ආරක්ෂක ලේකම් කමල් ගුනේ පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයින් යොදා නොගන්නා බවයි.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය මුහුණු පොතෙහි(Facebook), ආරක්ෂක ලේකම්වරයාට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා අමතා තබා තිබූ සටහන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය නිකුත් කර තිබේ.නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී රටේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයින් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලීසිය සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලීසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙන බවය.කෙසේ වෙතත් හමුදා භටයින් යොදාගෙන උද්ඝෝෂණයට පහර දීමට සැලසුම් කරමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වීම නිසා ඒ කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු විය හැකි බැවින් ඒ නිසා මෙවැනි නිවේදනයක් ආරක්ෂක ලේකම්වරයා සිදු කරන්නට ඇතැයි අපට උපකල්පනය කල හැකියි.
