වර්තමාන දේශපාලනයේ හොදම අලෙවිය ඇත්තේ මේ ආර්ථික අර්බුදයෙන් රට බේරාගන්නට කැපවෙමු යන්නය. දැන් රාජපක්ෂවරුන් සිදුකළ වංචා දූෂණ වලට එරෙහි හඬ දියාරු වෙමින් තිබේ. පාස්කු ප්‍රහාරයේ අඳොනා හා චෝදනා යටපත් වෙමින් ඇත. තක්කඩියන් ජනතාවට ආර්ථික සහන සැලසීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් වීම ගැන ජයමංගල ගාථා කියති.
පසුගිය සතියේ රාජපක්ෂවරු සිටියේ එල්ලෙන්න වැලේ වැල් නැතුවය. තමන්ගේ දේශපාලන ඉරණම ගැන බය බිරාන්ත වෙලාය. මිල්ටෙරි නන්දසේන අන්තිම තුරුම්පුව විසිකෙරුවේය. ඒ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබාම කැපීමය. ඇවන්ගාඩ් සේනාපති මිල්ටෙරි නන්දසේනට අවශ්‍යය කෙරෙන දඩයම සදහා කැලෑව ශුද්ධ කර දුන්නේය. ඒ එජාපයේ සභාපති වජිර අබේවර්දන හරහාය. එජාප සභාපති වජිර අබේවර්දනත් ඇවන්ගාඩ් සේනාධිපති අතරත් ඇති යාළු මිත්තරකම කිරට පැණිසේය. රාජපක්ෂවරු වැටී තිබෙන අවාසනාවන්ත ඛේදවාචකයෙන් මුදවා ගන්නට වජිර අබේවර්ධන හා එකග වන්නේ මේ ඇවන්ගාඩ් සේනාධිපති මැදිහත් වීම හරහාය.
මේ සඳහා ඇවන්ගාඩ් සේනාධිපති පිටියට විසි කරන ලද මුදල අතිවිශාලය. රාජපක්ෂවරුන් සිදුු කළ නොසන්ඩාල වැඩ වලට එරෙහිව තිබූ ජනතා හඬ යටපත් කිරීමේ වටපිටාව නිර්මාණය වූයේ ඒ ආකාරයෙනි. මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය හා ඇවන්ගාඩ් සේනාධිපති ඇතුළු රාජපක්ෂ කිනිතුල්ලන් ඉනිකුනන්ද දැන් සැනසුම් හෙළමින් සිටින බව නිසැකය.
ගෝල්ෆේස් අරගලය තුළ මින් ඉදිරියට සිටිනු ඇත්තේ මවුබිමට සැබෑ ලෙස ආදරය කරන අතලොස්සක් විතරමය. පහුගිය දවස් වල රටේ ජනතාව කෑ ගැසුවේ පාර්ලිමේන්තුවේ දෙසීය විසි පහම එපා කියාය. දෙසීය විසි පහට අප්‍රසාදය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යට ඇදුම් එල්ලීමේ ව්‍යාපාරයක්ද ඇරඹිනි. එහිදී චින්තන ධර්මදාස වැනි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ප්‍රසිද්ධයේ තමන් ඇඳ සිටි යට ඇදුම එම භූමියේ එල්ලන හැටි ජනමාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
දැන් චින්තන ධර්මදාස ආපසු වටයක්ම කැරකැවී ඇති බව ඔහු මුහුනු පොතේ ලියවිලි වලින් හැඟී යයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ දෙසීය විසි පහ අතරේ හොඳ එකෙක් සිට ඇති බව ඔහුට දැන් තේරුම් ගොස් තිබේ. ඒ රනිල් වික්‍රමසිංහය. මේ චින්තන ධර්මදාසගේ චින්තනය විතරක් නොවේ. රටෙි බොහෝ දෙනෙකු අතර මතුවෙමින් පවතින චින්තනයයි. දෙසීය විසි පහම එපා කියා යට ඇදුම් එල්ලූ වුන් අතර දැන් රනිල් වික්‍රමසිංහ හොදය මරුය නියමය කියන චින්තන ධර්මදාස වගේ පොරවල් සිටී නම් අර එල්ලූ යට ඇදුම් ආපසු අරන් ඒම සඳහා දිනයක් වෙලාවක් යොදා ගත්තා නම් හරිම අපූරුය. එය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සිදු කරන සුවිශේ ප්‍රචාරණයක් වනු ඇති බවද සිහිපත් කළ යුතුමය.
මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂවරුන්ට එරෙහිව පැවැති මහජන විරෝධතාව නන්නාත්තර කොට විසිරවීමට වජිර අබේවර්දන හා ඇවැන්ගාඩ් සේනාධිපතිට හැකිවී තිබේ. ගාළු මුවදොර අරගලය පවා මේ වෙනවිට තුනී වෙමින් පවතින බව දකින්නට ඇත.
“කන්න දෙනවනම් ,බොන්න දෙනවනම් , තව මොන කෙං ගෙඩියද ඕනෑ කියන්නේ”…. යැයි සිතන අගමැතිවරයකු බලයට පත් කිරීමෙන් රාජපක්ෂ වරු තමන්ට එරෙහිව සමාජයෙන් නැගී ආ විරෝධතාව සම්පූර්ණයෙන්ම වෙනස් මගකට අවතීර්ණ කර ඇත්තේය. කිසිම විලිලැජ්ජාවක් නැති දේශපාලඥයන් ඉන්නා රටක ජීවත් වන ජනතාවද උන්ටම හරියන එවුන් මිස වෙනස් සත්ව කොට්ඨාශයක් වෙන්නට ඉඩක් නැත. දැන් මෙරට සමාජයෙන් නිරූපනය කෙරෙන්නේ ඒ ඇත්තය.
මේ රටේ ජනතාවගේ වැඩි පිරිසකට අවශ්‍ය වන්නේ කෑමට බීමට යමක්ද ඒවා දමා ගන්නට ලෝගුවක් හා ලැබුණ දේ කා බී නිදහසේ රෙන්නට ඉඩ කඩක් පමණි. ඒ මේ කරුමක්කාර රටේ හැටිය. දැන් මේ වාහෙලා නැවත එළියට බසිනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ ඇතුළු තක්කඩි නඩය අසමත් වුන හොත් පමණය. රනිල් යනු දාර කපටියෙකි. ඔහු හා බැසිල් රාජපක්ෂ අතර කිසිම වෙනසක් නැත. එහෙත් මේ රටේ ජනතාවට ඒ සමානකම අදාල නැත. කන්නට හා බොන්නට තිබේ නම් මොකා ඒක දුන්නාම වරදක් නැති යැයි සිතන හිඟන ජාතියකි. මේ රටේ ඉන්නේ දැන් මේ තක්කඩි දේශපාලඥයන් කියනු ඇත්තේ වෛරයෙන් ,වෛරය නොසන්සිඳෙන බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බවය. ඒ හන්දා රාජපක්ෂ දූෂිතයන්ට සමාව දී රට හදන්නට පෙරට එන්න කියාය. හෙට අනිද්දා වන විට බොහෝ සමාව දීම පිළිබදව බොහෝ උපමා, උපමේය අසන්නට ලැබෙනු ඇත.
සමගි ජන බලවේගය අත්හැර රටේ ජනතාවගේ බඩගින්න නිවන්නට අභිනිෂ්ක්‍රමණය කරන්නට සැලසුම් කර ඇති ඇත්තන්ද මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය ලග “බටු මීයන්” වී සිටිනු හෙට අනිද්දා වෙන විට ජනතාවට දැක ගත හැකි වනු ඇත්තේය.
වීරෝදාර සිංහයන් හින්නික්ඉතර “බටු මීයන්” බවට පත් කරවීමේ විශ්මකර්ම හැකියාව ඇත්තේ අගට බිංදු රාශියක් ඇති කෑෂ් චෙක් පතකට බව අපට අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ඒ විශ්ම කර්ම සාස්තරය හොඳින් හදාරා ඇති ඇවන්ගාඩ් සේනාධිපති වැන්නකුටරට පුරා පැතිරී තිබුණ රාජපක්ෂ විරෝධය හා පිළිකුළ තුනී කරන්නට ගියේ දවස් ගානක් විතරය.
රනිල් වික්‍රමසිංහ රටේ ගැලවුම්කාරයාය සිතාගෙන හුරේ දානා වුන්ට දැන් අපට කියන්නට ඇත්තේ රට තුළ කන්නට බොන්නට හිඟ වුන දවසක නැවත යට ඇදුම් එල්ලන්නට පාර්ලිමේන්තුව ලඟට වරෙල්ලා කියලාය.