මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමෙන්තු අතර බරපතල විරසකයක් නිර්මාණය වෙමින් පවතින බවට අපට අනාවරණය වී තිබේ. එහිදී මේජර් ජනරාල් වරුන් ගනනාවක් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ හැසිරීම පිළිබඳව නොරිස්සුමෙන් සිටී. යුද හමුදාව දේශපාලනීකරණය වී ඇතැයිද සුදුස්සාට සුදුසු තැන නොදී හමුදා ඡ්‍යෙෂ්ඨත්වය පවා නොසලකා හමුදාපති ශවෙින්ද්‍ර සිල්වා හා ඔහුගේ බිරිඳ විසින් ඔවුන්ගේ ගොබිබ හෙංචයියන් රෙජිමෙන්තු පාලනයට පත් කර ඇතැයිද අනාවරණය වේ.හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති තනතුරෙහි අනීතිකව රඳවා ගැනීම නිසා පසුගිය යුද්ධයේදී සටන් භූමියේ වීරෝදාරව සටන් කළ නිළධාරීන්ට පවා හමුදාපති තනතුර නොලැබ විශ්‍රාම යාමට සිදු වී තිබේ. මෑතකදී එලෙස විශ්‍රාම ගිය මේජර් ජනරාල්වරයා වූයේ යුද හමුදා විශේෂ බලකායේ හරේන්ද්‍ර රණසිංහය.මෙම මේජර් ජනරාල් වරයා වත්මන් හමුදාපති වරයා මෙන් මීඩියා වීරයෙක් නොවූවද යුද සටන් බිම සතුරු භූමිය තුළට තුළට ගොස් ත්‍රස්තවාදීන් හා සටන් වැදි නිළධාරියෙකි. වත්මන් හමුදාපති වරයා යුද්ධය පැවැති අවදියේ ජනමාධ්‍ය වේදීන්ට කන්න බොන්න දී වීරත්වය බලයෙන් ලියා ගත් පඟරනැට්ටෙකි. අද සේවයේ නිරත බොහෝ මේජර් ජනරාල්වරු හමුදාපති වරයාගේ මේ වහල් බාවය ගැන කළකිරී සිටී. කෙසේ වෙතත් හමුදාව තුළ පවතින මෙි නොසන්සුන්කාරී වටපිටාව බරපතල බව අපට හැඟී තිබේ. කොමාන්ඩෝ රෙජිමෙන්තුව ජන අරගල භූමියට පරදීමට කළ රහස් සැලසුම පිළිබඳව අප ඇමතූ සිංහ රෙජිමෙන්තුවේ ඡ්‍යෙෂ්ඨතම නිළධාරියකු කීවේ මේ දේශපාලන හමුදා කුක්කන් හදන්නේ ඉල්ලා ගෙන කන්නට බවය. ඒ ප්‍රකාශයේ ඇත්තේ නොසළකා හරින්නට නොහැකි අනතුරු ඇඟවීමක් බව අපට සිතේ.
