අනීතිකව අගමැතිකම් කරන රනිල් වික්‍රමසිංහ කැඳවනු ලබන සාකච්ඡාවලට සමගි ජන බලවේගය සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනතා විරෝධය මධ්‍යයේ බිත්තියට හේත්තු වූ රාජපක්ෂවරුන් නැවත දේශපාලන කරළියට රැගෙන විත් මොවුන් සුරක්ෂිත කළේත් අරගලය පාවා දීමට කටයුතු කළේත් වර්තමාන අගමැතිවරයා වන අතර මේ අර්බුදයේ ඔහු ද විත්තිකරුවකු බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
හිතුවක්කාරී, මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඊනියා ආණ්ඩුවේ අවසානය මේ වනවිට ඇස්පනාපිට දක්නට ලැබෙන අතර අශ්වයා පළා ගියාට පසු වසන ලද ස්තාලවල කෙරෙන හිස් සාකච්ඡාවලට අප සහභාගි නොවන බව විපක්ෂ නායක වරයා වැඩිදුරටත් පැවසීය.
අපේ උදාර මාතෘ භූමිය ගොඩනැංවීම වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව එක අරමුණකට එක්ව ඇති මොහොතක සහ එකී අරමුණ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට පැමිණ ඇති මොහොතක ඊනියා අගමැතිවරයා විසින් කැඳවනු ලබන නිශ්ඵල සාකච්ඡාවලින් සිදු වන්නේ තවත් වටයකින් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සහතික වීම වන අතර මේ පැලැස්තර ක්‍රියාවලින් මිදී සමස්ත ආණ්ඩුව කළ යුත්තේ ඉල්ලා අස්වීම බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ රැකවලුන් සහ දොරටුපාලයින් සමග රටේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය නැති අතර ජන අරගලය සමඟ සිට ගත් සියලු සියලු පාර්ශ්ව සමග එක්ව මේ රට අරාජිකත්වයෙන් මුදවා නැවත ගොඩනැගීමේ කටයුත්තට අප දායක වන බව ද දන්වා සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.