අද දින ගාලු මුවදොර ජනතා අරගලය විසිරවා හැරීමට මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ නඩය ඉතා සියුම් ආකාරයෙන් හමුදාමය මෙහෙයුම් මුදා හැරීම ආරම්භ කරන ලදී. මෙම හමුදාා මෙහෙයුම් සිඳු කෙරෙන්නේ ජනතාවගේ අවධානයට පිටිනි. ඉතා කුමන්ත්‍රණකාරී ආකාරයට සිද්ධ කරමින් පවතින මේ හමුදා මෙහෙයුම් වල අවසාන අපේක්ෂාව ගාලු මුවදොර අරගලය මහා විනාශයක් කරා ඇදගෙන යාමය.
කමාන්ඩෝ රෙජිමෙන්තුව ලවා අරගල භූමිය තුල රහසිගතව සීඑස් ගෑස් ප්‍රහාරයක් එල්ල කොට එහි ජනතාව විසුරුවා හැරීමට සැළසුමි කෙරුවද එය අනාවරණය වීම නිසා ඒ සැළසුම අත්හිටුවන ලදී. කෙසේවෙතත් එම සැලසුම සකස් කළ ඇවන්ගාඩ් සේනාධිපති අප එම සැළසුම අනාවරණය කිරීමෙන් පසුව විශාල තිගැස්මකට ලක් වූ සැටි අපි වින්දෙමු. ඔහුගේ ප්‍රචාරක බලකාය විවිධ ආකාරයේ ප්‍රකාශන නිකුත් කරමින් අපගේ එම ප්‍රවෘත්තිය සාවද්‍ය බව කියන්නට දැඟලූ අයුරු අපි දුටුවෙමු.
කෙසේවෙතත් ගාලු මුවදොර අරගලය අල කිරීම සඳහා ඇවන්ගාඩි සේනාධිපති මේජර් ජනරාල් සලේ හා හමුදාපති ශවේන්ද්‍ර වැනි මිල්ටෙරි නන්දසේනගේ සමීපතම මෙලේච්ඡයන් බරපතල උත්සාහයක නිරත වෙමින් තිබේ. ලේ පිපාසිතයන් වන මේ සාහසික කණ්ඩායම කොපමණ මිලක් වැය කර හෝ මිල්ටෙරි නන්දසේන ආරක්ෂා කිරීමට කැප වී සිටී. පසුගියදා හදිසියේ විදේශගත වූ ඇවන්ගාඩ් සේනාධිපති ස්විස්ටර්ලන්තයේදී හිටපු එල්ටීටී ක්‍රියාකාරිකයන් හමුවී කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන්ද අපට බරපතල සැකයක් පවතී.
ව්‍යවස්ථනුකූලව සේවා දිගුවක් ලබා ගෙන නැති හමුදාපති ශවෙින්ද්‍ර සිල්වා විසින් හමුදාව වෙත නිකුත් කරන සියළු නියෝග හා උපදෙස් අනීතික බව අපගේ විශ්වාසයයි. එහෙත් කණගාටුවට කාරණය වන්නේ හමුදාපතිවරයා සමාව ගැනීමෙන් පසුව ඔහු ශුද්ධවන්තයකු ලෙස ඔසවා තබන්නට විපක්ෂයේ පෙරලිකාර විප්ලවකාර චරිත දරණ කැත හා අවලම් උත්සාහයයි. හමුදාපතිගේ විපක්ෂ මන්ත්‍රී මස්සිනා සිටින තුරු ඔහු විසින් සිඳු කරන අනීතික ක්‍රියාවන්ද ඇතමුන් සාධාරණීය කරනු ඇති බව ඉන් අපට හැඟී යයි.
අද වන විට ගාලු මුවදොර ජනතා අරගලයට බාධා පැමිණවීම පිණිස එම භූමියට ඇතුළු වන මාර්ග අවහිර කොට යකඩ වැටවල් ඉඳි කරන ලදී. එම යකඩ වැටවල් ඉඳි කලේ ජනතාවට ඇතුළුවීමට පවා නොහැකි ආකාරයෙනි. මෙම යකඩ වැටවල් ඉඳිකොට ඇත්තේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූල ධර්ම හා මූලික යුතුකම් යටතේ වන 27 වන ව්‍යවස්ථාවේ (2) වන උප වගන්තියේ (අ) හි දැක්වෙන සියලු තැනැත්තන්ගේම මූලික අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව නොසලකාය.
එසේම මෙලෙස අනීතිකව මාර්ග බාධක යෙදීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ශීර්ෂය හා කියවෙන 14 ව්‍යවස්ථාව යටතට ගැනෙන භාෂණයේ රැස්වීමේ සමාගමයේ රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස හා සබැඳි (අ) (ආ) (ඇ) (ඊ) (ඌ)යන වගන්තිව ඉතා බරපතල ආකාරයෙන් උල්ලංඝනය කිරීමකි.
එබැවින් මිල්ටෙරි නන්දසේනගේ මේ නිවට වැඩ වලට එරෙහිව වහා අධිකරණ ක්‍රියා මාර්ගයකට එළඹෙන ලෙසට ඒ හා අවධානය දක්වන සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.