රාජපක්ෂ සනුහරයේ සියළුම අයවළුන් පෙරේදා (25) රාත්‍රියේ කොළඹ රජගෙදරදී වත්මන් දේශපාලන වටපිටාව පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ. මෙම සාකච්ඡාවෙදී ගත් තීන්දු තීරණ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත. අපට දැන ගැන්මට ලැබී ඇති ආකාරයට මේ සාකච්ඡාව අද අළුයම දක්වා සිදු කර ඇත.
එම සාකච්ඡාව සම්බන්ධයෙන් අපගේ තොරතුරුකරුවන් අප හට ප්‍රකාශ කළ ආකාරයට රාජපක්ෂවරුන් සිය දේශපාලන බලය අත්හැරීම පිළිබඳව චකිතයකින් සිටින්නෝ වේ. ඒ අන් කිසිම කාරණයක් නිසා නොව හිරේ විලංගුවේ වැටීමට ඇති බිය නිසාය. එජාප නායක රනිල් වික්‍රමසිංහ විවිධ යෝජනා ගෙන එමින් උත්සාහ දරමින් සිටින්නේද රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමටය.
පොදු ජන පෙරමුණ හා සම්බන්ධ අනෙක් පක්ෂ නියෝජනය කරන බොහෝ අයවළුන් තුළද මේ අදහස පවතී. එයට හොදම උදාහරණයක් මේ වන විටත් සයිබරය තුළ තිබේ. පසුගිය දිනක නෙත් එෆ් එමි හා සාකච්ඡාවකට සහභාගි වූ අගමැති මහින්ද රාජපක්ෂ පවසා තිබුනේ තමන්ට තවමත් තරුණයකු ලෙස දුවන්නට පනින්නට පුළුවන් බවය. අගමැති වරයා එම සාකච්ඡාවේදී එසේ නොකියු බවත් එම හඬ පටය විකෘති කොට ඇති හඬ පටයක් බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ ප්‍රකාශ කර ඇත. වීරසුමන වීරසිංහගේ මේ ප්‍රකාශය යූ ටියුබයෙන් අසන්නට පුළුවන. කොමියුනිස්ට් පක්ෂය මේ වන විට පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන පක්ෂයකි.
මහින්ද රාජපක්ෂ අගමැති වරයා මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සාවද්‍ය ලෙස සමාජගත වී ඇත්නම් එය නිවැරිදි කළ යුත්තේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයයි. එහෙත් දැන් මෙහිදී සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වරයා ඒ රාජකාරිය බාරගැනීමයි. අපි දැන් රාජපක්ෂවරුන් සමග ගනුදෙනුවක් නැත යැයි කියමින් රටෙි ජනතාවට ප්‍රකාශ කෙරුවද තමන් ඩබල් ගේම් කාරයන් බව වීරසුමන වීරසිංහ තහවුරු කර තිබේ. පොදුජන පෙරමුනෙන් ඉවත් වී ස්වාධීන යැයි ඇfÛව්වාට මේ ඔවුන්ගේ ඒ හැර යාම සිතකින් නොවේ යැයි අපට සිතේ.