පසුගිය මැයි මස අවසන් වනවිට මෙරට භාණ්ඩ මිල ඉහළ යාම 39.1%ක් බව නවතම නිල වාර්තාවලින් හෙළිකර තිබේ.
එය පසුගිය අප්‍රේල් මාසයේදී 33.8%ක් වී තිබිණි. මෙම භාණ්ඩ මිල වැඩිවීමේ දී ආහාරමය කාණ්ඩයේ මිල වැඩිවීම 57.4% දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග බදු සහන ලබාදීම නිසා පසුගිය වසර දෙක තුළ රජයට රුපියල් කෝටි එක්ලක්ෂ විසිදහසකට ආසන්න ආදායමක් අහිමිවී තිබිණි.
රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ පසුව මෙරට වක්‍ර බදු ආදායම්වල මූලික බදු කාණ්ඩයක් වන වැට් බද්ද 12% දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන තිබෙන්නේ භාණ්ඩ මිල 40%ක ආසන්න ඉහළ යාමක් පවතින පසුබිමකය.