• Latest
  • Trending
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Wednesday, July 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
in Local News, Political
0
Rajapakshe-Brothersa
197
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ වෙතත් මෙහිදී අපට එල්ටීටී නායක වේළුපිල්ලේ පිරබාහරන් එකල කළ සිය කාඩරය අමතා කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් අමතක කරන්න⁣ට නොහැකිය

“..නුඹලා ප්‍රහාරයකට ගිය විට ඕනෑ තරම් විරුද්ධවාදීන් ඝාතනය කරන්න.නමුත් ඔවුන්ගේ කණකර බඩු වලට අත නොතියන්න.ඔබගේ විරුද්ධවාදීයා මිය ගිය ඥාතියා පිළිබඳව හඬා වැලපෙන්නේ දින හතක් පමණි.එහෙත් ඔවුන් පැහැර ගන්නා ලද කණ කර බඩු ගැන ජීවත් වෙන තුරු නුඹලාට සාප කරනවා ඇත…”

මේ ප්‍රකාශය අපට සිටි ප්‍රධාන එදිරිවාදියා විසින් අප පිළිබඳව කළ “සත්‍ය රෙකමදාරුවක්” බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. අපේ රටේ පවතින දේශපාලනය ගැන විමසන විට එය තහවුරු කෙරෙන සාක්ෂි ඕනෑ තරම් සපයා ගන්නට හැකිය.

9/5 ප්‍රහාරය සැළසුම් කරමින් පවතින බව අප විසින් ඊට පෙර දිනයේ වාර්තා කරන ලදී. මේ අශීලාචාර ප්‍රහාරය සැළසුම් කරන ලද්දේ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂය. සියල්ල සැළසුම් කළ යෝෂිත රාජපක්ෂ ඊට පසු දින සිය බිරිඳ සමග විදේශගත වූයේ කිසිත් නොදන්නා අයෙකු විදියටය. මේ මිනීමරු රාජපක්ෂවරුන්ගේ හැටිය. ඒ ගැන අප චරිත සහතික ලියන්නට ඕනෑ නැත.

2022 මැයි මස 16 දිනැතිව රාජපක්ෂ පවුලේ ලේ ඥාතියකු වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංඟ වීරතුංග විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය කියෙව්වාම හොඳටම ඇතිය. මේ මාධ්‍ය නිවේදනය මෙහි ඇති බැවින් අප එය එය සම්පූර්ණයෙන් මෙහි පල නොකරමු. අප ඉන් ගත්තේ රාජපක්ෂලාගේ තිරිසන් මෙලේච්ඡත්වය ගැන ඉතා ප්‍රබල සාක්ෂියක් ලෙස ගත හැකි කොටසක් පමණය. උදයංග වීරතුංඟ එහි මෙසේ ලියා තිබේ.

“….ඉදිරියේදී මා හදිසි අනතුරකට ලක්වුන හොත් මගේ නිවස ගිණි ගත්තොත් හදිසියේ අත් අඩංගුවට ගත හොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණියොත් මා තේරුම් ගන්නේ ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙංචයියන්ට උපදෙස් දී ඇති බවය …..”

උදයංඟ වීරතුංග විසින් මේ ලියා ඇති තොරතුරුවල යටි පෙල තුල සැඟවී ඇත්තේ මිල්ටෙරි නන්දසේන ගේ⁣ කෙරුවාව ගැනය. මේ සාක්ෂිය අපට වැදගත් වන්නේ මෙලෙස තම ජීවිත අවදානම ගැන ලියා ඇත්තේ අවුරුදු ගණනාවක් තිස්සේ මිනීමරු රාජපක්ෂවරු සමග “එක මල්ලේ ලුණු කෑ”ලේ ඥාතියකු නිසාය. රාජපක්ෂවරුන් මේ රටේ සිදු කළ අපරාද පිළිබඳව හා ඒවාට මුහුණ දුන් වින්දිතයන්ගේ අනාවරණය කිරීම් සත්‍ය බවට මින් තහවුරු කර තිබේ.

9/5 ප්‍රහාරය දින විවිධ ප්‍රදේශවලින් අරලිය මන්දිරයට ගෙන්වූ පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් වෙත අගමැති තනතුරෙන් මහින්ද රාජපක්ෂට ඉල්ලා අස් නොවෙන ලෙස අවදාරණය කරමින් පැවැති රැස්වීම සැළසුම් සහගතව ගිණි ඇවිලීමේ හනුමා වූයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය. මෙය ක්ෂණිකව සැකසුන සැළසුමක්ද නොවේ. ඒ සඳහා පසුබිම සකස් කළ ආකාරය ගැනද මෙහිදී දැනුවත් වීම වැදගත්ය.

මෙදින කොල්ලුපිටිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ලෙස වශයෙන් කටයුතු කරන ලද්දේ විෂමාචාර කටයුතු සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ⁣චෝදනා ලැබූ නිළධාරියෙකි. මෙම නිළධාරියා කොල්ලුපිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති වරයා ලෙස පත් කරන්නේ ප්‍රහාරයට දින දෙකකට බව මතක තබා ගත යුතුය. අනුරාධ හේරත් නම් මොහු මීට පෙර ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කරම්න් සිටියදී සිදු කරන ලද විෂමාචාරයන් නිසා සේවයෙන් පහත හෙලා කුරුදුවත්ත පොලීසියට ස්ථාන මාරු කරන ලද අයෙකි. මොහුගේ පියා පුත්තලම හිටපු දිසා ලේකම්වරයකු වන අතර විශ්‍රාම යාමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධව අතිරේක ලේකම් වරයකු ලෙස කටයුතු කර ඇතැයි අපට වාර්තා වී තිබේ. මෙහිදී අපට දැනගන්නට ලැබුන වැදගත්ම දේ වන්නේ මේ පොලිස් කාරයා හිටපු අමාත්‍යය සනත් නිශාන්තගේ සමීපතම ඔඩොක්කු කුක්කකු වන කාරණයයි.

සනත් නිශාන්ත මෙම 9/5 ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරුවෙකි. යෝෂිත රාජපක්ෂ හා රාජපක්ෂ පවුල හා සම්බන්ධ තක්කඩි දේශපාලඥයන් සැළසුම් කළ මේ ප්‍රචන්ඩ සාහසික සැළසුම දියත් කිරීමට පදනම සළසා ගත්තේ අරලිය ගහ මන්දිරයට ආ පාක්ෂිකයන් ඉතා සියුමි ආකාරයෙන් සාහසිකත්වයට පෙළඹවීමෙනි. එහි පැවැත්වූ රැස්වීමේදී පාක්ෂිකයන් ඇමතූ අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම ගැන කිසිදු ප්‍රකාශයක් කෙරුවේ නැත. ඔහු කීවේ ජනතාව වෙනුවෙන් ඕනෑම කැප කිරීමකට සූදානම් බවය. තමන් වට කරගෙන සිටි දේශපාලන මදාවියන් වට කරගෙන මහින්ද රාජපක්ෂ මෙහිදී චණ්ඩියාට ඇන්දේය. එහි සිටි පාක්ෂිකයන් කුල්මත් වූයේ තම නායකයාගේ “ජවය” ගැනය. එහි පැවැති තරුණකම ගැන ඔවුන් ආඩම්බරයට පත් වූ බව නිසැකය. ජොන්ස්ටන් ප්‍රනාන්දු ගිණි තැබුවෙි ඒ ආඩම්බරයටය.

රැස්වීම අවසානයේ අරලිය මැදුරෙන් කාබී එලියට ආ පාක්ෂිකයන් ප්‍රථමයෙන් පහරදුන්නේ මයිනාගම සාමකාමී උද්ඝෝෂණයක් කළ පිරිසටය. ඔවුන් සාහසික ආකාරයෙන් උද්ඝෝෂණයේ නිරතව සිටි අයට පහරදී එහි තිබූ කූඩාරම් බැනර් ගිණි තැබූහ. මෙම උද්ඝෝෂණයේ සිට ආබාධිත රණවිරුවෙකුට පහර දුන් සාහසිකයා නාවුක හමුදා රග්බි ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ සජිත් සාරංඟය. එහෙත් මෙම පහරදීම සිදු කරන ලද්දේ ඩෑන් ප්‍රියසාද් විසින් යැයි ඇතමුන් වැරදි වැටහීමක සිටී. ඒ සජිත් සාරංග නම් සාහසිකයා ඇඳ සිටින ඇඳුම නිසාය. එදින ඩෑන් ප්‍රියසාද් නම් කට්ටඬියා ඇඳ සිටියේද ඒ සමාන ඇඳුමකි. කට්ටඬි ඩෑන් ප්‍රියාසාද් අතෙහි ඔර්ලෝසුවක් බැඳ තිබීමත් සජිත් සාරංග අතේ ඔර්ලෝසුවක් නැති වීමත් මේ සාහසිකයන් දෙදෙනා වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට ඉඩ සැලසේ. නාවුක හමුදා රග්බි කණ්ඩායම යෝෂිත රාජපක්ෂට සම්බන්ධය. ඒ යෝෂිත රාජපක්ෂ එම රග්බි කණ්ඩායම නියෝජනය කළ නිසාය. මින් අපට වටහා ගත හැකි කරුණ වන්නේ 9/5 ප්‍රහාරයට ⁣රාජපක්ෂවරු පාක්ෂිකයන් හැරුණ ව්ට සිය සමීපතමයන් පවා යොදා ගෙන ඇති බවය. මෙහි සිටි ඇන්ඩෘ දේවදාසන් පියතුමාට පහර දුන්නේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්ප ලාල් කුමාරසිංහ හා ඔහුගේ රියදුරු රතු නැමැත්තාය. මේ සභාපතිවරයාගේ ⁣සහෝදරයා ගෝනාපිනුවල ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යමින් හා හොරොයින් ජාවාරමේ නිරත වන ලුම්පන් මදා⁣වියෙකි. සිය සහෝදරයාගේ හෙරොයින් ප්‍රවාහණයට අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිල කැබ් රිය යොදාගන්නා බවටද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම මැර ප්‍රහාරයේ කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කරන ලද්දේ මොරටුව නගර සභාවේ සභාපති සමන්ලාල් ප්‍රනාන්දු හා ඔහු සමග පැමිණි මැරවරයන්ය. අනෙකා මහින්ද කහඳගම වන අතර ඔහු සමග ආ කෙහෙල්වත්ත ප්‍රදේශයේ පාදඩයන්ද ඉතා අමානුෂිකව විරෝධතා කරුවන්ට පහර දුන් බව දැක ගත හැකි විය. මයිනාගමට පහර දුන් පිරිස ඊළඟට ගෝටා ගෝ ගමට පහර දීමට පැමිණියේ ජයග්‍රාහී ආකාරයෙනි. මේ වන විටත් විශාල පොලිස් කණ්ඩායමක් ගාළු මුවදොර රඳවා සිටියද එම ප්‍රහාරය වලක්වා ගැනීමට එම පොලිස් කණ්ඩායම් කිසිදු උත්සාහයක් නොගත් බව ඇස් පනා පිට දකින්නට තිබුණි. ඡෙ.නි.පොලිස්පති දේශබන්දු ඉතා සැහැල්ලුවෙන් හිටපු අමාත්‍ය සනත් නිශාන්ත සමග එම සාහසික කණ්ඩායම සමග එකට ගමන් කරන ආකාරය දැක ගත හැකි විය. ඔහුගේ ශරීර බස තුළින්ද නිරූපනය වූයේ ඉදිරියේදී සිද්ධ වෙන දේ පිළිබඳව ඔහු දැනුවත්ව සිටි බවය.

මෙම ප්‍රහාරයට පෙර දින එනම් 8/5 දින සිදුවූ තවත් අපූරු පුවතක් ගැන අපට ආරංචි වී තිබේ. මෙය සිද්ධ වූයේ මෙදින යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යාපනය කෝපායි හමුදා ප්‍රජා මධ්‍යස්ථානය විවෘත කිරීමේදීය. මෙම විවෘත කිරීමෙන් පසුව යාපනය ආරක්ෂක සේවා මූලස්ථානයේ හමුදා නිළධාරීන් විෂයෙහි රාත්‍රී සාදයක් පවත්වා තිබේ. මේ සාදයේදී හමුදාපතිවරයා කියා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළදී රට තුළ පවතින සියළු විරෝධතා අවසන් කරන බවය. එම අවස්ථාවේ එහි සිටි යුද හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් නිශාන්ත මානගේ හමුදාපති වරයාට කියා ඇත්තේ විරෝධතාකරුවන්ට එල්ල කරන ජල ප්‍රහාර වලදී අසූචි කළවම් කොට පහර දීම සුදුසු බවත් ඒ සඳහා පොලිස් ජල ප්‍රහාරක රථ වලට අසූචි සැපයීම හමුදාවට කර හැකි බවය.

මෙම මේජර් ජනරාල්වරයා ඊට දින කිහිපයකට පෙර රට පුරා සිටින ආඥාපතිවරුන් දැනුවත් කර තිබුණේ විරෝධතා සම්බන්ධයෙන් පොලීසියේ මැදිහත් වීම සක්‍රීය ආකාරයෙන් ⁣නොවන නිසා ඒ සඳහා යෙදවීමට හමුදා භට පිරිස් සූදානම් කර තබන ලෙසය.

හමුදාපති වරයා හා ⁣එහි සිටි ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් කළ කතා බහ ගැන තවදුරටත් අවධානය යොමු කළ හොත් 9/5 ගාලු මුවදොර ප්‍රහාරයෙන් පසුව රට තුළ හමුදාමය මෙහෙයුමක් සිදු කිරීමේ සැලසුමක් තිබූ බවද අපට සිතේ. මේ වන විට එදින මයිනාගෝ ගම හා ගාළුමුවදොර කේන්ද්‍රීය කරගනිමින් වූ සාහසික අපරාදය සම්බන්ධ වූ⁣යේ යැයි සාහසිකයන් 17 දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් විදෙස් ගමන් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ. මේ කොටුව මහේස්ත්‍රාත් යනු ලියාපදිංචි නොවූ අලියෙකු තබා ගැනීම සම්බන්ධයෙන් හා කැසිනෝ සමාජශාලාවකදී පිස්⁣තෝලයක් එල්ල කොට මැර හැසිරීමක් ගැන චෝදනා ලැබූවෙකි. ඔහු මහේස්ත්‍රාත් පදවියට පත් වීමට පෙර දිනේෂ් ගුණවර්ධන ගේ දේශපාලනයට සම්බන්ධව සිටි අයෙකි. 9/5 ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා කොට පුද්ගලයන් 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ලබා දීමට මේ මහේස්ත්‍රාත්වරයා කටයුතු කරන ලද්දේ ඒ මොහොතේ පැවැති සමාජ වටපිටාවේ ස්වරූපය තේරුම් ගැනීම නිසා බව පැහැදිලිය. එසේ නැති නම් රාජපක්ෂ ඔඩොක්කු කුක්කෙක් වූ මෙම මහේස්ත්‍රාත්වරයා මෙවැනි තීන්දුවක් ගන්නේ නැති බව අපට විශ්වාසය.

විදේශ ගමන් තහනම් කරන ලද සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා වන්නේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, කැරැලි ගැසීම, අන්තරායදායක ආයුද වලින් තුවාල සිදු කිරීම, සාපරාධී බිය ගැන්වීම,හිරි ඔතප් බිඳිමේ අදහසින් ස්ත්‍රියකට අඩන්තේට්ටම් කිරීම, කැරැල්ලක් ඇති කරවීමේ අදහසින් නිකරුණේ ප්‍රකෝප කිරීම, නීති විරෝධී රැස්වීමකට කුලියට ගනු ලැබු තැනැත්තන් හට නවාතැන් දීම යන ඒවාය.

මේ වන විට 9/5 ප්‍රහාරය සම්බන්දව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සනත් නිශාන්ත, පවිත්‍රවන්නිආරච්චි,ඡෙ.නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විසි පස් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන පරීක්ෂණ පවත්වන ලෙසට පොලිස්පති වරයා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ ඩබ්ලිව්.තිලකරත්නය. මොහු වසර 15 ක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි. කොටින්ම කියතොත් රාජපක්ෂ සනුහරේ සමීපතම හුරතලෙකි. අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද වන විට අනුයුක්ත කර ඇත්තේද ඡෙ.පො.අධිකාරී ශානි අබේසේකර විසින් විෂමාචාර චෝදනා නගා ඒවා තහවුරුව ඉන් නෙරපා හරින ලද නිළධාරීන් පිරිසක්ය.

රාජපක්ෂ වරු යනු දේශපාලන අම්බ තක්කඩියන්ය. ඔවුන්ට එරෙහිව රට පුරා ඇවිළුන මහා ගින්න නිවන්නට ඔවුන් සමත් වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති කරවමිනි. රනිල් වික්‍රමසිංහ අගමැති කරවීමේ සැලසුම සැකසෙන්නේ වජිර අබේවර්දන හා ඇවන්ගාඩ් සේනාධිපතිය. මොවුන් දෙදෙනා පිටියට දැමූ තුරුම්බුව දැන් සියළුම පක්ෂවලට දිරවා ගන්නට බැරි තරමේය. රට මහත් ඛේදවාචකයට මුහුණ දෙන බැවින් රනිල් වික්‍රමසිංගේ අග්‍රාමාත්‍ය නායකත්වයක් යටතේ පළමුවෙන් රට ⁣ගොඩ නගමු යන මතවාදය තුළ මෙතෙක් කල් රාජපක්ෂවරුන්ට එරෙහිව නැගුන චෝදනා හීන් කෙඳිරියක් බවට පත් වෙමින් තිබේ. අප මුලදී වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දින හතේ මතකය ගැන සිහිපත් කෙරුවේ රට පුරා අද පවතින හැඩය ගැන සිතාය.

පාර්ලිමේන්තුවේ දෙසීය විසි පහම ප්‍රතික්ශේප කරන ලද ජනතාවට පාර්ලිමේන්තුව තුලින්ම එකෙකු සොයා දීමට රාජපක්ෂ තක්කඩියන් දක්ෂ වී තිබේ. රාජපක්ෂලාගේ මේ තක්කඩි ගේම ගැන ජනතාවට නැවත සිහිපත් වනු ඇත්තේ බඩගින්නේ බඩ කොරවන දවසකය.

ඒ දවස කවදාද කියන්නට අප නොදන්නා මුුත් වජිර අබෙිවර්ධන හා ඇවන්ගාඩ් සේනාධිපති ඒ දවස වන විට රාජපක්ෂ වරු යනු රටට ආදරය කරන හරි ෂෝයි දේශප්‍රේමීන් යැයි සිතන තරමට නැවතත් මෙි රටේ ඔළු හදා වැඩේ ගොඩ දාන බව නම් සහතිකය.

Share79Tweet49Share20
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.4k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka