මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ බලපෑම් කරමින් සිටින බවට වාර්තාවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහ බැංකු අධිපති වරයා ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කිරීමට සැලසුම් කරමින් සිටී. වර්තමාන මහ බැංකු අධිපතිවරයා යහපාලනය සමයේදී වූ බැඳුම්කරය වංචාව පිළිබඳව සාක්ෂිකරුවකු වූ නිසා අගමැති රනිල් වික්‍රමසිංහ ඔහු ගැන නොසතුටෙන් සිටින බව දැන ගැන්මට තිබේ.
යහපාලනය සමයේදී මහ බැංකු අධිපති වරයා ලෙස සිය මිතුරෙකු වූ අර්ජුන් ඇලෝෂියස් පත් කිරීමට යාමේදී හිටපු ජනපති සිරිසේන සමග පවා රනිල් වික්‍රමසිංහ මත ගැටුම් ඇති කර ගන්නා ලදී. පසුව මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තුවෙි විශේෂ ප්‍රකාශයක් කළ එවකට අගමැති වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ලද්දේ මහ බැංකු අධිපතිවරයා වූ සිය මිතුරා ඕනෑම අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවය. එහෙත් එම සිදුවීමත් සමගම සිංගප්පූරුවට පලා ගිය මහ බැංකු අධිපතිවරයා අදටත් මෙරට අධිකරණය මගින් ප්‍රකාශිත වරෙන්තුකරුවෙකි.
සිය මිත්‍රයාගේ නිදහස හා ශුද්ධවන්ත බව ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ හා ඔහු සිංගප්පූරුවට පැන යාම ගැන කටේ කෙල බිඳුවක් නොහෙලන රනිල් වික්‍රමසිංහ අද රට බේරා ගැනීමට ඉදිරිපත් වීම ගැන අපට නම් ඇත්තේ හිරිකිතයකි.