ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ස්ථාන මාරුව මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපතිවරයා සිය අප්‍රසාදය පල කොට නැවත වතාවක් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ. 9/5 ප්‍රහාරය වූ දින අරලිය ගහ මන්දිරයට පැමිණි රාජපක්ෂවාදී මැරවරයන් කොළඹ ගාලුමුවදොර ගෝඨා ගෝගම හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සිටි අරගල කරුවන්ට එල්ල කළ සාහසික ප්‍රහාරය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතින විමර්ශනය අතරතුර බස්නාහිර පළාත් බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා වූ දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු කොට යවන ලෙසට නීතිපතිවරයා මීට ඉහතදීද පොලිස්පති වරයාට ලිඛිතව දැනුම් දී තිබුණි.
නීතිපතිවරයා යලි වතාවක් පොලිස්පති වරයාට ලිඛිතව දන්වා ඇත්තේ මීට ඉහතදී තමන් විසින් දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව දැඩි ලෙස අප්‍රසාදය පළ කරන බවය. කෙසේ වෙතත් මෙම ස්ථාන මාරුව ලබා නොදීම පිළිබඳව මීට ඉහතදී මහේස්ත්‍රාත්වරයාද අප්‍රසාදය පළ කර තිබුණි.