රටේ ජනතාව අරගල කරමින් රාජපක්ෂලා පසු ගිය 09 වෙනි දා රටෙන් පැනයාමට ඉතාම ආසන්න බවට විදෙස් බුද්ධි වාර්තාවන් පවා තහවුරු කලේය.
එසේ තිබියදි තම පවුලේ හා පැලැන්තියේ ගජ මිතුරා බේරා ගැනිමට හිටපු අගමැති රනිල් කරලියට පැමිණියේය. ඒ ජනතාව තුලින් දැඩි ලෙසට රාජපක්ෂ විරෝධයක් මෙන්ම රටේ ජනතාවට ඉන්දන, ආහාර හා ගැස් නොමතිකම නිසාය.
එ සියල්ලටම තමා පැමිණ සති 02 තුල විසදුම් දෙන බවට රනිල් වික්‍රමසිංහ පම්පෝරි ගැසිය. ඒත් කිසිත් නොවීය. සිදු වු එකම නස්පත්තිය නම් ජනතා අරගලය යම් තරමකට දියාරු කිරීමට රනිල්ට හැකි විය.
මේ වන තුරුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නැති තැන දැන් රාජපක්ෂලාට මෙන්ම රනිල්ටද ගෙදර යන ලෙසට ජනතාව එක හෙලාම කියයි. ඒ රටේ ජනතාව පමණක් නොව ලෝක ප්‍රජාව පවා වර්තමාන පාලනය ප්‍රතික්ෂේප කරණ නිසාය. ඊට පිලියමක් ලෙසට ජනාධිපති ගෝඨාභය විවිධ ආකාරයේ උත්සහායන් ගත්තත් දැන් අවසානම ඉලක්කයට රට තල්ලු වී තිබේ.
අද සියළු පක්ෂ නායකයන්ගෙන් සමන්විත සර්වපාක්ෂික සමුළුවකින් ඉදිරියේ රට පාලනයට එකඟව කතිකාවක් ගොඩ නැගී තිබේ. එ සර්ව පාක්ෂික සමුළුවේ කෙනෙකු ලෙසට සජිත්, අනුර, මෛත්‍රි යන අයගෙන් කෙනෙකු විසින් අගමැති ලෙසට පත් කොට ඔහු විසින් තාවකාලිකව ඇමති මංඩලයක් පත් කොට ගෙන රට පාලනයයි.
හිටපු කතානායක කරු ජයසුරිය මහතා මිළඟ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ලෙසට පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
සියල්ලම තීරණය වන්නේ 09 දි ජනතාවගේ නැගිටීම අනුවය. බඩ ගෝස්තර වාදය දැන්වත් නතර කොට රට ගැන සිතා 09 වන දි පාරට බැසීමට අපි රටේ ජනතාවට බල කරන්නෙමු.