මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට ගෝචර වන්නේ එකම විධියටයි. එනම් දෙකම හානිකරයි. දෙකෙන්ම අපි ආරක්ෂා විය යුතුයි. දෙකම පිටුදැකිය යුතුයි යන්නයි. බහුතරයට ඔය දෙකේම හිතකර version එක නොදකියි. දැන් ඩොලර් නැහැ කියල කෑගහනවා. ඩොලර් මොකාටද? ඒක විදේශ බලවේගයක සංකේතයක්නේ. 2500ක් පැරණි අපි රුපියල තිබ්බම මදැයි කියන්නනේ නැත්තේ ඇයි? අපිට පුලුවන්ද පිටුදකින්න විදේශ බලවේග?
විදේශ ආයෝජන? ඒවත් බලවේගනේ. කොලෙස්ටරෝල්ද වර්ග දෙකයි. ඒ සරලව හොඳ කොලෙස්ටරෝල් හා නරක කොලෙස්ට රෝල් ලෙසයි. පිටු දැකිය යුත්තේ නරක කොලෙස්ටරෝල් පමණි. හොඳ කොලෙස්ටරෝල් අත්‍යවශ්‍යයි. නමුත් බහුතරය සම්පුර්නෙන්ම කොලෙස්ටරෝල් අයින් කල යුතුයයි සිතයි. එය අකාලේ වලපල්ලට යන ආකල්පයකි. බහුතරය කොහොමටත් එහෙමනේ. රටත් ඇදගනිමින්මයි යන්නේ. ඒකයි ප්‍රශ්නේ.
2022 සිට ඔබ්බට අපි 100%ක් ම විදේශයන් මත යැපෙනු ඇත. කරන්න දෙයක් නැහැ, බංකොලොත් හා අසමත් රටක ඉරණම එයයි. කරන්න තියෙන්නේ 2500 අහංකාරය පත්තක තියල හොඳ විදේශ බලවේගවලට “..හායි මෙයාලා..” කියා ඉඟිබිඟි පෑමයි. මම හිතන විධියට එය පටන් ගත යුත්තේ දෙමුහුම් අධිකරණයකිනි (Hybrid Judiciary), එනම් විදෙස් විනිසකරුවන්, අධිකරණ වෘත්තිකයන්ට ඔවුන්ගේ රටවලම වියදමින් අපේ රටට ආරාධනා කිරීමය.
මේක “අපට” වාසිදායක වන්නේ කොහොමද කියල විග්‍රහ කරන්න පුළුවන්. ඊට පෙර “අප” යන්න පැහැදිලි කල යුතුයි. මෙතැනදී “අප” යයි මම කියන්නේ, මම හා ඔබ අයිති සාමාන්‍ය ජනතාවයි, පාලකයා නොවේ. මේ දෙමුහුම් අධිකරණය පාලකයා අනිවාර්යෙන් ලෙමන් පෆ් මාරාන්තික උපවාස කරන්න යන්න වෙන සයිස් අප්සැට් යන වැඩකි. අපේ සියලු සම්පත් මංකොල්ල කාගනිමින් අප දණගැස්සවූ පාලකයා අපේ පරම සතුරා බව කියන්න දෙයක් නැහැනේ දැන්. ඒ නරුමයා අපේ පාලකයා නොව අපිට බය, අපේ සුවච කීකරු සේවකයා දක්වා අඬුබඩු කඩා පැත්තක තැබීමේ ක්‍රමවේදයන් තමයි මේ කියන්න යන්නේ. මේ ලිපියේ මෙතැන් පටන් “උන්” කියන සෑම වෙලාවකම අදහස් වන්නේ ඒ අපේ පරම සතුරායි.
වර්තමානයේ අධිකරණ ක්‍රමය හැඩගස්වා ඇත්තේ හැකි හැමවිටම “උන්” ආරක්ෂා කරමින්, “අප”ට පමණක් නීතිය ඉදිරියේ සමානයන් කරමින්. මෙසේ වන්නේ විනිසකරුවන් රාජ්‍ය සේවකයන් ලෙස පාලන තන්ත්‍රයේ ග්‍රහණයට හසුකර තිබෙන බැවිනි. නඩුකාරයත් ජීවත් වෙන්න ඕනේ. දුව නුවරට නෙවෙයි පිදුරුතලාගලටම නොදුන්නොත් ලෙඩේ. පුතා අහවල් ලන්තයේ අධ්‍යාපනයට යැවිය යුතුයි. ඒ ඔක්කොම කරන්න ජොබ් එක ඕනේ. ජොබ් එක රැකගන්න නඩුකාරයා ඉන්නෙත් “උන්” එක්ක. මේ යාන්ත්‍රණයේ “උන් හිතකාමී” බවේ බල බිඳීමෙන් “උන්” කෙමෙන් අඩපණ වෙන්න පටන් ගනු ඇත. ඒ සඳහා දෙමුහුන් අධිකරණ ක්‍රමවේදයක් (හොඳ කොලෙස්ටරෝල්) ක්‍රියාත්මක කිරීම පටන් ගත යුතුයි.
ගැඹුරින් විග්‍රහ කල හැකි පුළුල් පරාසයක් නමුත් සරලව කිව්වොත් නඩුකාරවරු තුන්දෙනෙක් සහිත නඩු විභාගයකදී එක්කෙනෙක් අන්තරජාතික විනිසුරුවරයෙක් හිටියා නම් අනෙක් නඩුකාරයන් දෙන්නා “උන්ගේ” කෝල් එකට අවශ්‍ය විධියට නඩු තීන්දුව ලිවීමට බිය වනු ඇත. එතැනදී එක විදෙස් නඩුකාරයෙකුට 100%ක බලපෑම නොලැබෙන නමුත් ව්‍යංගයෙන් ඇතිවන ප්‍රතිරෝධය බලවත්, “අපිට” වාසිදායකය. ලංකාවේ අධිකරණ හැසිරීම හා තීන්දු රටේ මහජනතාවගේ අයිතීන් ආරක්ෂා නොකරන බවට ඔහුගේ වාර්තාවල ලියවෙනු ඇත. ඒවා ලොවපුරා සැරිසරනු ඇත.
මෙන්න මේවා තමයි හොඳ කොලෙස්ටරෝල්. “උන්” මේකට කලබලවනු ඇති. අපිට හොඳයි.
අපේ රටේ පොලිසිය විසින් අධිකරණය ගෙන එන සැකකරුවන්ගෙන් 80% කට වඩා පස්සේ විවිධ හේතු නිසාවෙන් නිදහස් වෙයි. බොහොමයක් තාක්ෂණික හේතුයි. ඇත්තමට සමහර දේවලට පොලිසිවලට කරන්න දෙයකුත් නැත. හේතුව ඔවුන්ට අපරාධ මර්ධනයට අවශ්‍ය පහසුකම් වැඩිවීම කෙසේ වෙතත් තියෙන පහසුකමුත් “උන්” විසින් කප්පාදු කිරීමයි.
ඉස්සර පොලිසියේ ඕනෑම සැකකරුවෙකු හඹා යා හැකි අධිබල Suzuki 450cc මෝටර් සයිකල් වෙනුවට දැන් ඇත්තේ බජාජ් 115cc හුටු හුටුවකි. ජීප් වෙනුවට ත්‍රීවීලරුයි. ඒ අතර 70 ගණන් වල මන්ත්‍රීවරයෙකුට ලැබුණු කොලපාට රෙක්සින් ගහපු කෘෂිකර්ම ජීප්එක වෙනුවට දැන් V8 තුනක් දක්වා උන් දියුණු වී ඇත. ඔය V8 එකක් පන්නා යන්නට බජාජ් හුටු හුටුවට/ත්‍රීවීලයට නොහැක. එහෙමයි පොලිසිය දුර්මුඛ වුනේ.
කවුද අනාරෂිත වුනේ? අපියි. කවුද සුරක්ෂිත වුනේ? උන්! මෙන්න මෙයටත් ඔය දෙමුහුම් අධිකරණ තත්වයෙන් පිළියම් එනු ඇත. එනම් ඇත්ත තත්වය වාර්තා වී අදාළ ආයතනවලට පහසුකම් සපයා දීමට සමෘද්ධිමත් රටවල් කෙමෙන් පෙළඹෙනු ඇත. දැනට දැනට ඇත්ත තත්වය වහල තියෙන්නේ, කංකාරිය වගේ. එතකොට විවෘත වෙනවා. ඒක අපිට වාසියි. (උන්ට හැබැයි ලෙමන් පෆ්).
උන් දණ ගස්සවනේ එහෙමයි.
“උන්” මේවාට අවධානය යොමු නොකරයි. එකක් ඒ ප්‍රදානයන් දැඩිව නියාමනය කෙරෙන බැවින් “උන්”ට හොරකම් කිරීමට නොහැකි වීමයි. අනෙක “අපි” අපේ අයිතීන්/හිමිකම්, අපේ පරමාධිපත්‍ය වපසරිය දැනගෙන, රටේ නීතිය හොඳින් ක්‍රියාත්මක වෙන්න ගත්තොත් උනුත් නීතිය ඉදිරියේ අප සමඟ සමාන වෙයි කියන බියයි. අපිට උන්ගෙන් වැඩක් නැත. අපි සියළු යාන්තරණයන් ක්‍රියාත්මක
කල යුතුයි. (නීතිඥ සංගමය මෑත භාගයේදී ක්‍රියාත්මක කල ජනතාවාදී වැඩපිළිවෙලද ප්‍රශංසා කටයුතුය)