විමල් වීරවංශ යනු මෙරට දේශපාලනයේ අමු දූෂිතයෙකි. විමල් වීරවංශ ,ගෙවිදු කුමාරතුංග ගොම්මන්පිල , හා වාසුදේව වැන්නන් මිල්ටෙරි නන්දසේන ඒකාධිපතියෙකුට ඇන්දුවේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට කිසිම හිරිකිතයක් නැතුව අත උස්සමිනි. අත ඉස්සුවා පමනක් නොව එම කෙරුවාව මාධ්‍යවල සාධාරණීකරනය කරන ලද්දේද ඔවුන් විසිනි. විමල් වීරවංශට බැසිල් රාජපක්ෂ සමග ඇරියස් එකක් තිබුණ බව ඇත්තය. එහෙත් විමලේ ගොමා හා වාසු ආණ්ඩුවෙන් එලියට බැස පොර ටෝක් දුන්නේ මිල්ටෙරි නන්දසේනගේ කඩා වැටෙන ආණ්ඩුවට මුක්කු විදියට බව අප මීට ඉහතදී ලියා ඇත. විමල් වීරවංශ හා ගොම්මන්පිලගේ අප අනාවරණය කළ කෙරුවාව දැන් ඇස් පනා පිට ජනතාවට තහවුරු වී තිබේ.
විමල් වීරවංශ අධ්‍යාපනය හැදෑරුවේ බස්නාහිර පලාතේ කළුතර විද්‍යාලයේය. මොහු එම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වූ අතර විද්‍යාලයේ සංගීත කණ්ඩායමද නියෝජනය කර තිබේ. එම සංගීත කණ්ඩායමේ සිටි ආශා නම් ශිෂ්‍යාවක හා විමල් වීරවංශ අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වී තිබුණි. එහෙත් විමල් වීරවංශගේ පෙම්වතිය වූ ආශා ඔහු අමතක කර සංගීත ගුරුවරයා සමග සම්බන්ධතාවක් ගොඩ නගා ගත්පෙ බව කියවේ. ඉන් මානසික කම්පනයට පත් විමල් වීරවංශගේ අධ්‍යාපනය බිඳ වැටුන අතර පසුව මිතුරකු ඔහු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කර ඇති බව තතු දන්නෝ පවසති. සැබැවින්ම විමලේ විප්ලව කාරයකු වන්නේ ආශා අහිමි වීමේ ශෝකය නිසාය.
මාක්ස්වාදී දේශපාලනයේ ක්‍රියාකාරිකයෙකු බවට පරිවර්තනය වුවද විමල් වීරවංශ සමාජය පිළිබඳව වෛරී සහගතව සිටින අයෙකු බව ඔහුගේ ක්‍රියාකාරකම් වලින් තහවුරු වේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් වරයා ලෙස කටයුතු කරමින් සිටියදී පොළොන්නරුව තරුණියකට ලේක්හවුස් ආයතනයේ රැකියාවක් ලබා දෙන බවට කොළඹට ගෙන්වා දූෂණය කිරීමේ වරදකට හා පක්ෂයේ අභ්‍යන්තර රහස් මහින්ද රාජපක්ෂට සැපයීමේ වරදකට මොහු පක්ෂයෙන් නෙරපා හැරිනි. මොහු විවාහ වූයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අජිත් කුමාරගේ සොහොයුරිය සමගය. ජනතා විමුක්ති පෙරමුනෙන් නෙරපා හැරීමත් සමගම සිංහල ජාතිකත්වය හා දේශප්‍රේමිත්වයේ නායකත්වය තමන් වෙත පවරා ගැනීම පිණිස විමල් වීරවංශ විසින් මෙහෙයවන ලද සට කපට දේශපාලන න්‍යායපත්‍රය යුද උන්මාදයෙන් සිටි මෙරට ජනතාවට අපූරුවට ගැලපුනි. ඒ අතරේ විමල් වීරවංශ මෙරට අගමැතිවරයා වෙන බවට කට්ටඬි සාස්තරකරුවකු ප්‍රකාශ කළ අනාවැකියක් මොහුගේ බිරිඳ දැඩි ලෙස විශ්වාස කෙරුවාය. මොහුගේ සියළු දේශපාලන ක්‍රියාකාරකම් සිදුු වූයේ මේ අනාවැකිය පදනම් කර ගනිමිනි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා වූ අවධියේ සිය අමාත්‍ය තනතුර අවභාවිතා කරමින් මොහු ඥාති සංග්‍රහයේ යෙදී ඇති බවට චෝදනා නැගුන අතර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා සාවද්‍ය උප්පැන්න සහතික ලබා ගෙන ඇති බවටත් වැඩිදුරටත් චෝදනා කෙරිනි. කෙසේවෙතත් කූඨ ලේඛන සකස් කිරීමේ අපරාධමය වරදට විමල් වීරවංශගේ බිරිඳට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වූ අතර එහි තීන්දුව මේ මස 06 වෙනිදාට දීමට නියමිතය.
රාජපක්ෂ සනුහරයට විරුද්දව පසුගියදා මාධ්‍ය වල බල්ටි ගැසූ විමලේ නැවත රාජපක්ෂවරුන් අසල හීලෑ කුක්කෙකු වී ඇති බවට යමෙකුට පෙනෙන්නට ඇත. අවලස්සන ඇමරිකානුවාට එරෙහිව ආණ්ඩුවෙන් එලියට බැස්සා යැයි ප්‍රකාශ කළ විමල් වීරවංශ තවදුරටත් රාජපක්ෂවරුන් සමග අතරමැදි සාකච්ඡා නැති බවට දහ අතේ දිවුරුවේය. පොලොවෙි හැපී අවලස්සන ඇමරිකානුවාට එරෙහිව නාලාගිරි පාට් දැමූ විමලේ හා බැසිල් රාජපක්ෂ අතර පසුගියදා රහස් සාකච්ඡාවක් පැවැති බව කිසිවෙකුත් නොදනී.
එය සිදු වූයේ ගොමන්පිල වාසුලාටත් හොරෙනි. මේ රහස් සාකච්ඡාව සිදු වූයේ බිරිඳට එරෙහිව තිබෙන නඩුවේ තීන්දුව තම පාර්ශවයට වාසියට ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. එහිදී බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ එම නඩු තීන්දුව පිළිබඳව කිසිදු සැකයක් ඇති කර නොගන්නා ලෙසය. විමල් වීරවංශ මෙතරම් හදිසියේ බැසිල් රාජපක්ෂ හමුවූයේ දැනට ආණ්ඩු විරෝධියකු ලෙස පෙනී සිටින බැවින් සිය බිරිඳට දඬුවමි කරනු ඇතැයි බියෙනි. මොහුගේ කෙරුවාව එහෙමය. කයිවාරුව අරෙහෙමය. එබැවින් අප මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දූෂිතයින්ගේ සැබෑ දේශපාලන ස්වරූපය හඳුනාගන්නා ලෙසය.