රාජපක්ෂ හොරුන්ට මෙරට දේශපාලනය තුළ තව ඉඩක් නැත. රටේ ජනතාව හඬ නගන්නේ මේ හොරුන්ට වහා දේශපාලනයෙන් ඉවත් වන ලෙසය. රාජපක්ෂ හොරුන්ටද බලය අත්හැර යන බවක් දකින්නට නැත. ඔවුන් සිය බලය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ආකාරයේ ගේම් ගසමින් සිටී. මොවුන්ගේ අළුත්ම ගේම අන්තර්වාර පාලන ආණ්ඩුවකි. මේ වන විට මෙම අන්තර් පාලන ආණ්ඩුවට සිරිසේන පාර්ශවයද දේශප්‍රේමී පාර්ශවයද එකග වී ඇතැයි වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් මේ වන විට සමගි ජන බලවේගය ආන්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය. එහෙත් විශ්වාසභංගය සදහා අපේක්ෂිත අත්සන් සංඛ්‍යාව නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසන ලදී. හේෂා විතානගේ මන්ත්‍රීවරයා පවසන ලද්දේ විශ්වාස භංගය තුළින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වෙන බව ප්‍රකාශ කරමින් රංඟනයක යෙදෙන අයවළුන්ගේ නිරුවත සමාජයට අනාවරණය වෙන බවය.
එහෙත් මෙරට භූමියේ පවතින උනුසුම් වටපිටාව මෙම පාර්ලිමේන්තු නියෝජනයන්ගේ අපේක්ෂාවන්ට වඩා බරපතලය. මෙරට වෘත්තිකයන්ගේ සිට කම්කරුවා දක්වා ඉල්ලා සිටින්නේ රාජපක්ෂ සනුහරයම දේශපාලනයෙන් වහා ඉවත් විය යුතු බවය. මෙහිදී රාජපක්ෂහොරු හා අතරමැදි සාමදානයක් නැති බවද අරගල කරුවන්ගේ ප්‍රකාශනයන් තුලින් තහවුරු වෙි.
මේ වන විට රාජපක්ෂහොරුන්ට එරෙහිව අරගලයට සහයෝගය දක්වන සෑම පාර්ශවයකම නායකයන් හට රාජපක්ෂ ඔඩොක්කු කුක්කන් සයිබරයේ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටී. පසු ගිය දිනකදී රාජපක්ෂ හොර දෙටුවන්ට එරෙහිව පරිපාලන සේවයේ නිළධාරීන්ගේ වෘත්තීය සමිතියද සාර්ථක විරෝධතාවක් පවත්වන ලදී. මෙම විරෝධතාවට පසුව පරිපාලන නිළධාරීන්ගේ වෘත්තීය සමිතියේ නියෝජ්‍ය සභාපතිවරයාට දිගින් දිගටම සයිබරය තුල මඩ ප්‍රකාශනයන් නිකුත් වෙමින් පවතී.
මෙම මඩ ප්‍රහාරය පරිපාලන සේවා නිළධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති වරයාට එරෙහිව මඩ ප්‍රහාර එල්ල වීම තුළ සැගවුන යටි පෙල කුමන්ත්‍රණය ගැන අපට තොරතුරු ලැබී තිබේ. මේ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ චන්ද්‍රරත්න පල්ලෙගමය. 2013 අප්‍රේල් මාසයේ 4 වන දින බන්ධනාගාර කොමසාරිස් තනතුරට පත්වූ අතර ඔහු එම තනතුරට පත් වන විට බන්ධනාගාර රැඳවියන් ඝාතනය කොට මාස ගනනාවක් ගෙවී ගොසිනි.
කෙසේ වෙතත් යහ පාලන ආණ්ඩුවේ අධිකරණ ඇමති වූ විජේදාස රාජපක්ෂ විසින් 2015/01/08 දින බන්ධනාගාර රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් කොමිෂමක් පත් කෙරිණි. මෙහිදී බන්ධනාගාර නිළධාරීන් විශාල ප්‍රමාණයක් කොමිෂමට සාක්ෂි ලෙස කැඳවූ අතර ඒ වන විට සේවයේ නිරතව සිටි බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස චන්ද්‍රරත්න පල්ලෙගමටද සාක්ෂි දීමට සිදුවිය.
ඔහු එම කොමිෂමට දී ඇති සාක්ෂියේ සඳහන් වන්නේ මෙම සිදුවීමේදී බන්ධනාගාර නිළධාරීන්ට බන්ධනාගාරය තුළ ඕනෑම ගැටුමක් පාලනය කිරීමට හැකියාවක් තිබියදී බාහිර පාර්ශවයන් වන හමුදා හා පොලිස් නිළධාරීන් බන්ධනාගාරයට ඇතුළු වී වරදක් කොට ඇති බවය. එහිදී වැඩිදුරටත් ඔහු විසින් එම ඛේදවාචකය සිදු වූ දින බන්ධනාගාර ඡායාරූප ශිල්පියා විසින් ගත් ඡායාරූප ඇතුළත් සීඩී තැටියක්ද කොමිෂමට බාර දී තිබේ. ඔහු කොමිෂමට සාක්ෂි දෙමින් පවසා ඇති තොරතුරු වලට අනුව සිද්ධිය වූ දින හමුදාව හා පොලීසිය වැලිකඩ බන්ධනාගාරයෙන් රාත්‍රී 12 ට පමන ඉවත් වීමෙන් පසුව නැවත පාන්දර 4 ට පමණ මැගසින් බන්ධනාගාරයේ අධිකාරී හා රංගජීව ඇතුළු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වීම හා එහි ආයුදාගාරයට අනවසරයෙන් යාම පිළිබඳව කොමිෂම මගින් විමර්ශනය කළ යුතු යැයි යෝජනා කර ඇති බවද සඳහන්ය.
මේ කොමිෂම මාස හයක් පමණ සාක්ෂි විභාග කරන ලද අතර ඉන්පසු 2015/12/13 වන දින චන්ද්‍රරත්න පල්ලෙගම සිවිල් ආරක්ෂක දෙපාර්තමෙින්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩ බාරගෙන ඇති බව වාර්තා වේ. 2016 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැලිකඩ සිදු කළ මේ මහා මිනිස් ඝාතනය පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කොට නඩුකරයක් ආරම්භ කළ අතර එම නඩුවේ තීන්දුවට අනුව බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා වැරදිකරුවකු විය.
මෙම නඩුවේ කිසිම සාක්ෂියකට චන්ද්‍රරත්න පල්ලෙගම කැඳවා නැත. 2019 වර්ෂයේදී බලයට පත් වූ මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව පරිපාලන ශ්‍රේණියේ ඡ්‍යෙෂඨයකු වූ පල්ලෙගමට රජයේ කිසිදු තනතුරක් නොදීමට වග බලා ගෙන තිබුණි. අපට දැන ගැන්මට ලැබී ඇති තොරතුරු අනුව ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සිය අමාත්‍යංශ ලේකම් තනතුරට මොහු පත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරි පත් කර ඇති අතර මිල්ටෙරි නන්දසේන එය ප්‍රතික්ශේප කර තිබේ. ඒ මේ පල්ලෙගම බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස තමන්ට එරෙහිව සාක්ෂි දී ඇති බව පවසමිනි.
අද වන විට මේ ඡ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියා කිසිදු වගකිව යුතු තනතුරුකට පත් නොකිරීමට මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව කටයුතු කර ඇත. මෙහි සිදුවීමේ ඉතාම බරපතල කාරණය ලෙස අපට වාර්තා වන්නේ ඇවන්ගාඩ් සේනාධිපති මේ පරිපාලන නිළධාරියාට කර ඇති තර්ජනයයි.
“තමුසෙ ප්‍රවේශම් වෙලා ඉන්නවා. එහෙම නැතිනම් තමුසෙ පැන්ෂන් යනවා” ……”තමුසෙට විරුද්ධව හෙට අනිද්ද සීඅයිඩී පරීක්ෂණයක් වෙයි දැනගන්නවා අපිත් එක්ක සෙල්ලමි බෑ කියලා …”
ඇවන්ගාඩ් සේනාපතිගේ එම සාහසික තර්ජනය මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ පාදඩ මැර කෙරුවාවට තවත් සාක්ෂියකි. මේ වන විට මිල්ටෙරි නන්දසේනගේ දේශපාලන බලය තහවුරු කිරීම සදහා මෙරට සිදු කළ බොහෝ අපරාධ වල විත්තිකරු ඇවන්ගාඩ් සේනාධිපති බවට අප ළග පවතින සාක්ෂි බොහෝය. ඒ අතරින් පාස්කු ප්‍රහාරය සඳහා වෙඩි ද්‍රව්‍ය සපයා බෝම්බ නිශ්පාදනය කරන ලද්දේ මේ මිනීමරු සේනාධිපති බව අපි වගකීමෙන් සඳහන් කරමු.
මෙරට ඡ්‍යෙෂඨ පරිපාලන නිළධාරියකු හා පරිපාලන සේවා වෘත්තිය සංගමයේ නියෝජ්‍ය ලේකම් වරයා වූ චන්ද්‍රරත්න පල්ලෙගමට විවිධ ආකාරයෙන් මඩ ප්‍රහාර එල්ල කරමින් හා ඔහු මානසික හිංසනයට ලක් කරමින් මිල්ටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කන් සිදු කරන මේ අවලම් පාහර ක්‍රියාවට රජයේ සියළු නිළධාරීන් විරෝධතාව ප්‍රකාශ කළ යුතුය. ඒ මන්ද යත් මේ තක්කඩියන් විසින් හෑල්ලුවට ලක් කරමින් සිටින්නේ මෙරට සමස්ත රාජ්‍ය සේවාවම නිසාය.