එස් එල් ව්ලොග් මෙහෙය වු දර්ශණ හදුන්ගොඩ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. ඒ දර්ශන රටේ ධනය හොරාකා හෝ අයතා පරිහරණය කිරීම නිසා නොව, රාජපක්ෂ නැමති බුවල්ලා විසින් රටේ ජනතාවගේ හා උපදින පරම්පරාවද ණයකරුවන් කොට ගසා කා ඇති අන්දම රටට ලෝකයාට හෙලිකිරීමේ වරද දර්ශණ හදුන්ගොඩ සිදුකර ඇත.
ඒ නිසාම රාජපක්ෂ ජුන්ටාවට එවනි මාධ්‍යකරුවන්ගේ ගෙල සිදීම රාජපක්ෂලාගේ ක්‍රමයයි. එනිසා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.
අපි රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබට ඇත්ත කියන, තොරතුරු සපයන මිනිසුන් ඔබ ආරක්ෂා නොකලහොත්, ඔබලාව රාජපක්ෂා යදම් දමා උන්ගේ බල්ලන් කරන දිනය වැඩි ඈතක නොවන බවයි.