හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන හදිසි අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට අපවෙත විශ්වසනීය ආරංචිමාර්ගයකින් වාර්තා විය.
අප මේ පිළිබඳ අදාල පෞද්ගලික රෝහලින් විමසීමක් කලද එම රෝහලේ ප්‍රකාශකවරිය පැවසූවේ එවැනි තොරතුරක් ලබාදිය නොහැකි බවයි.
ඇතැම් විටෙක ආරක්ෂක හේතූන් මත එම ප්‍රකාශකවරිය තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින්නට ඇතැයි අප විශ්වාස කරන්නෙමු.