මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන් කර ඇත්තේ මෙරට මහේස්ත්‍රාත්වරුන් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිසා රට තුළ අර්බුදයක් ඇති වී බවය.
මේ ලිපිය තුළින් මෙරට නීතිය ගැන මේජර් ජනරාල් ලේකම්වරයාගේ දැනුම අවබෝධය වටහා ගත හැකිය. එසේත් නැති නම් මොහු මහේස්ත්‍රාවරු යනු මේජර් ජනරාල් කෙනෙකුට යටත්ව සිටිය යුතු වහළුන් ලෙස සිතනවා වෙන්නට පුළුවන.
පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා යනු රාජ්‍ය නිළධාරියෙකි. සිය තනතුරට අදාලව ආයතන සංග්‍රහයේ පවතින නීති පද්ධතිය උල්ලංඝනය කරමින් පොලිස් අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් වරයා අග්‍ර විනිශ්චයකාරවරයාට යොමු කළ ලිපිය අධිකරණයට කළ බලපෑමක් මෙන්ම අපහාසයක් බවද අපගේ විශ්වාසයයි.
මේ ලිපිය අග්‍රවිනිශ්චයකාරයාට යොමු කිරීම පිළිබඳව මෙම මේජර් ජනරාල් ලේකම්වරයාට එරෙහිව කටයුතු නොකළහොත් එය වෙනත් රාජ්‍ය නිළධාරීන් සම්බන්ධයෙන් වූ නරක පූර්වාදර්ශයක් විය හැකි අතරම අධිකරණයේ ස්වාධීනත්වය ගැන මහජනතාව තුළ සැක සංකා මතුවීමටද හේතුවක් විය හැකිය.