අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලන ලෝකයේ වාර්තා පිට වාර්තා තියන්නෙකි. වර්තමානයේ අගමැති තනතුරට පත් වන විට ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයට තිබුනේ එක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණි. රනිල් වික්‍රමසිංහ 2020 මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 30000 ක් පමණි. මෙි නිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල්ට අගමැතිකම හිමි වීමද ලැබුන පොට්ට චාන්ස් එකකි.
1977 දී බියගම ආසනය දිනා පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහට එම ආසනය කිසි විටක ජය ගත්තේ නැත. රනිල්ගේ දේශපාලනය තුළ ඇත්තේ හොර පූස් දේශපාලනයයි.
ප්‍රේමදාස ජනපතිවරයාගේ කාලයේදී ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක වැනි එජාප යෝදයන් ප්‍රේමදාස හා ගැටෙද්දී රනිල් වික්‍රමසිංහ ගොදුරට ඉව අල්ලමින් සිටි නිහඬ හොර පූසෙක් පමනක්ම විය. එජාපයේ ප්‍රබලයන් එකිනෙකා කොටි සංවිධානය විසින් ඝාතනය කළ විට රනිල් වික්‍රමසිංහ ඉබේටම ඉහලට ආවේය. ඩී.බී .විජේතුංගගෙන් පසුව ඔහුට එජාප නායකත්වය හිමිවිය.
1980 වසරේ රනිල් අධ්‍යාපන ඇමතිවරයාය. ඔහු ජාතික ආරක්ෂක බලකාය නිර්මානය කරන්නේ තරුණ නැගටීම් වලට විසඳුමක් ලෙසය. 1988/1989 යුගයේ බියගම ආසනයේ බටලන්ද වදකාගාරය පිහිටුවන්නේද රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතය. බටලන්ද පොහොර කම්හලේ නිල නිවසක ඔහුගේ දේශපාලන කාර්යාලය පිහිටි අතර එම කාර්යාලයට යාබදව බටලන්ද වද කදවුර තිබුණි. එම බටලන්ද වද කඳවුරේ මෙහෙයුම් නිළධාරියා වූයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ය.
පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වූ ඩග්ලස් පීරිස් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වීම දක්වා උසස් වන්නේ රනිල්ගේ තල්ලුවෙනි. 88/89 යුගයේ බටලන්ද වද කදවුර පිහිටුවා රනිල් අපේක්ෂාව වූයේ බියගම ආසනයේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් එජාපයට එරෙහිව සිටි සියළුම දේශපාලන ක්‍රියාධරයන් විනාශ කිරීමය. ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිිිස් කෙරුවේ රනිල් වික්‍රමසිංහගේ නියෝගයට අනුව තරුණයන් පැහැරගෙන විත් දස වද දී මරා දැමීමය. බටලන්ද වද කඳවුරේ තරුණයන් ඝාතනය කිරීම සඳහා ඇසිටික් ඇසිඩ් ටැංකි තිබූ බවට අනාවරණය කරන ලද්දේ රාවය පුවත් පතයි. 88/89 භීෂණ කාලයෙන් පසුව රාවය මාධ්‍යවේදීන් වූ නන්දන වීරරත්නත් වසන්ත කුලතුංගත් බටලන්ද වදකාගාරය පිළිබඳව තොරතුරු හඹා ගියහ.
ඔවුන් එම ගවේෂණයෙන් පසුව වාර්තා කළ ආකාරයට ඒ වන විටත් එහි තිබූ ඇසිිිඩ් ටැංකි වල මිනිස් හිසකෙස් නියපොතු ඉතිරිව තිබුණි. මෙම වදකාගාරයට යාබදව පදිංචිව සිටියේ රනිල වික්‍රමසිංහ වේ. ඒ සමීපස්ත බව වදකාගාරයේ වද දීම් වලදී නැගුන තරුණයන්ගේ වේදනාත්මක හඬ ඔහුට නෑසුනා යැයි කියන්නට නොහැකි තරමේ විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී බටලන්ද ඝාතන සම්බන්ධයෙන් කොමිෂමක් පත් කෙරුණ අතර එය නාමික කොමිෂමක් පමනක් විය. චන්ද්‍රිකා හා රනිල් අතර පවතින මිත්‍රත්වය එයට හේතු වූවා විය හැකිය.
බටලන්ද වදකාගාරයේ අළුගෝසුවා වූ ඡේ.පො.අධිකාරී ඩග්ලස් පීරිස්ගේ ගෝලයා වූයේ කරන්දෙනිය ඌරගහ පදිංචි අපරාධකාරයෙකු වන රසේන්ද්‍රය. තරුණයන් බටලන්ද වද කඳවුර වෙත පැහැරගෙන ඒමේ කාර්යය පැවරී තිබුණේ මේ රසේන්ද්‍රටය. නිල අපරාදකාරයකු වන රසේන්ද්‍ර රනිල් වික්‍රමසිංහගේ ශාරිරික ආරක්ෂකයකු ලෙසින් ද කටයුතු කරන ලදී. මේ අපරාධකාරකාරයා තවමත් ඌරගහ පදිංචිව සිටී.
රනිල් වික්‍රමසිංහ නිතර කටයුතු කර ඇත්තේ තරුණ දේශපාලනයට එරෙහිවය. ඔහු ජීවත්වන්නේ ඔහුගේම සිහින අධිරාජ්‍යයකය. සමරිසි චරිතයක් වූ රනිල් වික්‍රමසිංහගේ සමරිසි සගයා සාගල රත්නායකය. සිය සමාජ පන්තියෙන් පිටස්තර කිසිදු පුද්ගලයකු හරහා ඇයි හොඳයියක් නැති මොහු උද්දච්ච පුද්ගලයෙකි. දේශපාලනික ජීවිතයේ රනිල් වික්‍රමසිංහගේ සමීප සගයන් ලෙස සැලකෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුනවර්දනය. මොවුන් අතර පවතින ගජ මිතුරු සම්බන්ධය මෙරට දේශපාලනයේ බොහෝ සමාජ යහ පරිවර්තනයන් කඩා කප්පල් කිරීමට හේතු වූ බවට පැහැදිලි සාක්ෂි ඕනෑ තරම් තිබේ.
මෙරට අගමැතිකම හතරවාරයක් දැරූ කැබිනට් ඇමතිකම් පදවි අවුරුදු දහතුනක් දැරූ රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති පදවියට පත් වන්නේද හොර පූසා ගොදුර අත් කර ගන්නා ආකාරයටමය. මිල්ටෙරි නන්දසේන ඔහු වැඩ බලන ජනපති පදවියට පත් කරන්නේ යන යකා කොරහත් බිඳගෙන යන විදියටමය. දැන් රට පුරා දේශපාලනය නැවත අවුල්ය. වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ පොලීසියට නියෝග කර ඇත්තේ අරගල කරන්නන් අත් අඩංගුවට ගන්නා ලෙසටය. දැන් හොර පූසා හිතන්නේ ගොදුර තමන්ගේ කට තුළ නිසා ඔක්කොම හරිය කියාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක බලය පතුරවන්නට දැන් රනිල් වික්‍රමසිංහ සූදානමිනි. ඉබේ කඩා පාත්වුන වාසනාව ඔහු අත් නොහරින බව ස්ථිරය. රනිල් වික්‍රමසිංහගේ බටලන්ද මුද්‍රාවේ උමතු දේශපාලනයේ කෙරුවාව ඉදිරියේදී දැක ගත හැකිය.
ජනතාවගේ පරමාධිපත්‍යය ඔහු තඹ දොයිතුවකට සලකන්නෙක් නම් නොවේ. බටලන්ද වද කඳවුරු රට පුරා ඇති කරන්නටද රනිල් වික්‍රමසිංහ පසුබට නොවනු ඇත.
නමුත් ඒ හිට්ලර් පන්නයේ වැඩ කිඩ වලට අන්තර්ජාල තරුණයන් මුහුණ දෙන සැලසුම අනුව මෙරට ඉදිරි දේශපාලනය විනිශ්චය වනු ඇත. රනිල් වික්‍රමසිංහගේ ඉරණමද ඒ විනිශ්චයන් තුළ ලියවෙනු ඇත.