ආරක්ශක ඇමතිධුරය ගෝටාබය රාජපක්ෂ වෙත රඳවාගෙන සිටින අතර 2021 වර්ශය අවසන් වනවිට එම අමාත්‍යශය විසින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 5,641ක් පොලු තබා ඇති බව කැබිනට් පත්‍රිකාවකින් ආනාවරණය වේ.
ඇමති ප්‍රසන්න රණතුංග මැයි 30 වන දින එම කැබිනට් පත්‍රිකාව නිකුත් කර තිබේ. නාගරක සංවර්ධන අධිකාරියට අයත් වියත් පුර නිවාස ව්‍යාපෘතියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිල නිවාස ලබා දීමට එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. පසුගිය මැයි 09වන දින නිවාස අහිමි වූ පාර්ලිමේනතු මන්ත්‍රී වරුන් සඳහා නිවාස ලබාදීම වෙනුවෙන් අදාල ප්‍රතිපාදන සලසා ගැනීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.
ඒ වෙනුවෙන් කරුනු දැක්වීමේදී හෙලිකර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය විසින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 6,141ක් ගෙවීමට තිබුනද එයින් ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 500ක් පමනක් බවයි.