• Latest
  • Trending
Champika

ගෝඨා වහාම අත්අඩංගුවට ගන්න – චම්පික

July 9, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Sunday, March 19, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ගෝඨා වහාම අත්අඩංගුවට ගන්න – චම්පික

by admin
July 9, 2022
in Local News, Political
0
Champika
196
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරයෙන් ඉවත් වන ලෙසත් එසේ ඉල්ලා අස්වන්නේ නැත්නම් ඔහුව වහාම අත්අඩංගුවට ගතයුතු බවත් 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර
සිටියි.

මහජන අරගලය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම එබව කියා සිටියේය.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

“අද ජූලි 9වෙනිදා, ලංකා විප්ලවකාරී මහජනයා විසින්, ජනාධිපතිවරයා, ජනාධිපති මන්දිරයෙන් පලවා හැරපු ඓතිහාසික දිනය අද. අප්‍රේල් 9 වෙනිදා සිට අඛණ්ඩව, මේ අරගලය ස්වේච්ඡාවෙන් ගෙන ගිය, කිසිඳු පක්ෂයකට අයිති නැති, නිර්පාක්ෂික අපේ ජනතාවට අපි හිස නමා ප්‍රණාමය පල කරනවා.

දැන් මේ මොහොත උදා වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම මේ රටේ පොලිස්පතිවරයාට, යුධ හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ අවස්ථාව.

මොකද මේ ජනාධිපතිවරයා පත්කරපු දේශපාලන ගැත්තෙක් තමයි මේ රටේ ආරක්ෂක ලේකම්. ඒ වගේම දේශපාලන ගැත්තෙක් තමයි මේ රටේ පොලිස් ඇමති. ඒ වගේම පොලිස් අමාත්‍යංශයේ ලේකම්.

ඒ නිසා ආරක්ෂක හමුදාවල ප්‍රධානියාට, පොලිස් ප්‍රධානියාට, විශේෂ වගකීමක් මේ අවස්ථාවේ තියෙනවා.

ඒක තමයි අද ආරක්ෂක හමුදා සාමාජිකයින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ සාමකාමී, අවිහිංසාවාදී අරගලය සමඟ එකතු වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට, සියලු පවුරු වළලු බිඳ දමලා, සියලු බාධක බිඳ දමලා, සියලු කඳුළු ගෑස් වර්ෂා මැදින් අපේ ජනතාව ට හැකි වුණා ජනාධිපති මන්දිරය අත්පත් කරගන්න.

ඒ නිසා ඒ විප්ලවීය ජනතාවට අපගේ ආචාරය පිරිනමන අතරේ අපි අවසාන වශයෙන් නන්දසේන ගෝඨාභය රාජපක්ෂට කියනවා ඔබ විසින් මේ රටට ඔබේ පවුල විසින් මේ රටට කළ විනාශය දැන් ඇති. වහාම ඉල්ලා අස්වෙන්න කියලා.

ඒ වගේම මේ අපරාධයේ ප්‍රධාන හවුල්කරුවා වන මහින්ද රාජපක්ෂ, ඒ වගේම බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ මුළු නඩයමත් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ සහ ඔවුන්ගේ දූ දරුවනුත්, මේ සියලුම රාජපක්ෂවරු වහාම සිය පාර්ලිමේන්තු අසුන්වලින් ඉවත්වෙලා, මේ රටේ පාලනය මේ රටේ ජනතාවට දැන් භාරදිය යුතු මොහොත, ඇවිත් තිබෙනවා.

මොවුන් ඉවත් වෙන්නේ නැත්නම්, පොලිස්පතිවරයාගේ වගකීම, හමුදාපතිවරයාගේ වගකීම තමයි ඔවුන් අත්අඩංගුවට අරගෙන මේ රට නැවත සාමකාමී කරන්න. එහෙම නැත්නම් මේ ඉදිරි පැය කිහිපය ඇතුලත මේ රට ලේ ගංගා බවට පත්වෙන්න පුළුවන්.

ඒ වගේම මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 224 දෙනාගෙන් රාජපක්ෂවරු හයදෙනා ඇරුණම අනිත් අයට සුවිශේෂී වගකීමක් මේ මොහොතේ තිබෙනවා. ඒ තමයි විශේෂයෙන්ම විපක්ෂයේ අයට ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලි කණ්ඩායම් වලට දැන් මේ මොහොතේ රට භාර ගැනීමේ අවස්ථාව එළඹිලා තිබෙනවා. ඔවුන් වහාම රැස්වෙලා සිය වගකීම ඉටුකරන්න.

පක්ෂ නායකයින්ට අපි ආයාචනා කරනවා. සිය වගකීම ඉෂ්ට කරන්න. පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක්, ඒ වගේම අග්‍රාමාත්‍යවරයෙක් ස්ථිරසාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් අපි හෙට දිනයේ පිහිටවලා ඒ වගේම අන්තර්කාලීන පාලනයක් පිහිටුවලා මේ රටේ ජනතාවගේ ජනමතයට හිස නමලා ඒ ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කරන්නට අවස්ථාව දැන් උදාවෙලා තිබෙනවා.

ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ගෙන් සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිනවා මින් ඉදිරියට අනීතික ජනතා විරෝධී, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ හොර නඩය මේ රටේ පවුල් 55 ලක්ෂයක් මහපාරට ඇදලා දාපු මේ මංකොල්ලකාරී, මේ මිනීමරු නඩයට ගේ අණ තවදුරටත් අහන්න එපා. නියම නීත්‍යානුකුල පාලනයක් රට තුළ ස්ථාපිත කිරීමේ වගකීම කතානායකවරයාට තිබෙනවා. ඔහු කතානායකවරයාත් ඒ වගකීම පැහැර හරිනවා නම් මේ රටේ පාර්ලිමේන්තුවට තිබෙනවා.

ඒ නිසා විපක්ෂයේ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීවරුන්ට, සියලුම පක්ෂ නියෝජනය කරන අයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂ ගැත්තන් නොවන ප්‍රගතිශීලි සියලු දෙනාම එකතුවෙලා, නව සර්ව පාක්ෂික ආණ්ඩුවක්, අන්තර්කාලීන පාලනයක් පිහිටුවලා, නියම ආකාරයට මේ රට ගෙන යාමේ වගකීම තිබෙනවා.

ඒ වගේම අරගලකරුවන්ට අපේ ප්‍රණාමය පිරිනමන අතරේ, විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාවට මේ දූෂිත බලය දණ ගස්සපු, මේ ආඩම්බරකාර බලය දනගස්සපු, මේ අවිචාරමත් සමයේ අවසන් කරන්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච සියලුම දෙනාට, අපේ ආචාරය පිරිනමන අතරේ, අපි නැවතත් ඉල්ලා සිටිනවා, කරුණාකරලා ප්‍රචණ්ඩත්වයට, හිංසාවාදයට ඉඩ නොතියා ගෞරවනීය විදිහට, ඉතාම වැදගත් විදිහට මේ අරගලය අවසන් කරමු.

ඒ අවසන් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ සැඟවී තිබෙන තැනකින් එළියට ඇවිත් මේ රටේ ජනතාවට භාරදිය යුතුයි. එහෙම නැත්නම් ළඟම පොලිස් ස්ථානයට හෝ හමුදා කඳවුරට භාර වෙලා ඔහුගේ ඉල්ලා අස්වීම ලබාදීලා ඔහුගේ රැකවරණය ලබා ගත යුතුයි. ඒ වගේම රාජපක්ෂවරු සියලු දෙනාම මේ ආකාරයට තමන් ගේ ස්ථාන වලින් එළියට ඇවිල්ලා, එක්කෝ ජනතාවට භාරවිය යුතුයි.

එහෙම නැත්නම් ළඟම තියෙන පොලිස් ස්ථානයට, ආරක්ෂක ස්ථානවලට බාරවෙලා මේ රට දැන්වත් ජනතාවට භාරදිය යුතුයි. අන්තර් කාලීන වැඩපිළිවෙලකින් පස්සේ, ජනතාවට ආකාරයේ මැතිවරණයක් පවත්වා ගැනීමේ ඉඩකඩ ලබා දීලා.

රාජපක්ෂවරුන්ට නිදහසේ රටින් පලා යන්න බෑ. මේ රටෙන් මංකොල්ල කාගත්ත ඩොලර් බිලියන ගාණක ධනය මේ රටෙත් පිටරටත් සඟවලා තියෙනවා. ඔවුන් එක්ක එකට චෞර රැලක් සේ, කොල්ලකාපු ධනය, රාජ්‍ය නිලධාරීන්, ඉතාම ඉහළ ගණයේ ව්‍යාපාරිකයන් අතේ තියෙනවා. ඒ බව අපි දන්නවා. ඒ සියලු ධනය ජනතාවට දැන් භාරදිය යුතු මොහොත ඇවිල්ලා තියෙනවා. ඒ භාර නොදී මේ ව්‍යාපාරික පිරිසටවත් මේ චෞර රැලත් එක්ක එකට එකතු වෙලා රට කොල්ල කාපු පිරිසටවත් ගමනක් නෑ.

ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ විප්ලවයෙන් නොනවතින විප්ලවයක් විය යුතුයි. රාජපක්ෂලා කොල්ල කාගත් ධනය ජනසන්තක කරන්න ඕනේ. රාජපක්ෂලාගේ ධනය භාර අරගෙන, ඒවා ගැටගහගත්ත, ව්‍යාපාරික කල්ලි, ඒ වගේම චෞර පන්තිය, පාදඩ රැල, මේ සියලු දෙනා සම්බන්ධයෙන්ම මේ මේ වතාවේම, මේ රළ වේගයෙන්ම ඒකත් සුද්ද කරලා, මේ මාතෘ භූමිය පවිත්‍ර ස්ථානයක් බවට ස්ථානයක් බවට හැකියාවට මුල් තැන දෙන පවුල්වාදයට, පාදඩවාදය අවසන් කරපු ස්ථානයක් බවට පරිවර්තනය කළ යුතු වෙනවා.

ඒ නිසා ඒ සඳහා විනයානුකූලව, ශක්තිමත්ව, එක වළල්ලක් හැටියට කටයුතු කරන අතරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනමත්, ආරක්ෂක අංශවල පිරිස් වෙනමත්, මහජනයා හැටියට අපි සියලු දෙනාමත්, රාජ්‍ය නිලධාරීන් හැටියට අපි සියලු දෙනාමත්, සාමූහික ප්‍රජාතාන්ත්‍රික වගකීම උදාර ශ්‍රී ලංකා මාතාවට ඉටු කරන්නට කැපවෙන ලෙස මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.

අපි ඕනම ආකාරයක වගකීමක් දරන්නට ඕනම ආකාරයක කැපකිරීමක් කරන්නට සූදානම් බව තරයේ ප්‍රකාශ කොට සිටිනවා.”

Share78Tweet49Share20
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka