• Latest
  • Trending
Gota-Go-Home

ජනාධිපති මන්දිරයේ සිටි අරගලකරුවන් ඉල්ලීම් ප්‍රකාශයට පත්කරයි

July 9, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Sunday, March 19, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ජනාධිපති මන්දිරයේ සිටි අරගලකරුවන් ඉල්ලීම් ප්‍රකාශයට පත්කරයි

by admin
July 9, 2022
in Local News, Political
0
Gota-Go-Home
196
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිය ධූර වලින් ඉල්ලා අස්විට යුතුයැයි පවසමින් රට පාලනය කිරීමේ සය වැදෑරුම් වැඩපිළිවෙලක් අරගලකරුවන් විසින් ප්‍රකාශයට පත්කර සිටියේය.

මූලික තේමාවන් හයක් යටතේ එළිදක්වා ඇති වැඩ පිළිවෙල මෙසේය.

  1. ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය.
  2. රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජීමය ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය.(කැබිනට් – කැබිනට් නොවන – නියෝජ්‍ය – ව්‍යාපෘති ආදී සියලු අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරු, තානාපතිවරු ඇතුළු පිරිස.)
  3. ගෝඨා – රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායයන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.
    ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපිත කළ යුතුය.

3.1 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදාගැනීමට කෙටි කාලීන හදිසි සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.

ආහාර, ඉන්ධන, ගෑස් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, පොදු ප්‍රවාහන හා බලශක්ති ආදී පහසුකම් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.
ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම.

ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම් සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.

3.2 දැනට අත්අඩංගුවේ පසුවන සාමකාමි අරගලකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම.

3.3 ඝාතන සහ අතුරුදන් කිරීම්වලට අදාළ සියලු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළහැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

3.4 විමර්ශනයක් සහිත විගණනයක් තුළින්, රෙජීමය විසින් හොරා කන ලද මුදල් හා දේපළ නැවත රජයට පවරා ගැනීම සහ දඬුවම් කිරීම.

දේශපාලකයන් අයථා ලෙස උපයන ලද ධනය.

අධික ලාභ ලබන සමාගම් විසින් පැහැර හරින ලද බදු මුදල්.
දේශපාලන අනුග්‍රහය යටතේ සමාගම් සහ පුද්ගලයන් අයුක්ති සහගත ලෙස උපයන ලද ධනය.

3.5 දැනට පවත්නා බදු ක්‍රමය (85:15) පූර්ණ වෙනසකට ලක් කොට වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමත් ඍජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමත් අරමුණු කරමින් අනුක්‍රමික බදු ක්‍රමයක් යටතේ අධික ලාභ ලබන සමාගම් හා ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ බද්දක් අය කරන අයුරින් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම.

  1. ගෝඨාභය බලයෙන් පහ කිරිමෙන් අනතුරුව ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක්,

විධායක බලතල කප්පාදු කිරීම,

නීතිය සැමට සාධාරණ කිරීම,

ප්‍රජාතත්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ආදිය සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුය.

  1. ජනතා බලය සහතික කෙරෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කළ යුතුය.

ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් හඳුනාගැනීම.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.

සාධාරණ මැතිවරණ පැවැත්වීමට අදාළ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.
ජනතාවට වග නොකියන මහජන නියෝජිතයන් ආපසු කැඳවීමට ඇති අයිතිය තහවුරු කරන ක්‍රමවේදයක් සකස් කිරීම.

නීති සම්පාදනය , සංශෝධනය සඳහා ජනතාවට දායකත්වය දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

මානව හිමිකම්, කාන්තා හා ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා දැනට ඇති සීමාවන් ඉක්මවන වගන්ති ඇතුළත් කිරීම.

අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම.

සංවර්ධනය මුවාවෙන් සිදුකළ පරිසර සංහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම හා පරිසරය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කිරීම අනිවාර්ය කිරීම.

ජාතිවාදය, ජාතික පීඩනය මුළුමනින්ම අහෝසි කර සමානාත්මතාව තහවුරු කිරීමටත් සෑම ජන කොටසකගේම ආගමික, භාෂා, ලිංගිකත්වය හා අනෙකුත් සංස්කෘතික අනන්‍යතා තහවුරු කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන නිදහස තහවුරු කිරීමටත් අදාළ මූලික නීතිමය පදනම් ශක්තිමත් කිරීම.

ජනතාවගෙන් නිශ්චිත ප්‍රතිශතයක් විසින් ඉල්ලා සිටින මොහොතක ජනමත විචාරණයක් කැඳවීමේ බලය සහතික කිරීම.

  1. අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර, එලෙස ගොඩනැගෙන අන්තර් කාලීන පාලන ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවට යටත්ව නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීම සමගින් අවසන් විය යුතුය.

ඒ අනුව ඉහත 3,4 වගන්ති කඩිනම් අවශ්‍යතා ලෙස සලකා උපරිම මාස (6) හයක කාල සීමාවක් තුළ ඉටුකළ යුතුය.

තවද ඉහත 5 වගන්තිය උපරිම මාස 12ක කාලසීමාවකට යටත්ව ඉටුකළ යුතුය.
ඉහත සියල්ල ඉටු කරන තෙක් පොදුජන අරගලය නව ආකෘතීන් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

Share78Tweet49Share20
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka