රතුපස්වල/නැදුන්ගමුව ජනතාව රතුපස්වල පිට්ටනියේ උයාගෙන කමින්, එක දිගට දින හයක් පුරා සාමකාමීව උද්ඝෝෂණයක නිරත වෙලා හිටියා.
පොලිසිය මේ ජනතාවට කිසිම ආකාරයකින් බාධාවක් කළේ නෑ.
හයවෙනි දිනයේදී මහින්ද රාජපක්ෂ උද්ඝෝෂකයින්ට සාකච්ඡාවකට ආරාධනා කළා.
හයවෙනි දිනයේ සවස එකට සාකච්ඡාව සඳහා පහළොස් දෙනෙක් රතුපස්වල හන්දියෙන් බස් රථයකින් පිටත් වෙලා ගියා.
සාකච්ඡාව අවසන් වෙලා ටික වේලාවකින්, බලාපොරොත්තු නැති විදිහට එදින හවස වැලිවේරියේ දී සහ බැලුම්මහර දී හමුදාව යොදවා උද්ඝෝෂකයින්ට පන්න පන්නා පහර දුන්නා.
වැලිවේරියේ දී කීප දෙනෙකුට වෙඩි තිබ්බා.