් ක්‍රියා කරන අයෙකු බව ප්‍රසිද්ධ රැස්වීම් වලදී සිදු කර ඇති ප්‍රකාශ වලින් තහවුරු කර ගත හැකිය.
මේ වන විට කමල් ගුනරත්නට බටලන්ද වදකාගාරයේ ඇසිඩ් වල වල් බස්සා තරුණයන් ඝාතනය කිරීමට උපදෙස් දුන් රනිල් රාජපක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට වාතාවරණයක් නිර්මාණය වී තිබේ.
මොවුන් දෙදෙනා හෙට අනිද්දා විට මේ රට ලේ විලක් කරන බව නම් නිසැකය. මෙහිදී ආරක්ෂක ලේකම් සිටින්නේ තම ස්වාමියා වූ මිල්ටෙරි නන්දසේන එලවා දැමීම පිළිබඳව අරගල කරුවන් හා දැඩි වෛරයකිනි. වැබ ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂ යනු යුද හමුදාව රුස්සන්නේ නැති හමුදාව හා ජනමාන්තර වෛරක්කාරයෙකි.
දැන් එළඹ ඇත්තේ මේ යක්ෂයන්ගේ හෝරාවය.