යක්කල, බෙම්මුල්ල ප්‍රදේශයේදී පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක් ද සොයා ගෙන ඇති බවයි.
පසුගිය කාලයේදී මාකදුරේ මධුෂ්‚ඌරු ජුවා‚කොස්ගොඩ තාරක වැනි අය පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනය වූ අතර එම ඝාතන වලට අණ ලබා දුන්ණේ ගෝඨාභය රාජපජක්ෂ බවට එම ඝාතන වලට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර පුවත් පල වූ අතර එම ඝාතන වලට පෙර නීතිඥවරුන් පොලිස්පතිවරයාවද දැනුවත් කර තිබිනි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වියැකී යන ගෝඨාගේ ප්‍රතිරූපය නැංවීමේ අරමුණින් මෙම ඝාතන රැල්ල ක්‍රියාත්මක වෙමින් පවතින බවට අප හට සැක පහල වෙමින් පවතී.