මෙි වන විට මිල්ටෙරි නන්දසේන මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ. මෙම ආඥාව ඔහු නිකුත් කර ඇත්තේ හතලිස්වන අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස්වන වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය. මිල්ටෙරි නන්දසේන රට පුරා සන්නද්ධ හමුදා මහජන ආරක්ෂාව සඳහා කැඳවද්දී අපට අබිරහස් සිදුවීමක් පිළිබඳව වාර්තා විය. ඒ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක රාජකාරි කටයුතු වල නිරතව සිටි කර්නල්වරයෙකු පොලිස් නිලධාරි නිවස්නයේ සැඟවී සිටින බවය. මෙම කර්නල්වරයා පොලිස් නිලධාරි නිවස්නයේ භෝජනගාරයෙන් ආහාර ලබා ගන්නේ පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නි.පොලිස්පති කීර්තිතිපාලගේ නමිනි.
ශ්‍රී ලංකා යුද හමුදාවෙි කර්නල්වරයකු මෙලෙස පොලිස් නිලධාරි නිවස්නයේ සැඟවී සිටීම බොහෝ පොලිස් නිලධාරින්ගේ විමතියට හේතු වී තිබේ. මේ කර්නල්වරයා සිය හමුදා ස්වරූපය වෙනස් කර ගැනීමට මුහුණ පුරා රැවුල වවා ගෙන සිටිතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් හමුදා කර්නල්වරයකු මෙලෙස සමාජයට වසන් වුන ජීවිතයක් ගෙන යාම බරපතල හමුදාමය කුමන්ත්‍රණයක කොටසක්දැයි අපට සැකයක් පවතී. විශේෂයෙන් මොහු හිටපු අගමැතිගේ අභ්‍යන්තර ආරක්ෂක වලල්ලේ සිටි අයෙක් වීම අප තුළ පවතින එම සැකය වඩාත් තීව්‍ර කරයි.