මිල්ටෙරි නන්දසේන යනු මොනිටසෝරි දරුවකු බව මෙරට සිටින පාසැල් වියේ සිටින හුරතල් ළමා ළපටියන් පවා දැන් දනී. රාජ්‍ය පාලනය කොළඹ වීදි ගානේ ගඩොල් අල්ලා මල් පැල සිටුවීම යැයි මෙි මෝඩ ගඩොල් යෝදයා සිතා සිටින්නට ඇත.
පච කෙල කෝටියක් වමාරා මෙරට වාහිනී වලින් තැනූ රට බේරාගන්නට ආ වීරයා උපන්ගෙයි අබ්බ ගොබ්බයෙක් බව එම නාලිකා හිමි කරුවන් විසින්ම පිළිගැනීම දෛවයේ සරදමකි. ජනපතිවරයා ලෙස මිල්ටෙරි නන්දසේන විශාල ගිණි ජාලාවක් අවුළුවා මුළු රටම විනාශයට ඇද දැමුවා මිස වෙන කළ කෙං ගෙඩියක් නැත.
පසුගියදා අරලිය මන්දිරයේ සිට යෝෂිත රාජපක්ෂ සැළසුම් කොට දියත් කළ ගාලු මුවදොර සාහසික ප්‍රහාරය මිල්ටෙරි නන්දසේන නොදැන සිටියා නොවේ. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හමුදාපති ශවේන්ද්රද පොලිස්පති ද ඒ ගැන දැන නොසිටියා කීමද බඩ කොරවෙන තරමේ විහිළුවකි. ඔවුන් එම ප්‍රහාරය නොදැන සිටියා නම් රටේ ජාතික ආරක්ෂාව ඇත්තේද අනතුරේය. ඒ එවැනි ප්‍රහාරයක් කල් තියා දැනගන්නට නොහැකි බුද්ධි අංශයක් මේ රටේ පවතින නිසාය.
සමහර විට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නම් ඒ ගැන දැන නොසිටියායැයි සිතන්නට අපට පුළුවන. ඒ මන්ද යත් ගෝඨාභය රාජපක්ෂ මිල්ටෙරි පෞරෂයට වඩා යන්තර මන්තර ගුරුකම් ගැන විශ්වාස කරන නිසාය. කෝවිඩ් මෙරට පැතිරී ගිය අවදියේ හමුදාපතියාගේ ඔළුවේ වැඩ කෙරුවේ මේ රටෙි අගමැති වෙන හැටි හැටිය. කෙතරම් පදක්කම් තරු ඔටුණු එල්ලාගෙන සිටියත් ශවේන්ද්‍ර නිදා ගන්නේද ඒ නිදාගන්නේ උඩු බැලි අතටද වමට හැරීද දකුණට හැරීද ආදී හැම කෙරුවාවක්ම කරන්නේ කට්ටඩියෙකු යැයි කියාගන්නා මී හරක් පැටියෙකු කරන කියන උපදෙස් අනුවය.මේ කට්ටඩි පිස්සා අම්බලන්ගොඩ පැත්තේය.
කට්ටඬි වැඩේට බහින්නට ඉස්සර සජින් වාස් ගුනවර්දනගේ කාර්යාලයේ තේ හැදූ එකාය. ඔහුගේ මවු පාර්ෂවය ජානගත මානසික ආබාධිතයන් බව අප විසින් සොයාගත් තොරතුරු වලින් අනාවරණය වී තිබේ. මොහුගේ මවද සොයුරියද බලපිටිය රෝහලේ මානසික වෛද්‍ය අංශයේ සායන ප්‍රතිකාර ලබා ගන්නියන් වේ. මවගේ එක් සොයුරියකටද මානසික අබාධය වැළඳී ප්‍රතිකාර ගෙන ඇත. මේ කට්ටඬි මහතා පිළිබඳව අපට බොහෝ තොරතුරු ලබා දුන් එස්අයිඑස් නිළධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු.
එස්අයිඑස් සේවය කරන අප හිතවත් නිළධාරීන් විසින් අපට ලබා දී ඇති තොරතුරු පරිදි මොහුගේ එක් සොයුරෙකු දැනට අම්බලන්ගොඩ පදිංචිව සිටින අතර මේ පුද්ගලයා කොස්ගොඩ සුජීව හා සම්බන්ධව හෙරොයින් ජාවාරමක නිරතව සිටින අතර මෙම ජාවරමිකරුට රහස් පොලීසියේ අධ්යක්ෂවරයකු වන ඒඑස්පී ළමාහේවාගේ ආධාර අනුබලය ලැබෙමින් පවතී. මෙම හෙරෙයින් ජාවාරාම අම්බලන්ගොඩ ධීවර වරායේ ධීවරයන් කේන්ද්‍රීය කරගනිමින් සිදු කරන්නකි.
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු සතුව තිබී රාජසන්තක කළ සුඛෝපභෝගී රථයක් ඒඑස්පී මෙරිල් රංජන් ළමාහේවා විසින් පරිහරණය කරන අතර ඔහු හික්කඩුවේ පින්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී. පින්කන්ද ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මෙම ඒඑස්පී මෙරිල් රංජන් ළමාහේවා බලහත්කාරයෙන් කුඹුරු ඉඩම් ගොඩ කරමින් සිටී.
හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් විසින් මෙම කුඹුරු ඉඩමි ගොඩ කිරීම නැවැත්වීමට කටයුතු කර ඇතත් ඔහු කෝවිඩ් ආසාධිතව පසුගිය කාලයේ මිය යාමෙන් පසුව නැවතත් ඒඇස්පී ලමාහේවා නීති විරෝධීව කුඹුරු ඉඩම් ගොඩ කිරීම අරඹා ඇතැයි ප්‍රදෙශවාසීන් පවසයි. හික්කඩුව හිටපු නගරාධිපති විනී කාරියවසම් මේ ASP ලැබූවෙකි. ASP මෙරිල් රංජන් ළමාහේවාගේ එක් සොහොයුුරුකු ගජබා රෙජිමෙන්තුවේ සිට මේජර් ජනරාල් නිලයෙන් විශ්‍රාම ගොස් දැනට සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි. අනෙක් සොහොයුරා වැලිකඩ සිරකරු ඝාතනයට සම්බන්ධ වරදට සිරදඬුවම් විඳිමින් සිටී. ඒඑස්පී මෙරිල් රංජන් ළමහේවා කොස්ගොඩ සුජී හා සම්බන්ධ පාතාල සැකකරුවන් සිදු කරන වැරදි සම්බන්ධව කටයුතු නොකරන ලෙසට දුරකතන ඇමතුම් දෙමින් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට නිතර නිතර බලපෑම් කරන බවද අපට තොරතුරු ලැබී තිබේ.
අප මේ ඒඑස්පී මෙරිල් රංජන්ගේ කෙරුවාව හා කැරැට්ටුව ගැන වෙනම ලිපියකින් ඉදිරියේදී අනාවරණය කරමු.
තමන්ට කට්ටඬි ගුරුකම් කරන එකාගේ හා ඒකාගේ පවුලේ වුන්ගේ ජානගත මානසික ආබාධිත බව නොදන්නා හමුදාපති ශවේන්ද්‍රගේ කෙරුවාව ගැන තව අමුතුවෙන් අවශ්‍ය නැත. ශවේන්ද්‍ර සිල්වා වැන්නවුන් යුද සමයේ හමුදාපතිකම් දැරුවානම් තවමත් ප්රභාකරන් යහතින්ය. ජාතියේ වාසනාවට පීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හමුදාපති වීම නිසා ශවේන්ද්‍ර සිල්වා වැනි අයටත් පදක්කම් එල්ලාගෙන වීරයන්ගේ නාමාවලියට එකතු වන්නට හැකිවිය.
අවුරුදු තිහක් මෙරට යුද්ධය පැවතීමට එක් හේතුවක් වූයේද හමුදාවේ ජනරාල්වරු තුළ පැවැතුන කට්ටඬි ගුරුකම් පිළිබඳව වූ විශ්වාසයයි. උතුරු නැගෙනහිර මෙහෙයුමක් පැවතෙන විට ඒ මෙහෙයුමට නමක් දාගන්නට අරිසෙන් අහුබුදු හමුවන්නට හමුදා මූලස්ථානයෙන් ජිප් රිය පිටව ගොස් ආ විට සිට ඉදිරියේදී හමුදා මෙහෙයුමක් ආසන්න බව එල්ටීටී බුද්ධි සේවාව දැන ගනී. මෙහෙයුම් දිනයට පෙර දවසේ පිරිත් කියන්නට කඳවුරුවලට වඩින ස්වාමීන්වහන්සේලා හා ජනරාල් වරුන්ට සුර දාන්නට එන කට්ටිඬියන් ගැන අවධානයෙන් සිටින එල්ටීටී බුද්ධි සේවාව විසින් එල්ටීටී කාඩරයන් මෙහෙයුමට මුහුන දීමට සූදානම් කර අවසන්ය. එල්ටීටී බුද්ධි සේවාවෙන් ලද තොරතුරු වලට අනුව සටන් වදින එල්ටීටී කඩාරයන් හමුදා මෙහෙයුම් වලට අති සාර්තකව මුහුණ දෙමින් තිබුණි. ඔවුන්ගේ හාස්‍ය ජනක අදහස අනුව මෙරට හමුදාව කට්ටඬි ගුරුකම් හා අට පිරිකර හමුදාවක් බවට එල්ටීටිය තක්සේරු කර තිබුණි. එහෙත් මේ සියල්ල වෙනස් වූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාපති වීමෙන් පසුවය. ඔහු කට්ටඬි ගුරුකම් හා නැකතට යුද්ද කළ අයකු නොවූ අතර ඇරඹීමට අපේක්ෂික මෙහෙයුමක් පිළිබඳව සැලසුම පහල නිලයන්ට අනාවරණය කෙරුවේ එම මෙහෙයුමට පැය ගනනකට පෙරය. මෙය එල්ටීටී ඔත්තු සේවාවට වැදුන බරපතල පහරක් විය.
යුද මෙහෙයුමකට පෙර අරිසෙන් අහුබුදුගේ නමි දැමිල්ල කට්ටඬියන්ගේ ගුරුකම් යන්තර දැමිලි හා නැකතට පළමු උණ්ඩය පිට කිරීම ආදී ගොබ්බ කෙරුවාවල් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා තඹ දොයිතුවකට මායිමි කෙරුවේ නැත.
එහෙත් අද වන විට හමුදාපති මෙහෙයවන්නේ අප ඉහතින් සඳහන් කළ මානසික ආබාධිත කට්ටඬි ගැටයාය. මේ මානසික ආබාධිතයා ගැන මෙරට ජනමාධ්‍ය වෙත මෙතෙක් ගැන අනාවරණය වී නැත්තේ සියළුම පාර්ශවයන්ගේ අවධානය කට්ටඬි ඥානා වෙත යොමු වී ඇති නිසාය. හමුදාපති ශවේන්ද්රද කට්ටඬි ඥානා හමුවීමට යයි. ඒ යන්නේ මිල්ටෙරි නන්දසේන යන නිසා නොගොසින් බැරි හන්දාය. ඔහු විශ්වාසය තබා ගෙන සිටින්නේ කට්ටඬි ගැටයා ගැනය. මේ කට්ටඬි ගැටයා සමග හමුදාපති ශවේන්ද්‍ර පසුගිය කෝවිඩ් සමයේ සතියකට වරක් සීනිගම දේවාලයට පැමිණ අගමැතිකම ලබා ගැනීමට පූජා තැබූ බව සීනිගම දේවාල ආරංචි මාර්ග වලින් පැවැසේ.
හමුදාපති ශවේන්ද්‍ර මේ කට්ටඩි ගැටයා අමතන්නේ මල්ලී කියාය. හැබෑටම මරු පිස්සු මල්ලීය. දැන් මේ කට්ටඩි ගැට මල්ලී වටේ හමුදාවේ මේජර් ජනරාල් අයියලා හා ඒ මේජර් ජනරාල් අයියලාගේ බිරින්දෑවරු පෝලිමේය. ඒ වෙන කිසිවක් හන්දා නොවේය. ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිකමින් යන විට එම තැන අල්ලා ගන්ටය. දැන් ඒ හන්දා කට්ටඬි මල්ලීට තියෙන ඉල්ලුමද වැඩිය. මේ මේජර් ජනරාල්ලා එකෙක් හරි අඩුම ගානේ හමුදා බුද්ධි අංශය යොදවා හරි කට්ටඩි පිස්සු මල්ලීගේ ජාතක පැටිකිරිය හෙව්වා නම් ඔහුගේ ජානගත මානසික ආබාධය තේරුම් ගන්න තිබුණි.
හමුදාවේ සටන්කාමීවූත් ගෞරවනීය වූත් අභිමානය හා පෞරෂය අංගොඩ පිස්සන් කොටුවේ නතර කොට ප්‍රතිකාර ලබා දිය යුතු මානසික ආබාධිතයෙකුට පාවා දීම කෙතරම් විහිළුකාරද යන්න තීරණය කිරීම ඔබ සතුය. මෙවැනි මානසික ආබාධිතයකු මෙරට හමුදාවේ ඡ්‍යෙෂ්ඨයන් හැසිරවීම ජාතික ආරක්ෂාවේ බිඳ වැටීමද සංකේතවත් කරන්නකි.
මේ කට්ටඬි මල්ලී තමන්ගේ සමීපතමයන්ට කියන කයිවාරු පුරාජේරු ගැන දැන ගත්තා නම් ඔය අහවල් අහවල් ඇමතිලා අමාත්‍යංශ ලේකම්ලා හා මේජර් ජනරාල්ලා වල්ගය විකා ගන්නා එක නම් සිකුරුය. මේකා සිය සමීපතමයන්ට වාචාල කමට කියවන්නේ මං අහවල් ඇමතිගේ අහවල් ලේකම්ගේ අහවල් මේජර් ජනරාල්ගේ නෝනා එක්කත් නිදාගෙන තිබෙන බවය. මොහු එසේ පවසා එය තහවුරු කිරීමට එම කතා බහ හා සම්බන්ධ තැනැත්තියක සමග දුරකතන සංවාදයක නිරත වන බවද ඒ හා සමිබන්ධ වූවන් පවසා සිටී. සැබැවින්ම මානසික ආබාධිතයකුගේ කෙරුවාව තුළින් මීට වඩා දෙයක් අපේක්ෂා කරන්නටද බැරිය. කෙසේවෙතත් මෙහි බරපතල තත්වය වන්නේ සිවිල් සමාජ තත්වයක් ඇති පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත වලට කරන හානියයි.
අප මේ තොරතුරු ලිව්වේ අද වන විට සමාජය පුරා මිල්ටරි ආණ්ඩුවක් පිහිටුවීමට මිල්ටෙරි නන්දසේන සැලසුම් කරමින් ඇතැයි කියවෙන ප්‍රවෘත්තිය නිසාය. අර කට්ටඬි මල්ලී ගුරුකම් උපදෙස් වලට යටත්ව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දැන් සිටින්නේ වෙන්ට අගමැති සයිස් එකේය. මිල්ටෙරි නන්දසේනගේ මිල්ටරි ආණ්ඩු පිස්සුව හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට රහ විඳින්නට හැකි පැණි වරකා මදුළක් වෙනවා නිසැකය. මේ වන විටත් කට්ටඬි මල්ලී ශවේන්ද්‍ර අයියගේ අගමැති හීනය හැබෑ කරන්නට යකඩ කෑලි මතුර මින් ජීවම් කරමින් ඉන්නවා වෙන්නත් පුළුවන. නමුත් මිල්ටෙරි ආණ්ඩු ප්‍රශ්ණය සාර්ථක වේද අසාර්ථකවේද යන්න ගැන ගනන් හදන්නට ඕනෑ මේ මහ පොලොවේය.
සාමාන්‍යයෙන් මිල්ටෙරි ආණ්ඩුවක් ගොඩනගන්නට හැකි වන්නේ එකම ජාතියක් එකම ආගමක් ඇති රටකය. අපේ රට බහු වාර්ගික බහු ආගමික රටකි. මිල්ටෙරි ආණ්ඩු පිහිටුවීමට පෙර ඒ බව සිහියේ තබා ගැනීම හොඳය.
අනෙක් කාරණය වන්නේ එවැනි මිල්ටෙරි ආණ්ඩුවකට ලැබෙන විදේශ සහයෝගය හා රට තුළ පවතින සම්පත් ප්‍රමාණයයි. ලෙල්ලටම වැටී විදේශ සම්පත් බිංදුවේ මාක් එකේ සිටින මේ රට හමුදා වාහන වලට ඉන්ධන සපයා ගන්නේ කෙසේද යන ප්රශ්නය පවා විසඳාගත නොහැකි වටපිටාවකය ඇත්තේ.
මේ වන විටත් ජිනීවා මානව හිමිකම් ප්‍රධානීන් මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවට අනතුරු අඟවා හමාරය. එසේ තිබියදී මිල්ටෙරි නන්දසේන මිල්ටෙරි ආණ්ඩු අටවා ගැනීමට යාම තියෙන ලබ්බත් කෙලවා ගැනීමක් වන බව නම් ස්ථිරය. එහෙත් කට්ටඬි ගුරුකම් අනාවැකි අගමැති හීනයක ගිලී සිටින හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් ඥානා කාලීගේ උපදෙස් අනුව රට පාලනය කරන මිල්ටෙරි නන්දසේනත් අත් හදා බැලීමක් වශයෙන් හෝ මිල්ටෙරි පාලනයකට යන්නට බැරි නැත.
මිල්ටෙරි නන්දසේන ගේ මෙතෙක් කළ සියළු අත් හදා බැලීම් කෙළවර වූයේ ජීවිත ගනනාවක් උකසට බිලි ගනිමිනි. මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරයට අවශ්‍ය බලය කවර ආකාරයෙන් හෝ රඳවා ගැනීමටය.
මේ අපේක්ෂිත මිල්ටරි ආණ්ඩු ගේමද දැනට සුන්නත් වී ඇති ඒ දේශපාලන බලය තවදුරටත් රඳවා ගැනීම පිණිස මුදා හරින්නක් මිස මහජන යහපත උදෙසා සිදු කරන්නක් නොවන බව පැහැදිලිය.
මෙහිදී මිල්ටෙරි නන්දසේන හා හමුදාපති ශවේන්ද්‍රලා අමතක කර ඇති කාරණය මේ රට තුළ පවතින සිංහල ජාතිකත්වය හා ඒ හා බැඳුණු බෞද්ධ සංස්කෘතියයි. මෙරට හමුදාවල සේවයේ නිරත බොහෝ දෙනා මේ බෞද්ධ සංස්කෘතිය තුළ උස් මහත් වූවන්ය. මෙරට සංස්කෘතිය තුල ලේ ඥාතිත්වය පමනක් නොව නන්නාදුන අය අතරත් බැඳී ඇති සමීපස්ථ බවද ඉතා පුළුල්ය. අම්මේ, තාත්තේ, අයියේ, මල්ලී නැන්දේ මාමේ යැයි ගෞරවාන්විතවූ අනෙකා හා සංනිවේදන බැඳීමක් සමාජය තුළ ඇත්තේය.
අද ගෑස් නැතුව බෙහෙත් නැතුව දැඩි ආර්ථික පීඩනයකින් පීඩා විඳින්නේ මේ සමාජයයි. හමුදාවල සේවය කරන්නේ මේ සමාජයේ දරුවන් මිස ආනයනය කළ වුන් නොවන බව මිල්ටෙරි නන්දසේනට අමතක වී ඇති හැඩය. හමුදාවේ අනීතික නියෝග සමාජය තුළ මුදා හැරෙන්නට ඉඩ ඇත. නමුත් මෙම අනීතික නියෝග වලට එරෙහි වන්නේද එම හමුදාවේම සෙබලුන් බව කියන්නට සාක්ෂි ඕනෑ තරම් තිබේ.
මෙරට ගිවිසුම් අත්සන් කරන්නට ආ ඉන්දියානු අගමැතිවරයා රයිෆල් මිටි පහරක් කන්නේද කතරගම මනම්පේරි ඝාතනය හා ජවිපෙ නායක විජේවීර ඝාතනයද හෙළිදරව් වන්නේ හමුදාවේම සෙබළුන්ගේ හෘද සාක්ෂිය අවදි වීම නිසාය. එදාට වඩා අද මේ රට වෙනස්ය.
මිනිසුන් ඉන්නේ පාන් කියාගන්නට බැරුවය. හමුදාවල තත්වයද එසේමය. අපේ ගනන් හැදීමට අනුව නම් මිල්ටෙරි ආණ්ඩු සෙල්ලම මිල්ටෙරි නන්දසේන විසින් නොම්බර තිස් හයේ ජීව අත් බෝම්බයක් බඩට තියාගෙන පුපුරවා ගන්න හදනවා වාගේය. පහුගිය දවස්වල කරපු වැරදි ගැන පසුතැවිලි වෙනවාය කියා ජනතාව ඇමතූ මිල්ටෙරි නන්දසේන මේ නාඩගම ක්‍රියාත්මක කළ හොත් නම් අපට කියන්නට සිදුවනු ඇත්තේ සොරි ඩොට් කොම් නන්දේ කියාය.
මෙරට ආරක්ෂක හමුදා අතරද අනන්‍ය වූ සම්බන්ධයක් නැත. හමුදාවේ රෙජිමෙන්තු අතර පවතින තත්වයද එයමය. හමුදාපති ශවෙින්ද්‍ර සිල්වා යනු දැන් හමුදා සාමාජිකයන්ට වහ කදුරු චරිතයකි. හමුදාවේ බෙඩ් ටී එක පවා දැන් කප්පාදු කරලාය. හමුදාපතියාගේ බිරිඳ ඉස්ම යන්නට හම්බ කර ගනිමින් සිටින බව හමුදා සාමාජිකයන් අතර ප්‍රසිද්ධ රහසකි. මේජර් ජනරාල්වරු සිටින්නේද දැඩි ආතතියකිනි. හමුදාව යටින් මහා පිපිරුමක් සිද්ධ වෙමින් තිබෙන බව නම් අපි දනිමු. අප නොදන්නේ ඒ පිපිරුම කවදා කොතැනකදී කවර දිනයක වේද යන්න ගැන පමණය.
හමුදාපතියා ගැන ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න සිටින්නේද නොසතුටිනි. ශවෙින්ද්‍ර සිල්වා යනු දිය යටින් ගින්දර ගෙන යන ජාතියේ පොරක් බවත් මොහු විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙකුට ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු දෙන බවත් ආරක්ෂක ලේකම් දනී. ආරක්ෂක ලේකම් ඩීල් කාරයක් නොවේ. ඔහු හිටගෙන සිටින්නේ තමන්ගේ ස්වාමියා වූ මිල්ටෙරි නන්දසේන වෙනුවෙනි. මිල්ටෙරි නන්දසේන උසී උසී කී විට ආරක්ෂක ලේකම් හතර අතේ බුරන්නට සූදානම්ය.
ඒත් හමුදාපති හිතා ගෙන ඉන්නේ ඊළඟ ආණ්ඩුවෙි ආරක්ෂක ලේකම් වන්නේ තමන් කියාය.ඒ තරමටම ඔහු ඩීල් කාරයෙකි.
මිල්ටෙරි නන්දසේනගේ මිල්ටෙරි ආණ්ඩු සිහිනය කෙසේ වෙතත් හමුදා සාමාජිකයන් අතර දැනට පවතින නොරුස්නා බව පුපුරා ගියහොත් මිල්ටෙරි නන්දසේනට යන එන මං නැති වෙන එක නම් ෂුවර්ය. නෝ චාන්ස්ය.