පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සේවා සහ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය මහතා සඳහන් කළේ, පොදු ප්‍රවාහන සේවා උපයෝගී කරගනිමින් සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට සෞඛ්‍යය කාර්ය මණ්ඩල සුදානම් බවයි.
ඒ සඳහා ප්‍රමාණවත් බස්රථ යොදවන්නැයි, ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මේ වන විටත් ඉල්ලා ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය.