අද මිල්ටෙරි නන්දසේන ඉන්නේ කොතනැකද යන්න ජනතාව නොදනී.
එහෙත් ඔහු ජුනි මස 13 වන දා ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා කරමින් පවතී. බීබීසීය හා සාකච්ඡාවක් කළ කතානායක මහින්ද යාපා ප්‍රකාශ කරන ලද්දේ ජනපතිවරයා විදේශගත වී ඇති බවය.
එහෙත් මේ මොහොත වන විට කතානායකවරයා නැවත ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ජනපතිවරයා විදේශ ගත වී ඇතැයි තමන් කළ ප්‍රකාශය වැරදීමකින් සිදු වූ දෙයක් බවය.
අපට වෙත දැන් ලැබුණ බුද්ධි තොරතුරු වාර්තා අනුව මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුලේ සියළුම දෙනා මෙරට රහසිගත ස්ථානයක තවමත් රැඳී සිටී. මිල්ටෙරි නන්දසේන ජනපති තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව යා යුතු විදේශ රට පිළිබඳව තවමත් සාකච්ඡා කරමින් තිබේ. කෙසේවෙතත් ජනපති තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව මිල්ටෙරි නන්දසේන මෙරට රැඳී සිටින බව ස්ථිරයැයි බුද්ධි තොරතුරු වාර්තා වලින් තහවුරු වේ.
අප හා සම්බන්ධ වූ වූ හමුදා බුද්ධි සේවාවේ ඡ්‍යෙෂ්ඨයකු ප්‍රකාශ කරන ලද්දේ පසුගිය කාලයේ මෙරට බුද්ධි සේවාව දුර්වල වූ බවය. එහිදී ඔහු පෙන්වා දුන්නේ බුද්ධි සේවාව දේශපාලනීකරණය වීම නිසා එම වටපිටාව නිර්මාණය වූ බවය.
බුද්ධි සේවාවේ දුර්වල බව තහවුරුවීමට හොඳම නිදර්ශනය ලෙස ගත හැක්කේ පසුගියදා පැවැති අරගලයට සහභාගිවන සංඛ්‍යාව සම්බන්ධයෙන් ලබා දී ඇති බුද්ධි තොරතුරු බව මෙම බුද්ධි ඡ්‍යෙෂ්ඨයා අප දැනුවත් කරන ලදී.
එහිදී අරගලයට දහදාහක පමණ ජනතා සහභාගිත්වයක් පැමිනෙනු ඇතැයිද එය පොලිස් කැරලි මර්දන ඒකක මගින් විසුරවා හැරිය හැකියැයිද ආරක්ෂක ප්‍රධානීන් ගනන් හදා ගෙන තිබුණි. එදින අරගලය පහසුවෙන් මර්දනය කළ හැකි යැයි ඔවුන් සිතා සිටි බව පෙනී යයි. එහෙත් එදිින ජනතා සහභාගිත්වය ලක්ෂ දහයකට ආසන්න බව අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් මේ වන විට රාජපක්ෂවරුන් පරාජය බාර ගනිමින් ඔවුන්ගේ දේශපාලනයේ හෙට දවස සැළසුම් කරන සිටී. ජනපති මිල්ටෙරි නන්දසේන ජුනි 13 වන දා ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් අත්සන් තබා ඇතැයිද එම ලිපියට ඔහු අත්සන් කරන ලද්දේ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඉදිරියේ බවත් අපට හෙළි වී ඇත
ජනපති මිල්ටෙරි නන්දසේන ඉල්ලා අස්වීමෙන් පසුව රටින් පිටව යන ගමනාන්තය තවමත් නිශ්චිතව වාර්තා වී නැත.