• Latest
  • Trending
Shavendra

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා “මුදලාලි” හමුදාවෙන් සමු ගැනිම

June 1, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Tuesday, July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා “මුදලාලි” හමුදාවෙන් සමු ගැනිම

by admin
June 1, 2022
in Local News, Political
0
Shavendra
196
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ඉතින් ආයුබෝවන් හමුදාව ගරු යැයි ප්‍රකාශ කරමින් හමුදාපති ශවෙින්ද්‍ර සිල්වා යුද හමුදාවෙන් සමුගත්තේය. එහෙත් හරි විදියට කියනවා නම් ශවේන්ද්‍ර සිල්වා හමුදාවෙන් සමුගත්තා නොව මිල්ටෙරි නන්දසේන පස්සා පැත්තට පයින් ගසා එළියට දැම්මා කියතොත් එය නිවැරිදිය. එසේ නැති වුනා නම් මිල්ටෙරි නන්දසේන බලයේ සිටින තුරුම හමුදාපති තනතුරේ අරක් අරගෙන ඉන්නට චාන්ස් එක තිබුණේ ශවේන්ද්‍රටය. හමුදාපතිකමෙන් ශවේන්ද්‍ර එළියට දැමීම ගැන විවිධ ආකාරයේ තොරතුරු මාධ්‍ය ⁣වාර්තා කරමින් සිටී. ඒවා සමහර විට අතේ රෝල් වෙන්නට පුළුවන. සමහර විට ඇත්ත කාරණාද තිබෙන්නට පුළුවන.

එහෙත් අප ඔහු පිළිබඳව අප ගවේෂණාත්මකව අනාවරණය කරගත් තොරතුරු බොහෝ වෙනස්ය. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිකමෙන් යද්දී සිදු කළ කතාව තුළ සැඟවී ⁣ඇත්තේ මං පොර ජාතකයයි. ඒ හෙට අනිද්දා වන විට දේශපාලන කරළියට පැමි⁣ණීමේ සූදානම පිළිබඳ ඇඟවීමක් බව අපගේ දැඩි විශ්වාසයයි. හමුදාපති ශවේන්ද්‍ර තනතුරෙන් නික්ම යද්දී ඔහු පිළිබඳව සෙබළුන් තුළ පැවැතියේ දැඩි අප්‍රසාදයකි. මොහු දිගින් දිගටම සේවා දිගු ලබා ගනිමින් හමුදාපති තනතුරේ රැඳී සිටීම පිළිබඳව ඡ්‍යෙෂ්ඨ මේජර් ජනරාල්වරුන්ද සිටියේ අකමැත්තෙනි.

ශවේන්ද්‍රගේ බිරිඳ හමුදාවේ සෙබළුන් ඉස්ම යන තුරු මිරිකා හම්බ කර ගෙන කෑවේ පිළිකුල් සහගත ආකාරයටය. ඇය යුද හමුදා සේවා වනිතා ඒකකය සිය ව්‍යාපාර සඳහා යොදවා ගත්තාය. කෝවිඩ් පැවති යුගයේ හමුදාපති ශවේන්ද්‍ර හා ඔහුගේ හැඩකාර බිරිඳ හම්බකර ගෙන කෑ හැටි හෙට අනිද්දාාවන විට අනාවරණය වනු ඇත. ඕනෑ නමි අපට ඒ සඳහා වැදගත් බුද්ධි තොරතුරක් ලබා දීමට හැකිය. ඒ හමුදාපති ශවේන්ද්‍ර හා ඔහුගේ බිරිදන්දෑ කෝටි ගණනක් වැය කොට ඩුබායි රාජ්‍යයේ මිලයට ගත් සංචාරක හෝටලය ගැනය.

හමුදාපති ශවේන්ද්‍ර අනුරාධපුරයේ ඥානා කාලී මෑනියන්ගේ අනුගාමිකයෙක් බව ප්‍රචලිතය. එහෙත් එය සත්‍ය කාරණයක් නොවේ.ඔහු කට්ටඩි ගුරුකම් කරගත්තේ අම්බලන්ගොඩ අයෙකුගෙනි. හමුදාපති ශවේන්ද්‍ර ඥානා කාලි ලඟට ගොස් ගුරුකම් කරගත්තේ නොයා බැරි කමටය. ඒ කි⁣යන්නේ මිල්ටෙරි නන්දසේන ගේ අවශ්‍යතාවටය. ශවේන්ද්‍ර කට්ටඬි ගුරුකම් ගැන නිතරම විශ්වාසය තැබුවේ අප ඉහත සඳහන් කළ අයගේ උපදෙස්ය.

කෙසේවෙතත් හමුදාපති කමට කෙල වීම සිද්ධ වූයේ ඒ උපදෙස්ම බව අපට සිතේ. හමුදාපති ශවේන්ද්‍ර සිය කට්ටඬියා සමග නිතරම සීනිගම දේවාලයට යන බවත් එහිදී අගමැතිකම ලබා ගැනීම පිණිස පූජා බාර හාර වන බවත් රාජපක්ෂ පවුලට බුද්ධි තොරතුරු ලැබී තිබුණි. රාජපක්ෂ සනුහරය යනු කට්ටඩි ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසය තබා සිටින්නන්ය. ශවේන්ද්‍රගේ සීනිගම බාර හාර වීම ගැන රාජපක්ෂවරු තැති ගත්හ. එතැන් සිට රාජපක්ෂවරු හමුදාපති ශවේන්ද්‍ර කොන් කිරීමටත් ඔහුගේ දැඟලිල්ල සීමා කිරීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යෙදවීමත් සිදු කෙරිණි.

හමුදාපති ශවේන්ද්‍ර හමුදා කුමන්ත්‍රණයක් කළ හැකි යැයි සැකයක්ද රාජපක්ෂ වරු තුළ පැවතුණි. ඒ සැකය උත්සන්න වූයේ පසුගියදා එනම් 9/5 ගාළු මුවදොර ප්‍රහාරය සිදු වූ දාය. මහින්ද රාජපක්ෂ හා මිල්ටෙරි නන්දසේන එදින රට තුළ මතු වෙමින් තිබූ ප්‍රචන්ඩත්වය මර්දනයට හමුදාව යොදවන ලෙසට දිගින් දිගටම හමුදාපති ශවේන්ද්‍ර ගෙන් ඉල්ලා තිබුණි. එහෙත් ශවේන්ද්‍ර ඒ කිසිදු ඉල්ලීමක් තඹ දොයිතුවකට මායිම් නොකළ බව පැවැසේ. එයට අප දන්නා හේතුව නම් දැනට මාධ්‍ය වෙතින් හෙළි කරන ආකාරයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ සත්ව කරුණාව හෝ තක්කඩි මානව වාදී ගුණය නොවෙි. දැනටමත් ශවේන්ද්‍ර සිල්වා යුද අපරාදකරුවකු ලෙස ජාත්‍යන්තර හංවඩු තබා සිටින්නෙකි. 9/5 ගාලු මුවදොර ප්‍රහාරයත් සමග රට පුරා පැවැති ප්‍රචන්ඩත්වය මර්දනයට හමුදාව යොදවා යම් හමුදා වෙඩි තැබීමකින් මිනිසුන් ඝාතනය වීමේ සිදුවීමක් වූයේ නම් ඒ ගැන කට උත්තර දීමට සිදු වන්නේ හමුදාපති ශවේන්ද්‍රටය.

ඔහු එදින හමුදාව යෙදවීමෙන් මග හැරියේ ඔන්න ඔය කාරණය නිසාය. ඒ සමගම 9/5 ප්‍රහාරයත් සමග රාජපක්ෂලාගේ කෙරුවාව අවසන් බවටත් ශවේන්ද්‍ර වැරදි ගණන් හැදීමක සිටිය බවත් පෙනී යයි. ඒ වන විටත් ශවේන්ද්‍ර සිටියේ අගමැති හීනයකය. කට්ටඩියා ශවේන්ද්‍රගේ ඔළුව කුරෝළු කොට ඔබා තිබූ අගමැති හීනය ඒ තරමටම ශක්තිමත්ය.ශවේන්ද්‍රගේ හමුදාපති ක⁣ම කෙලවුනේ ඔන්න ඔය හන්දාය.

ඒ අතර ශවේන්ද්‍රගේ හමුදාපති කමට එරෙහිව තවත් අභියෝගයක්ද එල්ල වෙමින් තිබුණි. ඒ ඔහුගේ සේවා දීර්ඝය ගැසට් කර නැති බව අනිද්දා පුවත්පතේ ලසන්ත රුහුණුගේ වාර්තා කර තිබීම නිසාය. කෙසේවෙතත් ඒ ප්‍රශ්ණය තවම නිරාකරණය වී නැත. හෙට අනිද්දා වෙන විට මේ ප්‍රශ්ණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වෙන්නට ඉඩ තිබේ. ජනපති වරයාගේ ගැසට් කිරීමක් නොමැතිව ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිකමේ සේවය කොට ඇති බව එහිදී තීන්දු වුන හොත් බරපතල අර්බුදයක් නිර්මාණය වන බව නිසැකය. ඒ ශවේන්ද්‍ර සිල්වා හමුදාපති තනතුරේ සිටිමින් මුල්‍ය වංචාවක නිරත වූයේ යැයි චෝදනා නැගෙන්නට ඉඩ ඇති බැවිනි. මිල්ටෙරි නන්දසේන පාර්ශවය හෙට අනිද්දා වන විට ශවේන්ද්‍ර සිල්වා කුජීත කිරීමට ඒ තුරුම්බුව එළියට දමන්නටද බැරි නැත.

ශවේන්ද්‍ර සිල්වාගේ අළුත් තනතුර වූ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හරියට සාමවිනිසුරු තනතුරක් හා සමානය. එම තනතුර ගෞරවණීය වරප්‍රසාදයක් මිස වගකීම් සහිත රාජකාරියක් නොපැවරේ. මෙම තනතු⁣රේ ඉතා කෙටි කාළයක් නිරතව සිට විශ්‍රාම යන බව ශවේන්ද්‍ර සිල්වා ඔහුගේ හිතවතුන්ට ප්‍රකාශ කර තිබේ. තමන්ට ජනතා ප්‍රසාදයක් තිබෙන බැවින් ඉන්පසුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට එළඹෙන බවත් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර ඇත. ඔහු මේ නොකියා කියන්නේ ඔහුගේ ඔළුවෙි වැඩ කරන අගමැති හීනය හැබෑ කර ගැනීමට දේශපාලනයට එන බව මිස වෙන දෙයක් නොවන බව සහතිකය. නමුත් මේ වන විටත් මිල්ටෙරි නන්දසේන විසින් 9/5 ප්‍රහාරයේදී හමුදාපති වරයා වගකීම් පැහැර ඇද්ද යන්න සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවද අපට අමතක කරන්නට බැරිය. ඒ කමිටුවේ තීන්දු තීරණ අනුව ශවේන්ද්‍රට ප්‍රජා අයිතිය අහිමි කිරීමේ හෝ වෙනත් දඬුවම් නිර්දේශ වීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත් ඒ සියල්ල ගැන අපට කිසිත් ස්ථිරවම යමක් කියන්නට නොහැකිය. ශවේන්ද්‍ර සිල්වා ⁣පදක්කම් හැට හුටාමාරක් පදක්කම් එල්ලා ගෙන මාර පොරක් විදියට පෙනී හිටියද ඥනා කාලී වැනි කනවැද්දුම් ගෑනියකුගේ දෙපා ලග දණ ගසා වැඳ ගෙන සිටීම ගැන නම් අපට කියන්නට ඇත්තේ අනේ පවු කියාය.

මෙහෙව් පොරවල් මෙරට දේශපාලන නායකත්වයට තෝරා ගන්නට ⁣ජනතාව පෙළඹුන හොත් එය මිල්ටෙරි නන්දසේන තෝරාගෙන කෙලවා ගත්තා හා සමානම කෙලවා ගැනීමක් බව පමනක් අපි මෙහි දැනට ලියා තබමු.

Share78Tweet49Share20
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.3k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka