අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දේශපාලන ලෝකෝතරයකු මෙරට දේශපාලන ඉතිහාසයේ සඳහන්ව නැත.ඔහු තැබූ දේශපාලන වාර්තාද එසේ මෙසේ නොවේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයෙනි ලබාගත් ඡන්ද සංඛ්‍යාව තිස් දහසක් පමනි. මෙවර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙනි. එලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ ඔහුට අගමැති තනතුර හදිසියේ ලොතැරැයියක් ඇදුනා වාගේය.
රාජපක්ෂ පවුලට එරෙහිව පාරට බැස්සේ මේ රටේ තරුණයන්ය. රාජපක්ෂලාගේ මැරයන්ගෙන් ගුටි කෑවේද ඔවුන්ය.එහෙත් ඒ දේශපාලන වටපිටාවේ වාසනාවන්තයා වූයේ රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ අගමැති කම බාර ගත්තේ මෙරට ජනතාව දුක් විඳිනවා බලා ඉන්නට බැරි කමටය කියා මතයක් ගොඩ නැගුවේ රාජපක්ෂවරුන්ය.
පහුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප නායකයන්ට බැඳුම්කර වංචාව ගැන කිය කියා අවලාද අපහාස කළ පොහොට්ටුවන්ට සිදු වූයේ ඇඳ සිටි වස්තරය උස්සා මූණ වසාගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ යටතේ වහළුන් වන්නටය.දැන් බැඳුම්කරය සිහිපත් කරමින් යූඇන්පීකාරයන්ට අවලාද නගන්නට පොහොට්ටුවන්ට නොහැකිය.අවසානයේදී හොර මැරකමි වලින් රට බේරාගන්නට ආ දේශප්‍රේමී වීරයාට ආරක්ෂා කරන්නට ආවේ බැඳුම්කර වංචාවේ පීතෘවරයාය.දැන් පොහොට්ටුවන්ගේ ගැලවුම් කාරයා වන්නේද අගමැති රනිල් වික්‍රමසිංහය.
9/5 ප්‍රහාරයෙන් පසුව රනිල් අගමැති කම බාර නොගත්තේනම් මේ වන විට රාජපක්ෂ වරුන්ගේ දේශපාලන ඉරණම මීට වෙනස් ආකාරයට ලියවෙන්නට ඉඩ තිබුණි.
රාජපක්ෂවරු හා රනිල් වික්‍රමසිංහ අතර ඇත්තේ උඩින් හතුරු යටින් මිතුරු සම්බන්ධතාවකි. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හා සනුහරයට ආරක්ෂාව සලසන ලද්දේ මේ රනිල් වික්‍රමසිංහය. එම ජනපතිවරණය පැවැත්වූ දිනයේ සිට පසුදින දක්වාම රාජපක්ෂවරු සිටියේ බලය අත් නොහැර යාමේ අදහසිනි. තම පාර්ශවය ජනපතිවරණයෙන් පරාජයට පත් වී ඇති බව වටහා ගත් අවස්ථාවේම රාජපක්ෂවරු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නිරත වූයේ සිරිසේන පාර්ශවය බලයට පත් වීම වලක්වන ආකාරයෙනි. ජනපතිවරණයේ ඡන්ද ප්‍රතිඵළ නිවේදනය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයට පොලිස් විශේෂ ආරක්ෂක බලකාය යොදවා එහි යාන්ත්‍රණය අවුල් කොට මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ගත් උත්සාහය මැතිවරණ කොමසාරිස් ඒ වන විටත් වලක්වා තිබුණි. ඉන්පසුව රාජපක්ෂවරුන්ගේ දෙවන විකල්පය වූයේ ඡන්ද ප්‍රතිඵළ ප්‍රමාද කොට තවදුරටත් බලයේ සිටීමට මහින්ද රාජපක්ෂට නෛතිකව ඉඩ ප්‍රස්ථාව ඇතැයි කියන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමටය.
එම තීන්දුව ලබා දීමට නීතිපතිවරයාත් අගවිනිසුරු වරයාත් එකඟ තාව ප්‍රකාශ කළද එවකට පොලිස්පති ඉලංඟකෝන්ද එවකට හමුදාපති දයා රත්නායකද එම සැලසුමට විරෝධය දැක්වූහ. මෙම විරෝධයත් සමගම රාජපක්ෂවරු සිය පරාජය පිළි ගනිමින් අරලිය ගහ මන්දිරයෙන් සමු ගැනීමට සැළසුම් කරන ලදී. මේ වන විටත් මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය අපේක්ෂාවෙන් සිටියේ රාජ්‍ය ව්රෝධී කුමන්ත්‍රණයකට මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගන්නටය. ඔවුන් ඒ සඳහා මාර්ග සිතියම් සකස් කරමින් පවතින විට මහාන්ද රාජපක්ෂ දුරකතනය හා සම්බන්ධ වූයේ රනිල් වික්‍රමසිංහ සමගය. එම දුරකතන සංවාදයේදී පවතින තත්වය අවදාරණය කළ මහින්ද රාජපක්ෂ තමන් බලය අත් හැරීමට සූදානම් බවත් නුමුත් ඉන් අනතුරුව තමන්ගේ හා පවුලේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා සිටියේය. සියල්ල යහපත් ආකාරයෙන් ඉටු කරන බවට රනිල් වික්‍රමසිංහ පොරොන්දු විය.
ඉන්පසු උදෑසන රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයට ගියේ තිරු නඩේෂන් සමගය. අරලිය ගහ මන්දිරයට ගිය රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ හා සනුහරයට ආරක්ෂිතව මැද මුලනට යාමට සියලු පහසුකමි සලසා දෙන ලදී. එදා රනිල් සිය මිතුරා ආරක්ෂා කෙරුවේ ඒ ආකාරයෙනි.
රනිල් වික්‍රමසිංහ 1977 බියගම ආසනය දිනා පාර්ලිමේන්තුවට පැමිණි වහාම නියෝජ්‍ය විදේශ ඇමතිකම හිමි විය. පසුව ඔහුට සිය මාමා වූ ජේ ආර් ගෙන් තරුණ හා රැකීරක්ෂා කටයුතු කැබිනටි ඇමතිකම ලැබෙන්නේය. 1980 වෙද්දී අධ්‍යාපන ඇමතිකමද හිමිවේ. උතුරේ හා දකුණේ තරුණ නැගිටීම් ඇතිවන්නේ රනිල් මේ ඇමතිකම් දරන කාලයේදීය. මෙම තරුණ නැගිටීම් මැඩලීමට රනිල් වික්‍රමසිංහ ජාතික ආරක්ෂක බලකාය නම් අතුරු හමුදාවක් ගොඩ නැගුවේය.
බියගම ආසනයේ මාකොළ බටලන්ද පිහිටි පොහොර සමාගමෙි නිල නිවාසයක රනිල්ගේ දේශපාලන කාර්යාලය පැවැති අතර ඒ යාබද නිවස සිටියේ රනිල් වික්‍රමසිංහගේ හෙංචයියකු වූ පෑලියගොඩ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වූ ඩග්ලස් පීරිස්ය. රනිල්ගේ හා ඩග්ලස් පීරිස්ගේ බටලන්ද වධකාගාරය වැඩ ඇරඹෙන්නේ 88/89 කාලයේදීය. රනිල්ගේ නියෝගය පරිදි බියගම ආසනයේ එජාපයට එරෙහි දේශපාලන ක්‍රියාකාරිකයන් පැහැර ගැනීමත් කප්පම් ගැනීමත් දෙතිස් වද දී මරා දැමීමත් ඩගලස් පීරිස්ගේ කාර්යය විය.
මේ පොලිස් කාරයාගේ නොනිල ආරක්ෂකයා වූයේ කරන්දෙණිය ඌරගහ පදිංචි රසේන්ද්‍ර නම් කුලී මිනීමරුවෙකි. බටලන්ද වධකාගාරය තුළ පැහැර ගෙන එන තරුණයන් මරා එම සිරුරු විනාශ කිරීමට ඇසිඩ් තටාක වල දැමූ බව පසුව මේ සම්බන්ධයෙන් සිදු කළ කළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය. එම මිනිස් ඝාතනාගාරය ගැන ඒ දින වල රාවය පුවත් පතේ පල විය. රාවය පුවත්පත ඒ බටලන්ද මිනිස් ඝාතනාගාරය ගැන සිදු කරන ලද මාධ්‍ය ගවේෂණයේදී එම ඇසිඩ් තටාක තුල මිනිස් හිස කෙස් හා නියපොතු ඉතිරි වී තිබුණ බවද සොයාගෙන තිබුණි. රනිල් වික්‍රමසිංහගේ මෙලේච්ඡ ස්වරූපය අනාවරණය කර ගන්නට මේ බටලන්ද සාහසික මිනිස් ඝාතනාගාරය ගැන රාවය පුවත්පත ඒ දින වල පල කළ එම ලිපිය හොඳටම සෑහේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය විසින් බටලන්ද මනුෂ්‍ය ඝාතනාගාරය පිළිබඳව සෙවීමට ජනපති කොමිෂමක්ද පත්කළ අතර ඒ කොමිසම ඇස් බැන්දුමක් පමණක් විය. එය එසේ වූයේ චන්ද්‍රිකා හා රනිල් අතර පවතින මිත්‍ර සම්බන්ධතා නිසාය.
මේ කාලයේදී මහින්ද රාජපක්ෂ පෙනී සිටියේ මානව හිත වාදියෙකු ලෙසය. රාජ්‍ය හමුදා හා ආණ්ඩුවේ නොනිල මැර කණ්ඩායම් විසින් පැහැර ගෙන ගොස් මරා දමන තරුණයන්ගේ අයිතීන් වෙනුවෙන් විවෘතව සමාජය තුළ පෙනී සිටි මහින්ද රාජපක්ෂ හම්බන්තොට ප්‍රදේශයේ තමන්ට දේශපාලනිකව එරෙහි තරුණයන් ඝාතනය කිරීමට නාම ලේඛන සකස් කොට රහසිගතව එවකට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රන්ජන් විජේරත්නට ගෙනවිත් දුන් බව හම්බන්තොට පැරැන්නන් පවසයි. වීරකැටිය විජේදාස ලියනාරච්චි නම් තරුණ දේශපාලන ක්‍රියාකාරිකයාගේ ඝාතනය මහින්ද රාජපක්ෂගේ අවශ්‍යතාව මත ඉටු වූ ප්‍රසිද්ධ ඝාතනයකි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ හමුදා කර්නල්වරයකු ලෙස මාතලේ මනුෂ්‍ය ඝාතනාගාරයක් පවත්වා ගෙන ගියේය. මාතලේ හා බටලන්ද එවකට පවත්වාගෙන ගිය සාහසික මනුෂ්‍ය ඝාතනාගාර වල එවකට වූ හිමිකාරිත්වය තවමත් අඹ යාළුවන්ය. ඔවුන් දෙපාර්ශවය නයි මුගටින් ලෙස සිතන්නේ මෙරට දේශපාලනය පිළිබඳව හයක් හතරක් නොදන්නා වුන්ය.
9/5 ප්‍රහාරයෙන් පසු බංකරගත වූ රාජපක්ෂ සනුහරය ගලවා ගැනීමට ලහි ලහියේ කරලියට එන රනිල් වික්‍රමසිංහ ගැන මාධ්‍ය වාර්තා කරන්නේ ජාතියේ ගැලවුම්කාරයා ලෙසටය. මෙරට අගමැතිකම හතර වාරයක් දැරූ අමාත්‍ය තනතුරු අවුරුදු දහතුනක් දැරූ මේ රනිල් වික්‍රමසිංහ මේ රට මෙතරම් විනාශයකට ඇද දමන්නට අත් උදවු සැපයූ තවත් තක්කඩියෙකි. මේ වතාවේ අගමැති තනතුරට පත් වීමත් සමගම ඇතැම් පාර්ශවයන් අඬ බෙර ගසන්නට වූයේ දැන් මෙරටට ජාත්‍යන්තරයේ සහයෝගය ලැබෙන බවටය. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති වී දින ගනනාවක් ගෙවී ගියද ජාත්‍යන්තරය අප දෙස ඇහැක් ඇර බැලූ බවක් වාර්තාවී නැත.
රනිල් වික්‍රමසිංහද අගමැතිකම ලබා ගනිමින් දුක් විඳින ජනතාව වෙනුවෙන් සිදු කළ ලබ්බක්ද නැත. ඔහු සිදු කළ එකම කාර්යය වන්නේ බයේ හැංගී සිටි රාජපක්ෂ හොරුන්ට බයක් හැකක් නැතුව ජීවත් වීමට ඉඩ සලසා දීම පමණය.