පසුගියදා මෙරටින් රහසේ පිට වී ගිය ඇවන්ගාඩි සේනාධිපති නැවත මෙරටට පැමිණ ඇති බවට සැකයක් මතු වී තිබේ .ඒ ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාල අංඟනයේ හමුදා ඛන්ඩයක් සමග ඔහු හා සමාන තැනැත්තකු ඇවිදින දර්ශනයක් ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති නිසාය. මෙම දර්ශනය තුළ සිටින ඇවන්ගාඩි සේනාධිපති හා සමාන පුද්ගලයා එම හමුදා ඛන්ඩයේ අණ දෙන්නා ලෙස දැක ගත හැකිය.මෙහි සිටින්නේ ඇවන්ගාඩි සේනාධිපති නම් පෞද්ගලික ආරක්ෂක සේවාවක හිමි කරුවකු මෙරට රජයේ ආරක්ෂක හමුදාවට අණ දීමට තරමට බලසමිපන්න වීම ඛේදජනක හා අනතුරුදායක වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බවට ඉතා හොඳ සාක්ෂියකි.තවදුරටත් මවුබිමට ආදරය කරන ආරක්ෂක හමුදා නිළධාරීන් මෙම ජාත්‍යන්තර ජාවාරම්කාර ත්‍රස්තවාදියාගේ හමුදා මැදිහත් වීම සම්බන්ධයෙන් වහා විරෝධතාව ප්‍රකාශ කළ යුතුය.කමාන්ඩෝ රෙජිමෙන්තුවෙි මේජර්වරයකුව සේවය කොට යුද්ධය පවතින විට පරාණ බයට ඉල්ලා අස් වී ඇති මොහු දන්නේ තක්කඩි නොසන්ඩාල වැඩ කරන්නට විතරමය. තක්කඩි කමෙන් උපයා ගත් මහ ධනස්කන්දය යොදවා කෝන්ත්‍රාත් ක්‍රමයට මනුෂ්‍ය ඝාතන කරන්නටය. දැන් මෙි ජාවරමිකාරයා හදන්නේ ජනතාව මහා රුධිර ගංඟාවක ගිල් වීමටය.මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා නීතිඥයන් ඉතා ඉක්මනින් මේ ජාවරම්කාරයාගේ මිල්ටෙරි මැදිහත් වීම නැවැත්වීමට මැදිහත් විය යුතුය. නැතිනම් මොහු හනුමා මෙන් රට ගිණි තබා විනාශ කරන එක ස්ථිරය.
