ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනයේත් බස් ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුමේ, මේ වනවිට බස් විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම් වෙත යොමුවී ඇති බවයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ, මේ වනවිට පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බැවින් මගීන් ප්‍රවාහන කටයුතු සඳහා සිසුසැරිය බස් රථ ද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.