චෝදනාකරුවන් ලෙස දුෂිත දේශබන්දු අත්අඩංගුවට ගැනීම හෝ බස්නාහිර පලාතෙන් ඉවත් කිරීම දිනෙන් දින ප්‍රමාද කරමින් යති. ජොන්ස්ටන් ප්‍රනාන්දු අපේක්ෂිත ඇප ලබාගැනීම ඉතාම සැලසුම් සහගතව කර ගත්තේය. මෙම අපරාධයට මුලිකවම ආධාර අනුබල දුන් පුද්ගලයා වන දුෂිත දේශබන්දු තෙන්නකෝන් විනිසුරුවරයා ලෙසද තිලින ගමගේ සැකකරුවෙකු ලෙසද අලුත්ම ඩ්‍රාමා එකක් පටන් අරන් ඇත.
දැන් දැන් සියලු විනිසුරුවන්ද ඔවුන් වැරදි තීන්දු දුනහොත් ඔවුනට ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේද කෙලවෙයි කියන බිය නිසාත් ඔවුනට හෝ ඔවුන්ගේ පවුල්වල අයට විදේශයකට වත් පැනයාමට විසාවක්වත් ගන්න බැරිවෙයි කියා ඇති බිය නිසා ඔවුන් අපක්ෂපාති සාධාරණ නඩු තීන්දු දෙමින් යති. එදා ජෝනියාව අල්ලන්න වරෙන්තු නිකුත්කර ඇත්තේද ජනතාව තාවකාලිකව සන්තෝෂ කිරීමට මිස ජොනියා දඬුකඳේ ගැසීමට නොවන බවත් එයින් විනිසුරාගේ පට්ටමටද සිදුවෙන හානිය අඩුකරගැනීමේ චේතනාව බව දැන් පැහැදිලි වී හමාරය.
ජොනියා පාවිච්චි කරනුයේද කුඩා මෝටර් රථයකි. ඒ අතරතුර දේශබන්දු තිලින ගමගේ සමග සිටින්නේ ජම්මාන්තර වයිරයකිනි. තිලිණ ගමගේ ඉපදුන දා සිට කරන කියන දේවල් සහ ජීවත්වුණ පොලිස් වසම් වලින් ඔහු සහ ඔහුගේ පවුලේ අයගේ විස්තර රහසිගතව සොයා බලා ඔහුට වාර්තාකරණ ලෙස තම ඇම්බැට්ට පොලිස් නිලධාරින්ට රහසිගතව දන්වා ඇත.
ඒ අතරතුර ළඟදීම තිලිණ ගමගේට උසස්වීමක් දී ඔහුව වෙනත් අධිකරණයකට මාරු කර යවා පසුව හිමින් සැරේම විශ්‍රාම යවා නැවතත් ඔහුගේ අලි හොරකම සහ වෙනත් අපරාධ වලට පටලවා අවසානයේදී තිලින ගමගේව හිරේ යවා දේශබන්දු පොලිස්පතිවීමේ සිහිනයක දේශබන්දු සිතාගෙන සිටියත් දැනට ලංකාවේ සහ පිටරටවලද දේශබන්දු කොලේ ඉරාගෙන නිසා එම සිහිනය බොඳවී ඇත.
දේශබන්දුගේ කුඩු වෙලදාම් පවා දැන් සියලු සාක්ෂි සහිතව අප වෙත විස්තර ලැබී ඇත. එම අතරතුර දේශබන්දු විසින් කුඩුකාරයෙකු ලවා සාවධ්‍ය වීඩියෝවක් පටිගතකරගෙන ඇත.
එහි සඳහන් වන්නේ තිලින ගමගේට කෝටි ගණනක මුදල් දුන්නා කියා සාවද්‍ය ප්‍රකාශයක් සහ කාන්තාවක් දුෂණයට ලක්වුනා කියා කාන්තාවක් විසින්ම කරන සාවද්‍ය ප්‍රකාශයකුත්ය. එම ප්‍රකාශයන් මාධ්‍යන්ට නිකුත් කර තිලින ගමගේ චරිතය ඝාතනය කර ගෙදර යැවීමේ ප්ලැනක්ද දේශබන්දු ගසමින් ඇත. එම සාවද්‍ය තොරතුරු පටිගතකිරීමට සහභාගී වූ අය නොදන්නා කාරණය වනුයේ පසුව එම දෙදෙනාවම මරා දමා එයද තිලින ගමගේ විසින් පාතාලය හරහා කරන ලද්දක් බව හඟවා ඔහුව සිරගත කිරීමටය. මේවා ත්‍රස්තවාදි පොලිසියේ මාෆියා ප්ලෑන්ය.
අනෙකුත් විනිසුරුවන් පිළිබඳවද ඔවුන්ගේ පුද්ගලික කරුණු කාරනා පිළිබඳව කෙලින්ම දේශබන්දු තෙන්නකෝන්ට දන්වන ලෙස විනිසුරුවරුන්ට ලබාදී ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටම දේශබන්දු විසින්ම දන්වා ඇත. එම කරුණු සමාජ ජාලා මගින් ප්‍රචාරය කර අධිකරණය දුෂිත බවට සමාජගතකිරීමේ මෙහෙයුම පොලිස් ඇමති ටිරාන් අලස්ගේ ආශිර්වාදය යටතේ කරගෙන යයි. මෙම කරුණ නිසා දැනටමත් විනිසුරුවන් කිහිපදෙනෙක්ම දේශබන්දු සමග වයිරයෙන් සිටින අතර සමහරක් බියෙන්ද සිටියි.
කෙසේ වෙතත් තවත් නොබො දිනකින් තිලිණ ගමගේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙසටත් දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පති ලෙසටත් ගෝඨාභය පත් කිරීමට නියමිත බව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තහවුරු කොට තිබේ.