• Latest
  • Trending
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Nissanka

මිලිටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කන් පරිපාලන සේවා නිළධාරීන්ගේ වෘත්තීය සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයාට මඩ ප්‍රහාර එල්ල කරයි

May 3, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

by admin
May 14, 2022
in Local News, Political
0
Ranil-and-Mahinda
196
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

මේ වාර්තාව ඇරඹිය යුතු වන්නේ මිල්ටෙරි නන්දසේනගේ ඥාති සහෝදර උදයංඟ වීරතුංග සිය මුහුණු පොත් ගිනුමේ තබා ඇති සටහනකි. එය මෙසේය.

“……..ඉතිහාසයේ කිසිදු නායකයකු නොකරන ආකාරයට යහපාලන ආණ්ඩුවේ මහින්දවාදීන්ට පන්න පන්නා ගහපු රනිල්ට අගමැති පුටුව ලබා දීමේ කුමන්ත්‍රණයට, තමන්ව ජනාධිපති පුටුවට රැගෙන ආ සහෝදරයා අමානුෂික ලෙස කුමන්ත්‍රණයකින් ඉවත් කිරීමේ පාප කර්මය, මගේ ලොකු අම්මා අද සිටියා නම් කිසිසේත් අනුමත නොකරන බව බලය නැති දා ගොඨා අයියාට වැටහෙනු ඇත. මෙසේ මහින්ද අයියාට දුන් දුක් වේදනා වලට ප්‍රතිවිපාක කාලය නුඹට හිමි කර්මය ලබා දෙනු ඇත…….”

මේ සටහන ඔබට දෙයාකාරයකින් ග්‍රහණය කරගත හැකිය. ඉන් පළමුවැන්න රාජපක්ෂ දෙසොහොයුරන් අතර මෙරට දේශපාලන බලය පිළිබඳව ආරවුලක් මතු වී ඇති බවය. පවුලේ ආරවුල බරපතල වී ඇතැයි කියාය. දෙවනුව යමෙකුට මෙය රාජපක්ෂහොරුන්ගේ තවත් තක්කඩි ප්‍රකාශණයක් ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත්, රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂ පවුලේ ගැලවුම්කාරයා නොවන බවට වූ අදහස සමාජගත කිරීමේ අරමුණින් උදයංඟ වීරතුංඟ මේ සටහන ලියා ඇතැයි සිතාගන්නට හැකියාවක් පවතින නිසාය.

රාජපක්ෂලා යනු සිය නොසන්ඩාල වුවමනාවන් සඳහා ලොකු අම්මා පමණක් නොව ඩේසි ආච්චී වූවද කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුව බිලි දෙන්නට පුළුවන් තරමේ අයය. රාජපක්ෂ පවුලේ එකෙකුට චරිත සහතිකයක් ලියනවා නම් මේ මොවුන්ගේ සැබෑ පැටිකිරියට අදාල කර ගත යුතු වන්නේ වංචාව කපටිකම මිස වෙන⁣ කෙං ගෙඩියක් නොවේ.

එබැවින් ලහි ලහියේ මිල්ටෙරි නන්දසේනට එරෙහිව උදයංඟ වීරතුංග ⁣සිය මුහුණු පොතෙහි මේ සටහන ලියා ඇත්තේ රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරුන්ගේ ගැලවුම්කාරයා බවට පවතින සමාජ මතය ව්‍යාජයක් බවට තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් බව සහතිකය. ඔහු ඒ සඳහා රාජපක්ෂ දෙසොහොයුරන් අතර ආරවුලක් ඇති බවට අඟවා තිබේ.
⁣

උදයංඟ වීරතුංග හිතාගෙන ඉන්නේ මෙරට ජීවත්වන්නේ පූනක්කු බොන වස්සන් කියාය. රාජපක්ෂ වරුන් හා රනිල් වික්‍රමසිංහ අතර දේශපාලනයෙන් ඔබ්බට විහිදුන අඹ යාළු කම ගැන දන්නෝ දනිති. ඒ බව නොදන්නන් නම් උදයංඟ ලියා ඇති සටහන මහත් බැතියෙන් ඔළුව උඩ තියා ගෙන අ⁣නේ අගමැති මහින්ද පවු යැයි සිතන්නට ඉඩ තිබේ.

මේ වන විට මෙරට ජීවත්වන බොහෝ පිරිසකට රාජපක්ෂ වරු ඇලජික්ය. මහ පාරේ ගෑස් ගන්නට හා ඉන්ධන ගන්නට පෙල ගැසී සිටින පෝලිම් වලින් ඇසෙන්නේ රාජපක්ෂවරු තුක් නොදකින් කියවෙන වෛරී ප්‍රකාශණය පමණය. සමාජය තුළ රාජපක්ෂ දේශපාලනය නෝ චාන්ස් වන තරමට බාල්දු වී තිබේ. දැන් රාජපක්ෂලා මුල්ලට හේත්තු වී හමාරය. ඔවුන් කල්පනා කරමින් සිටිනවා ඇත්තේ දේශපාලන බලය රැක ගැනීම නොවන බවද පැහැදිලිය. දැන් ඔවුන් ගේ සියළු සැළසුම් කේන්ද්‍රීය කරගෙන ඇත්තේ සමාජය වෙතින් එල්ල වී ඇති සියළු අපරාධ චෝදනා වලින් නිදහස් වන ආකාරය මිස අන් යමක් ගැන නොවේ.

මෙහිදී ඔවුන් අත ඇති එකම එක තුරුම්බුව රනිල් වික්‍රමසිංහ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. දැන් ඔවුන් ඒ අවසන් තුරුම්බුව දේශපාලන බූරුවා පිටියට දමා තිබේ. මේ තුරුම්බුව හරියට වැඩ නොකෙරුවොත් රාජපක්ෂලාට සිද්ධ වන්නේ වැලිකඩ කූරු ගනින්ට බව අපට සැකයක් නැත. මුළු රටම දැන් ඉල්ලන්නේ රාජපක්ෂලා සිදු කර ඇති රාජ්‍ය දේපොළ වංචා වලට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙසටය.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු අන්තර්වාර පාලනයත් ඒ පාලනය ඇති කරන්නේ රට ගොඩ නැගීමට මිස තමන් ගොඩ ඒමට නොවන බව සමාජගත කිරීම රාජපක්ෂලා වෑයමයි. අප මුලදී ලියා ඇති උදයංඟ වීරතුංගගේ සටහන ඒ වෑ⁣යමේ ප්‍රතිඵලයකි.

2015 ජනපතිවරණයෙන් පසුව පරාජය වුන මහින්ද රාජපක්ෂට රැකවරණය සපයන ලද්දේ රනිල් වික්‍රමසිංහය. 2022 ජනතා අරගලයෙන් අසරණ වී සිටින ගොඨාභය තමන් බේරාගන්නා ලෙසට අයදින්නේද රනිල්ටය. රනිල්ගේ පැටිකිරිය ගොඩ දමන විට පක්ෂ නායකත්වය ලැබුණු දවසේ සිටම ඔහුගේ අපේක්ෂාව වූයේ මෙරට ජනපති ධූරයට පත් වීමය. එහෙත් ඔහු එම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීමට පක්ෂය සංවිධානය කරමින් දේශපාලනික වුවමනාවකින් කටයුතු නොකරන ලදී. ඔහු නිතරම දේශපාලන සූදු පිටියේ ක්‍රීඩා කෙරුවේ සටකපටමිනි.

පසුගිය මැතිවරණයෙන් රනිල් අන්ත පරාජයකට පත් වූවද පක්ෂයට ලැබුණ බෝනස් අසුනට කිසිවෙකු ⁣පත් නොකර කල් මරමින් සිට පසුව ඔහුම ඒ අසුනට මන්ත්‍රීවරයකු වශයෙන් පත් විය. මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ තරුණ පරපුරේ හා වැඩිහිටි පරපුරේ කිසිදු කැමැත්තක් මනාපයක් නැති බව රනිල් දනී. ඔහු නින්දා අපහාස ගැරහුම් තඹ දොයිතුවකට මායිම් කරන්නෙක්ද නොවේ.

පවතින අර්බුද කාරී දේශපාලනික වටපිටාව තුළ රාජපක්ෂ සනුහරයට ඇති හොඳම හා අවසන් ආයෝජනය රනිල් වික්‍රමසිංහය.⁣ මොහු අගමැතිවරයා ලෙස රාජපක්ෂ වරුන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා යටපත් කරනු ඇති බව නිසැකය. යහපාලනය තුළ දී රනිල් වික්‍රමසිංහ ඒ කාර්ය භාරය මැනවින් ඉටු කරන ලදී. එහිදී මෙරට දේශපාලනය තුළ සජිත්ද සිරිසේනද කුජීත කරනු ඇත්තේය.

ඒ අතරේ මේ මොහොතේ දරුණු පසුබෑමක⁣ට ගොදුරු වී සිටින මිල්ටෙරිනන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය ගැන අප මේ හෝරාවේ සැහැල්ලුවෙන් සිතිය යුතු නොවේ. රාජපක්ෂවරු යනු ජාතිය හා ආගමට මුවා වී මංකොල්කෑම් කළ මිනීමැරුම් කළ සාහසිකයන්ය. ඔවුන්ට එරෙහිව පවතින මෙම එදිරිවාදී වටපිටාව ඔවුන් නොඉවසන බවද අපට විශ්වාසය. තමන්ගේ දේශපාලන බලය ලේසියෙන් ඔවුන් විසින් අත් නොහරිනු ඇත්තේය. ඔවුන් ඒ සඳහා ඕනෑම මිලක් ගෙවන්නට සූදානම් බවද පැහැදිලිය. ඒ වෙනුවෙන් මිනිස් බිලි පූජා කරන්නට වුවද රාජපක්ෂවරුන් සූදානම්ය.

අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් සමාජය තුළ පවතින ආර්ථික අර්බුදය නිවීම සඳහ යමි යම් වැඩපිළිවෙලවල් ගන්නා බව නිසැකය. ඉන්ධන හා ගෑස් සමාජයට ඇතිතරමේ බෙදා හැරීමෙන් හා වැඩිවුන බඩු මිල පාලනයකට යටත් කිරීමෙන් උණුසුම්ව ඇති සමාජය යම් තරමකට හීලෑ කරගන්නට පුළුවන් විය හැකි යැයි ඔහු විනිශ්චයකට එළඹ ඇති බව අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශයන් වලින් තහවුරු වේ.

එහෙත් රනිල් වික්‍රමසිංහගේ එම ⁣විනිශ්චය බරපතල මුලාවක් බව අපට සිතෙන්නේ ඔහුට එරෙහිව ආගමික සංස්ථාවෙන් හා විවිධ වෘත්තික සමාජ තලයන්ගෙන් එල්ල වන චෝදනා වලිනි. දැන් අපට සිතන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහ තුරුම්බුව අසාර්ථක වුවහොත් රාජපක්ෂවරු ඊළඟට ගන්නා පියවර කුමක් විය හැකිද යන්නය.

එහිදී මිලිටෙරි නන්දසේන ජනපති තනතුරෙන් බල්ලා අස්වීමට බැරි නැත. ව්‍යවස්ථානු කුලව ඉන්පසු ජනපති තනතුරට පත් වන්නේ අගමැති වරයාය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවෙි ජනාධිපතිවරයා විසින් ධුරය හිස් කිරීම සහ අනුප්‍රාප්තික ජනපතිවරයා තෝරා පත් කිරීම පිළිබඳව විස්තර කර ඇත. එම ව්‍යවස්ථාවේ (1)(ඇ)හි නව ජනපති වරයා ධුරයේ කාර්ය භාර ගැනීමත් අතර කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනපති ධුරයේ වැඩ බැලිය යුත්තේය යනුවෙන් සඳහන් වේ.

එසේම එම ව්‍යවස්ථාවේ (1)(අ) සදහන් වන්නේ ජනපතිවරයගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනපතිධුරය හිස්වුව හොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයකු ජනපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුත්තේය යනුවෙනි.

අපගේ විශ්වාසයේ හැටියට රාජපක්ෂලා නටන්නට හදන දහ අට සන්නියේ අවසන් සන්නිය මේ 40 ව්‍යවස්ථාව විය යුතු යැයි අපි සැක කරමු. තාවකාලික ජනපති තනතුරට පත් වෙන රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුල වෙනුවෙන් සිය කැප වීම ඉටු කර ජනපති ධුරයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් තෝරාපත් කරගන්නා ජනපතිවරයාට ඉඩ දෙන බව නිසැකය. එහිදී ඒ මන්ත්‍රීවරයා රාජපක්ෂ සනුහරයේ එකෙකු මිස වෙන කෙනෙකුද නොවෙනු ඇත්තේය.

එහෙත් මෙරට මහ පොලොවෙි ඇවිලී ඇති අරගලය රාජපක්ෂ වරුන්ගේ මේ ව්‍යවස්ථා ගේමට ඉඩ ⁣දේද නොදේද යන්න ගැන අනාවැකි කියන්නට කල් වැඩිය.

Share78Tweet49Share20
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka